ගීතාවලිය 79:1-13

ආසාෆ් රචනා කළ ගීතයකි. 79  දෙවියනි, ජාතීහු ඔබේ උරුමය පැහැරගත්තෝය.+ඔබේ ශුද්ධ මාලිගාව කෙලෙසා,+යෙරුසලම නටබුන් ගොඩක් කළෝය.+   ඔවුහු ඔබේ සේවකයන්ගේ මළ කඳන් අහසේ කුරුල්ලන්ටද+ඔබට පක්ෂපාතී අයගේ මාංස වනසතුන්ටද බොජුනක් ලෙස දුන්නෝය.+   වතුර වත් කරන්නාක් මෙන් ඔවුහු යෙරුසලම පුරා ඔවුන්ගේ ලේ වැගුරුවෝය.ඔවුන්ව වළලා දැමීමට කිසිවෙක් නොසිටියේය.+   අපේ අසල්වාසීන් ඉදිරියේ අපි නින්දාවට පත් වුණෙමු.+අන් අය ඉදිරියේ අපි විහිළුවටද සමච්චලයටද ලක් වුණෙමු.+   යෙහෝවා දෙවියනි, ඔබ සදහටම අප සමඟ උදහස්ව සිටින්නෙහිද?+තව කොපමණ කාලයක් ඔබේ කෝපය ගින්නක් සේ අපට විරුද්ධව ඇවිළෙයිද?+   ඔබව හඳුනාගැනීමට අකමැති වූ ජාතීන් කෙරෙහිද+ඔබේ නාමය කියා කන්නලව් නොකළ රාජ්‍යයන් කෙරෙහිද ඔබේ උදහස වගුරුවන්න.+   ඔවුහු යාකොබ්ව ගිල දැමුවෝය.+ඔහුගේ වාසස්ථානය පාළු කර දැමුවෝය.+   දෙවියනි, අපේ මුතුන්මිත්තන් කළ වැරදිවලට අපට දඬුවම් නොකරන්න.+විගස අපට දයාව පෙන්වන්න.+මන්ද අපි හෙම්බත්ව සිටින්නෙමු.+   අපට ගැලවීම ලබා දෙන දෙවියනි,+ඔබේ නාමය ගෞරවයට පත් වන පිණිස අපට උපකාර කරන්න.+ඔබේ නාමය වෙනුවෙන් අපව ගලවාගන්න. අපේ පව්වලට සමාව දෙන්න.+ 10  “ඔවුන්ගේ දෙවියන් කොහේද” කියා අසන්න ඔබ ජාතීන්ට ඉඩ දෙන්නේ ඇයි?+ඔබේ සේවකයන්ගේ ලේ වෙනුවෙන් ඔබ යුක්තිය ඉටු කරන බව+අප ඉදිරිපිටම ජාතීන්ට දැනගැනීමට සලස්වන්න.+ 11  සිරකරුවාගේ කෙඳිරීම් හඬට සවන් දෙන්න.+මරණයට නියම වූ අයව ඔබේ මහත් බලයෙන් ගලවාගන්න.+ 12  යෙහෝවා දෙවියනි, අපේ අසල්වාසීන් ඔබට කළ නින්දාව+හත් ගුණයකින් වැඩි කර එය ඔවුන් පිටටම* ගෙනෙන්න.+ 13  ඔබේ සෙනඟද ඔබේ තණබිමේ බැටළු රැළද වන අපි,+සදාකාලයටම ඔබට ස්තුති කරන්නෙමු.පරම්පරාවෙන් පරම්පරාවට ඔබට ප්‍රශංසා කරන්නෙමු.+

පාදසටහන්

මූ.අ., “ඔවුන්ගේ ළයටම.”