ගීතාවලිය 78:1-72

මස්කිල්. ආසාෆ් රචනා කළ ගීතයකි.+ 78  මාගේ ජනයෙනි, මාගේ නීතියට ඇහුම්කන් දෙන්න.+මා පවසන දේට සවන් දෙන්න.+   ඔබ හොඳින් දන්නා දෙයක් මම ඔබට කියන්නෙමි.+අතීතයේ සිට අපැහැදිලිව තිබූ ගැඹුරු කාරණා මම එළිදරව් කරන්නෙමි.+   ඒවා අප අසා ඇති, හොඳින් දන්නා කාරණාය.+අපේ පියවරුන් ඒවා අපට පවසා තිබේ.+   අපි ඒවා අපේ පුත්‍රයන්ගෙන්ද නොසඟවා,+මතු පරම්පරාවට කියා දෙන්නෙමු.+යෙහෝවා දෙවිගේ ශ්‍රේෂ්ඨ ක්‍රියා ගැනත් ඔහුගේ ශක්තිය ගැනත්+ඔහු කර ඇති පුදුමාකාර දේවල් ගැනත් අපි ඔවුන්ට පවසන්නෙමු.+   ඔහු යාකොබ්ට සිහිගැන්වීම් ලබා දුන්නේය.+ඊශ්‍රායෙල්ට නීතිය ලබා දුන්නේය.+ඒවා තමන්ගේ පුත්‍රයන්ට දන්වන ලෙස+ඔහු අපේ මුතුන්මිත්තන්ට අණ කළේය.+   එසේ කළේ, මතු පරම්පරාව ඒවා දැනගෙන+ඔවුන්ද ඔවුන්ගේ දරුවන්ට ඒවා කියා දෙන පිණිසය.+   ඔවුහු දෙවි කෙරෙහි විශ්වාසය තබන පිණිසය.+දෙවිගේ ක්‍රියා අමතක නොකර+ ඔහුගේ ආඥා පිළිපදින පිණිසය.+   ඔවුහු තමන්ගේ මුතුන්මිත්තන් මෙන් ක්‍රියා නොකරන පිණිසය.+ඔවුන්ගේ මුතුන්මිත්තන් මුරණ්ඩු, කැරලිකාර පරම්පරාවකි.+මුළු සිතින්ම දෙවිට විශ්වාසවන්තව සිටීමට+අදිටන් කර නොගත් පරම්පරාවකි.+   එෆ්‍රායිම්ගේ පුත්‍රයෝ දුනු ඊතල ඇතුව සිටියත්+සටන් කරන දවසේදී පසුබැස්සෝය.+ 10  ඔවුහු දෙවිගේ ගිවිසුම රක්ෂා නොකළෝය.+ඔහුගේ නීතියට අනුව ජීවත් නොවුණෝය.+ 11  දෙවි ක්‍රියා කළ ආකාරයදඔවුන්ගේ දෙනෙත් ඉදිරිපිටම දෙවි කළ පුදුමාකාර ක්‍රියාද+ ඔවුහු අමතක කළෝය.+ 12  ඊජිප්තු දේශයේදී+ එනම්, ෂොවන් භූමියේදී+ඔවුන්ගේ මුතුන්මිත්තන් ඉදිරිපිටම ඔහු පුදුම දනවන දේ කළේය.+ 13  ඔවුන්ට මුහුද මැදින් ගමන් කිරීමට හැකි වන පිණිස මුහුද දෙබෑ කළේය.+මහා ජල කඳ පවුරක් මෙන් නොසෙල්වී සිටින්නට සැලැස්වූවේය.+ 14  ඔහු දහවල් කාලයේදී වලාකුළක් මාර්ගයෙන්ද+රාත්‍රි කාලයේදී ගිනි ජාලාවක් මාර්ගයෙන්ද ඔවුන්ට මඟ පෙන්වූවේය.+ 15  ඔහු පාළුකරයේ පර්වත දෙබෑ කර මහා ජල කන්දරාවක් එයින් ගලා ඒමට සැලැස්වූවේය.+ඔවුන්ට ඇති තරම් බීමට අවශ්‍ය ජලය ලබා දුන්නේය.+ 16  ගලා එන ඇල පාරක් සේ ඔහු පර්වතයකින් ජලය ගලා ඒමට සැලැස්වූවේය.+ගංගාවක දිය ගලා එන්නා සේ එයින් ජලය නික්මෙන්න සැලැස්වූවේය.+ 17  මහෝත්තම දෙවි ඒ සියල්ල කළත් ඔවුහු පාළුකරයේදී ඔහුට විරුද්ධව කැරලිගසා+තව තවත් පව් කළෝය.+ 18  ඔවුහු කෑදර ලෙස කෑම ඉල්ලමින්,+දෙවි ඔවුන් වෙනුවෙන් මැදිහත් වී ක්‍රියා කරයිද නැද්ද කියා පරීක්ෂා කළෝය.+ 19  ඔවුහු දෙවිට විරුද්ධව කතා කළෝය.+“මේ පාළුකරයේ අපට අවශ්‍ය කරන කෑම ලබා දෙන්න දෙවිට පුළුවන්ද” කියා ඇසුවෝය.+ 20  නමුත් බලන්න! ඔහු පර්වතයකට ගැසුවේය.+එවිට වතුර ගලා ආවේය. මහා ජල කඳක් පිටතට ආවේය.+නමුත් ඔවුහු මෙසේ ඇසුවෝය. “අපට අවශ්‍ය කෑම ලබා දෙන්නවත්+ඔහුගේ සෙනඟව පෝෂණය කරන්නවත් ඔහුට පුළුවන්ද?”+ 21  එය අසා යෙහෝවා දෙවි බොහෝ සෙයින් උදහස් වුණේය.+යාකොබ්ට විරුද්ධව ගිනිදැල් ඇවුළුණේය.+ඊශ්‍රායෙල්ට විරුද්ධව ඔහුගේ උදහස වැගුරුවේය.+ 22  මන්ද ඔවුහු ඔහු කෙරෙහි විශ්වාසය තැබුවේ නැත.+ඔහු ගැලවීම ලබා දෙන බව විශ්වාස කළේ නැත.+ 23  වලාකුළින් පිරුණු අහසට ඔහු අණ කළේය.එවිට අහසේ කවුළු ඇරුණේය.+ 24  කෑම පිණිස මන්නා වර්ෂාවක් ඇද හැළීමට සැලැස්වූවේය.+ස්වර්ගයෙන් ධාන්‍ය සපයා දුන්නේය.+ 25  ඔවුහු බලවන්තයන්ගේ*+ කෑම කෑවෝය.ඇති තරම් ආහාර ඔහු ඔවුන්ට සපයා දුන්නේය.+ 26  ඔහු පෙරදිගින් තද සුළඟක් හමා ඒමට සැලැස්වූවේය.+තමා සතු බලයෙන් දකුණු දෙසින් හැමූ සුළඟද මෙහෙයවූවේය.+ 27  වර්ෂාවක් සේ අහසින් කෑම වැටීමට සැලැස්වූවේය. ඒවා වැලි කැට මෙන් බහුලව තිබුණේය.+කුරුල්ලන් විශාල ප්‍රමාණයක්ද ඔවුන්ට ආහාර ලෙස දුන්නේය. උන් මුහුදේ වැලි මෙන් බහුලව සිටියෝය.+ 28  ඔහු තම කූඩාරම+ අවටඑනම්, තම සෙනඟගේ කඳවුර දෙසට උන්ව ගසාගෙන ඒමට සැලැස්වූවේය.+ 29  දෙවි ඔවුන්ගේ ආශාවන් පිනෙව්වේය.+ඔවුහු කෑදර ලෙස බඩ කට පුරවාගත්තෝය.+ 30  නමුත් කෑමට තිබූ ඔවුන්ගේ ලොල්කම තව තවත් වැඩි වුණේය.ඔවුන්ගේ මුවේ කෑම තිබියදීම+ 31  දෙවි ඔවුන් සමඟ උදහස් වී ඔවුන්ට පහර දුන්නේය.+ඊශ්‍රායෙල් සෙනඟ අතරේ සිටි ශක්තිසම්පන්න අයව මරා දැමුවේය.+තරුණයෝද මැරී වැටුණෝය. 32  මේ සෑම දෙයක්ම දැක දැකත් ඔවුහු දිගින් දිගටම පව් කළෝය.+ඔහු කළ පුදුමාකාර දේවල් කෙරෙහි ඔවුහු විශ්වාසය තැබුවේ නැත.+ 33  එබැවින් ගසාගෙන යන සුළඟක් මෙන් ඔවුන්ගේ ජීවිත අවසන් වී යෑමට ඔහු සැලැස්වූවේය.+ඔවුන්ගේ දිවි බියෙන් ගෙවී ගියේය. 34  ඔහු ඔවුන්ට පහර දුන් සෑම අවස්ථාවකදීම ඔවුහු ඔහුගේ උපකාර පැතුවෝය.+දෙවි වෙතට හැරී ඔහුගේ මඟ පෙන්වීම් පැතුවෝය.+ 35  මහෝත්තම දෙවි ඔවුන්ගේ පර්වතය බව ඔවුන්ට සිහි විය.+ගැලවීම සලසා දෙන තැනැත්තා ඔහු බව ඔවුන්ට මතක් විය.+ 36  නමුත් ඔවුහු තම වදන්වලින් ඔහුව රැවටීමට උත්සාහ කළෝය.+ඔහුට බොරු කීවෝය.+ 37  ඔවුහු මුළු හදවතින්ම ඔහුට විශ්වාසවන්තව සිටියේ නැත.+ඔහු සමඟ කළ ගිවිසුම ඔවුහු කඩ කළෝය.+ 38  නමුත් ඔහු ඔවුන්ට දයාව පෙන්වූවේය.+ ඔවුන්ගේ වරදට සමාව දී+ ඔවුන්ව විනාශ නොකළේය.+බොහෝ අවස්ථාවලදී ඔහු ඔවුන්ට විරුද්ධව තම උදහස ප්‍රකාශ නොකළේය.+ඔහු තමා තුළ ඇති වූ මහත් උදහස මැඩපවත්වාගත්තේය. 39  මන්ද ඔවුන් දූවිලි බවද+අවසන් හුස්ම හෙළූ පසු ඔවුන්ට කිසිවක් කරකියාගත නොහැකි බවද ඔහු සිහි කළේය.+ 40  නමුත් ඔවුන් පාළුකරයේදී කොපමණ වාර ගණනක් ඔහුට විරුද්ධව කැරලිගැසුවාද!+කාන්තාරයේදී කොපමණ සැරයක් ඔහුගේ සිත රිදෙව්වාද!+ 41  ඔවුහු දිගින් දිගටම දෙවිගේ ඉවසීම පරීක්ෂාවට ලක් කළෝය.+ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන්ගේ සිතට වේදනා ඇති කළෝය.+ 42  ඔහු ඔවුන්ව සතුරාගෙන් ගලවාගත් ආකාරය ඔවුන්ට සිහි නොවීය.+ඔවුන් වෙනුවෙන් ඔහු තම බලය යොදාගෙන ක්‍රියා කළ හැටි ඔවුහු අමතක කළෝය.+ 43  ඔහු ඊජිප්තු දේශයේ කළ බලවත් ක්‍රියා+එනම්, ෂොවන් භූමියේ කළ ආශ්චර්යයන් ඔවුන්ගේ මතකයෙන් මැකී ගියේය.+ 44  ඔහු නයිල් ගඟේ සියලු අතු ගංගා ලේ දහරා බවට පත් කරමින්+ඊජිප්තු වැසියන්ව පිපාසයෙන් තැබුවේය.+ 45  ලේ උරා බොන ගඩු මැස්සන්ව එවා ඔවුන්ට හිරිහැර කළේය.+මැඩි වසංගතයකින් ඔවුන්ව නැති නාස්ති කළේය.+ 46  කැරපොත්තන් එවා ඔවුන්ගේ පලදාව විනාශ කළේය.ඔවුන් වෙහෙස මහන්සියෙන් සකසාගත් වගාබිම් පළඟැටියන්ට භාර කළේය.+ 47  ඔහු හිම කැට වර්ෂාවක් එවා+ ඔවුන්ගේ මිදිවැල්දසිකමෝ ගස්ද විනාශ කර දැමුවේය.+ 48  එම හිම කැට වර්ෂාවෙන් ඔවුන්ගේ සතුන්වද විනාශ කර දැමුවේය.+ඔවුන්ගේ එළු බැටළු රැළවල් වසංගතයකට ගොදුරු කළේය. 49  ඔහු දැවෙන උදහසකින් ඔවුන්ට පහර දුන්නේය.+ඔහුගේ කෝපය ඔවුන් පිට වගුරුවමින් ඔවුන්ව ප්‍රතික්ෂේප කළේය.+දේවදූත සේනාවන් එවා ඔවුන් පිටට විපත්ති ගෙනාවේය.+ 50  ඔහු තම කෝපය ඔවුන් පිටට වත් කිරීමට පියවර ගත්තේය.+ඔවුන්ව වසංගතයකට ගොදුරු කළේය.ඔවුන්ව මරණයෙන් මුදා නොගත්තේය.+ 51  අවසානයේදී ඔහු ඊජිප්තුවේ සියලු කුලුඳුලන්ට පහර දුන්නේය.+හාම් දේශයේ කූඩාරම්වල සිටි කුලුඳුලන්ව විනාශ කළේය.+ 52  ඔහු තම සෙනඟව බැටළු රැළක් මෙන් පිටතට ගෙනාවේය.+පාළුකරයේදී බැටළු රැළකට මඟ පෙන්වන්නාක් මෙන් ඔවුන්ට මඟ පෙන්වූවේය.+ 53  ඔහු ඔවුන්ව සුරක්ෂිතව ගෙන ගියේය. ඔවුන්ට කිසි භීතියක් නොදැනුණේය.+මහ මුහුද ඔවුන්ගේ සතුරන්ව ගිලගත්තේය.+ 54  ඔහු ඔවුන්ව තම ශුද්ධ දේශයට+එනම්, තම දකුණතින් අත් කරගත් මේ කඳුකර දේශයට ගෙනාවේය.+ 55  ඔවුන්ගේ ඇස් පනාපිටම දේශයේ විසූ ජනයාව ඔහු ක්‍රමක්‍රමයෙන් ඉවත් කළේය.+ඔහු ඉඩම් මැන ඔවුන්ට උරුමයක් වශයෙන් ඒවා බෙදා දුන්නේය.+ඔහු සෑම ඊශ්‍රායෙල් ගෝත්‍රයකටම ඉඩමක් බැගින් දුන්නේය.+ 56  නමුත් ඔවුහු මහෝත්තම දෙවිගේ ඉවසීම නැවතත් පරීක්ෂාවට ලක් කරමින් ඔහුට විරුද්ධව කැරලිගැසුවෝය.+ඔහුගේ සිහිගැන්වීම්වලට කීකරු නොවුණෝය.+ 57  ඔවුහු නැවත නැවතත් දෙවිව අත්හැර ඔවුන්ගේ මුතුන්මිත්තන් මෙන් ඔහුට ද්‍රෝහි වුණෝය.+ඔවුහු, ලණුව ළිහිල් වූ දුන්නක් මෙන් කිසිම විශ්වාසයක් තැබිය නොහැකි සෙනඟක් බවට පත් වූවෝය.+ 58  ඔවුහු පූජනීය ස්ථාන ගොඩනඟා ඔහුව උදහසට පත් කළෝය.+නමස්කාරය සඳහා පිළිම සාදා ඔහුව කුපිත කළෝය.+ 59  ඒවා දුටු දෙවි+ උදහස් වී+මුළු ඊශ්‍රායෙල් ජාතියම හෙළාදැක්කේය.+ 60  අවසානයේදී ඔහු, මනුෂ්‍යයන් අතරේ වාසය කරන පිණිස+ෂීලෝහි පිහිටෙවූ ශුද්ධ කූඩාරමද අත්හැරියේය.+ 61  තම ශක්තිය හා අලංකාරය නියෝජනය කළ+ ගිවිසුම් පෙට්ටිය පැහැරගෙන යෑමටඔහු සතුරන්ට ඉඩහැරියේය.+ 62  තම සෙනඟට කඩුවෙන් පහර කෑමට ඉඩහැරියේය.+තම උරුමය ලෙස සැලකූ සෙනඟ සමඟ උදහස් වුණේය.+ 63  තරුණයෝ ගින්නෙන් විනාශ වී ගියෝය.තරුණියන්ට තම විවාහ ගී ඇසීමට නොලැබුණේය.+ 64  පූජකයෝ පවා කඩුවෙන් පහර කෑවෝය.+නමුත් ඔවුන්ගේ වැන්දඹුවෝ කඳුළු සැලුවේ නැත.+ 65  යෙහෝවා දෙවි, නින්දකින් අවදි වන්නාක් මෙන් පිබිදුණේය.+වයින්වලින් මත් වූ බලවන්තයෙක් නැවත පියවි සිහියට පැමිණෙන්නාක් මෙන් ඔහු අවදි වුණේය.+ 66  ඔහු තම සතුරන් පසුපස හඹා ගොස් ඔවුන්ට පහර දුන්නේය.+ඔවුන්ව සදහටම ලැජ්ජාවට පත් කළේය.+ 67  ඔහු යෝසෙප්ගෙන් පැවතෙන්නන්ව ප්‍රතික්ෂේප කළේය.+එෆ්‍රායිම් ගෝත්‍රය තෝරා නොගත්තේය.+ 68  නමුත් ඔහු යූදා ගෝත්‍රය තෝරාගත්තේය.+තමා මහත් සේ ප්‍රිය කළ සියොන් කන්ද තෝරාගත්තේය.+ 69  ඔහු උස් ස්ථානයක තම ශුද්ධස්ථානය පිහිටෙව්වේය.+සදහටම පවතින ලෙස තමා සෑදූ පොළොව මෙන් එයද ගොඩනැඟුවේය.+ 70  ඔහු තම සේවක දාවිත්ව තෝරාගත්තේය.+බැටළු රැළ බලාගනිමින් සිටි ඔහුව කැඳවාගත්තේය.+ 71  යාකොබ්ව රැකබලා ගැනීමට+එසේය, තම උරුමය වූ ඊශ්‍රායෙල්ට උපකාර කිරීමට+කිරි දෙන බැටළුදෙනුන් බලාගත් ඔහුව කැඳවාගත්තේය.+ 72  ඔහු අවංක හදවතින් ඔවුන්ව රැකබලා ගත්තේය.+ප්‍රඥාවන්තව ඔවුන්ට මඟ පෙන්වූවේය.+

පාදසටහන්

හෝ, “දේවදූතයන්ගේ.”