ගීතාවලිය 77:1-20

යෙදූතුන් සංගීත අධ්‍යක්ෂක වෙතය. ආසාෆ්+ රචනා කළ ගීතයකි. 77  මම ශබ්ද නඟා දෙවිට හඬගසන්නෙමි.+ඔහු මට සවන් දෙන්නේය.+   මම දුක් කරදරවලට මුහුණ දෙන විට යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පැතුවෙමි.+මුළු රාත්‍රිය පුරාම මාගේ දෑත් දෙවි වෙතට දිගු කළෙමි.නමුත් මා තුළ කිසි සැනසිල්ලක් නැත.+   මම දෙවිව සිහි කරමි. මාගේ හදවත වේදනාවෙන් කෑ මොර ගසයි.+විඩාවට පත් වන තරමටම මම කල්පනා කරමි.+ සීලාහ්.   ඔබ මාගෙන් නින්ද වැළැක්වූවෙහිය.+කතා කිරීමටවත් නොහැකි තරමට මම කැලඹී සිටිමි.+   අතීත දවස් ගැන මම කල්පනා කරමි.+ඈත අතීතය ගැන සිහි කරමි.   රාත්‍රියේදී මම තත් භාණ්ඩ වාදනය කළ හැටි සිහි කරමි.+මම ගැඹුරින් කල්පනා කරමි.+මේ දේවල් ගැන හොඳින් සිතා බලමි.   යෙහෝවා දෙවි සදහටම අපව අත්හැර දමයිද?+නැවත ඔහුව සතුටු කිරීමට අපට හැකි වෙයිද?+   ඔහු නැවත කිසිදාක අපට ඔහුගේ මහත් ප්‍රේමය* පෙන්වන්නේ නැද්ද?+ඔහුගේ පොරොන්දු සදහටම නිෂ්ඵල වී යයිද?+   කරුණාව දක්වන්න දෙවිට අමතක වී ඇද්ද?+ඔහු උදහස් වී දයාව නොපෙන්වා සිටින්නේද?+ සීලාහ්. 10  මම මෙසේ කීවෙමි. “මහෝත්තම දෙවි අපට තවදුරටත් උපකාර නොකරන නිසා+මට දරාගත නොහැකි මහත් වේදනාවක් දැනෙන්නේය.”+ 11  මම යෙහෝවා දෙවිගේ ක්‍රියා සිහි කරමි.+පුරාණයේ සිට ඔහු කළ පුදුමාකාර ක්‍රියා මතක් කරමි.+ 12  දෙවියනි, ඔබේ සියලු ක්‍රියා ගැන මම ගැඹුරින් කල්පනා කරමි.+ඔබ කළ දේවල් ගැන සිතා බලමි.+ 13  ඔබ ක්‍රියා කරන ආකාරය ගැන දැනගත හැක්කේ ශුද්ධස්ථානයේදීය.+දෙවියනි, ඔබට වඩා ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් තවත් සිටීද!+ 14  පුදුම දනවන දේ කරන සැබෑ දෙවි ඔබය.+ඔබේ ශක්තිය ජනයා අතරේ ඔබ පෙන්වා ඇත.+ 15  ඔබේ සෙනඟ වූ යාකොබ්ගේ පුත්‍රයන්වද යෝසෙප්ගේ පුත්‍රයන්වදඔබ ඔබේ හස්තයෙන් මුදවාගත්තෙහිය.+ සීලාහ්. 16  දෙවියනි, ජල ධාරාවෝ ඔබව දැකමහත් වේදනාවට පත් වූවෝය.+ගැඹුරු ජලයද කැලඹුණේය.+ 17  ගිගුරුම් දෙමින් වලාකුළුවලින් ජලය ඇද හැළුණේය.+වලාකුළින් බර වූ අහස ශබ්ද නැඟුවේය.අහසින් නික්මුණු අකුණු සැර ඊතල* මෙන් විහිදී ගියේය.+ 18  ඔබේ ගිගුරුම් හඬ යුධ රථවල හඬ මෙනි.+විදුලි කෙටීම් නිසා මුළු පොළොවම ආලෝකවත් විය.+පොළොව කැලඹී දෙදරුම් කෑවේය.+ 19  ඔබ මුහුද හරහා ගමන් කළෙහිය.+ජල ධාරාවන් හරහා ඔබේ ගමන් මඟ වැටී තිබිණ.ඔබේ පා සටහන් කිසිවෙකුට සොයාගත නොහැකි විය. 20  බැටළු රැළකට මඟ පෙන්වන්නාක් මෙන්+ඔබ මෝසෙස් සහ ආරොන් මාර්ගයෙන් ඔබේ සෙනඟට මඟ පෙන්වුවෙහිය.+

පාදසටහන්

හෝ, “ළැදි ප්‍රේමය.”
මූ.අ., “ඔබේ ඊතල.”