ගීතාවලිය 76:1-12

සංගීත අධ්‍යක්ෂක වෙතය. තත් භාණ්ඩ වාදනය කරමින් ගායනා කිරීම සඳහාය. ආසාෆ්+ රචනා කළ ගීතයකි. 76  යූදාහි වැසියෝ දෙවිව හඳුනති.+ඔහුගේ නාමය ඊශ්‍රායෙල්හි ප්‍රසිද්ධ වී ඇත.+   ඔහුගේ ගෘහය සාලම්හි තිබේ.+ඔහුගේ වාසස්ථානය සියොන්හි තිබේ.+   එහිදී ඔහු ගිනිමය ඊතලද+පලිහද කඩුවද අනිකුත් යුද්ධායුධද කඩා දැමුවේය.+ සීලාහ්.   දෙවියනි, ඔබ ආලෝකයෙන් වට වී සිටින්නෙහිය. රුදුරු වනමෘගයන් සැරිසරන කඳුවලටත් වඩා ඔබ තේජාන්විතය.+   බලවන්තයන්ව පවා කොල්ල කනු ලැබුවෝය.+ඔවුහු නිදිකිරා වැටුණෝය.+එරෙහි වී නැඟී සිටීමට තරම් ශක්තියක් එඩිතර කිසිවෙකුට නොවීය.+   යාකොබ්ගේ දෙවියනි, ඔබ දුන් දඬුවම නිසා අශ්වයාද අශ්ව රථ පදවන්නාද තද නින්දකට වැටුණෝය.+   ඔබ ගරුබිය දනවන දෙවි කෙනෙකි.+ඔබේ දැවෙන උදහසට විරුද්ධව නැඟී සිටිය හැක්කේ කාටද?+   ඔබ දුන් තීන්දුව ස්වර්ගයේ සිට ඇසීමට සැලැස්වුවෙහිය.+පොළොව බිය වී නිහඬ වුණේය.+   පොළොවේ සිටින නිහතමානී සියල්ලන්ව බේරාගන්නා පිණිස+ඔබ නැඟී සිටියෙහිය.+ සීලාහ්. 10  මිනිසුන් කොතරම් උදහසකින් කටයුතු කළත් අවසානයේදී එයින් ඔබට ප්‍රශංසාව ලැබෙන්නේය.+ඔවුන් කෝපය පිට කරන අවසන් මොහොත පවා ඔබ ඔබේ ගෞරවයට හරවාගන්නෙහිය. 11  යෙහෝවා දෙවි වටා සිටින සියල්ලෙනි, ඔහුට දුන් පොරොන්දු ඉටු කරන්න.+ගරුබියෙන් යුතුව ඔහු වෙතට තෑගි ගෙනෙන්න.+ 12  ඔහු නායකයන්ගේ අහංකාරකම නිවා දමන්නේය.+පොළොවේ රජවරුන්ට ඔහු කෙරෙහි මහත් බියක් ඇති වන්නේය.+

පාදසටහන්