ගීතාවලිය 74:1-23

මස්කිල්. ආසාෆ් රචනා කළ ගීතයකි.+ 74  දෙවියනි, ඔබ සදහටම අපව අත්හැර දැමුවේ මන්ද?+ඔබේ තණබිමේ සිටි බැටළු රැළ සමඟ උදහසින් සිටින්නේ මන්ද?+   බොහෝ කලකට පෙර ඔබ අයිති කරගත් ඔබේ සෙනඟව සිහි කරන්න.+ඔබේ උරුමය ලෙස ඔබ බේරාගත් ගෝත්‍රය සිහි කරන්න.+ඔබ වාසය කළ මේ සියොන් කන්ද සිහි කරන්න.+   කාලයක් පුරා නටබුන්ව තිබූ තැන්වලට ඔබේ දෙපා තබන්න.+ශුද්ධස්ථානයේ තිබූ සියලු දේ සතුරා නැති නාස්ති කළේය.+   ඔබට නමස්කාර කරන ස්ථානයේ සිට ඔබේ විරුද්ධවාදීහු ගර්ජනා කළෝය.+ඔවුහු තම හමුදාවන්ට වෙන් වූ ලාංඡන එසෙව්වෝය.+   පොරෝ යොදාගෙන ගන කැලෑ එළි කරන්නන් ලෙස ඔවුහු ප්‍රසිද්ධය.   ඔවුහු පොරෝවලින් සහ යකඩ ආයුධවලින් ශුද්ධස්ථානයේ ඇති කැටයම් මුළුමනින්ම කඩා දැමුවෝය.+   ඔබේ ශුද්ධස්ථානය ගිනිබත් කළෝය.+ඔබේ නාමය දරන ශුද්ධ කූඩාරම බිම හෙළා කෙලෙසා දැමුවෝය.+   ඔවුහුද ඔවුන්ගේ දරුවෝද මෙසේ කීවෝය.“දෙවිට නමස්කාර කරන ස්ථාන සියල්ල අප ගිනිබත් කර ඒවා දේශයෙන් ඉවත් කළ යුතුය.”+   අපේ ලකුණු අපි නොදුටුවෙමු. තවදුරටත් අනාගතවක්තෘ කෙනෙක් දේශයේ නැත.+තව කොතරම් කාලයක් මේ තත්වය පවතීද කියා අපෙන් කිසිවෙක් දන්නේ නැත. 10  අනේ දෙවියනි, තව කොපමණ කාලයක් ඔබේ විරුද්ධකරු ඔබට මෙසේ නින්දා කරනු ඇද්ද?+ඔබේ නාමයට අගෞරව කිරීමට ඔබ සදහටම සතුරාට ඉඩහරින්නෙහිද?+ 11  ඔබ ඔබේ දකුණත දිගු කර කිසිවක් නොකරන්නේ මන්ද?+ඔබ ඔබේ හස්තය දිගු නොකර සිටියොත් අපි සම්පූර්ණයෙන්ම විනාශ වී යනු ඇත. 12  පුරාණයේ සිටම මාගේ රජු දෙවිය.+ශ්‍රේෂ්ඨ ගැලවීමක් සලසා දෙන එකම තැනැත්තා ඔහුය.+ 13  දෙවියනි, ඔබේ ශක්තියෙන් ඔබ මුහුද කැලඹුවෙහිය.+මුහුදේ සැරිසරන දැවැන්තයන්ගේ හිස් පොඩි කර දැමුවෙහිය.+ 14  ලෙවීයාතන්ගේ හිස* ඔබ කැබලි කළෙහිය.+ඔබ ඒවා කාන්තාරවල වැසියන්ට ආහාර ලෙස දුන්නෙහිය.+ 15  පර්වත දෙබෑ කර දිය උල්පත් මතු කළේ ඔබය.+ගලා යන ගංගා සිඳී යෑමට සැලැස්වූවේද ඔබය.+ 16  දිවා කාලයේද රාත්‍රියේද අයිතිය ඔබටය.+ආලෝක වස්තුවක් වන සූර්යයා සෑදුවේ ඔබය.+ 17  පොළොවේ සීමා නියම කළේ ඔබය.+ගිම්හාන කාලයද ශීත කාලයද ඇති කළේ ඔබය.+ 18  යෙහෝවා දෙවියනි, සතුරා ඔබට නින්දා කළ බව අමතක නොකරන්න.+අඥාන සෙනඟක් ඔබේ නාමය කෙලෙසූ බවද අමතක නොකරන්න.+ 19  ඔබේ කොබෙයියාගේ ජීවිතය වනමෘගයෙකුගේ ගොදුරක් වීමට ඉඩ නොදෙන්න.+පීඩා විඳින ඔබේ සෙනඟගේ ජීවිත සදහටම අමතක කර නොදමන්න.+ 20  අප සමඟ ඇති කරගත් ගිවිසුම සිහි කරන්න.+පොළොවේ අඳුරු තැන් සැහැසික ක්‍රියාවලින් පිරී ඇත.+ 21  පීඩිතයා සදහටම ලැජ්ජාවට පත් නොවේවා!+අසරණයාද දිලින්දාද ඔබේ නාමයට ප්‍රශංසා කරනු ලැබේවා!+ 22  දෙවියනි, අඥානයා දවස පුරා ඔබට කරන නින්දාව සිහි කරන්න.+දැන් නැඟී සිට ඔබ වෙනුවෙන් කතා කරන්න.+ 23  ඔබට විරුද්ධව නැඟී සිටින්නන්ගේ හඬ අහස දක්වාම නඟින්නේය.+ඔබේ විරුද්ධවාදීන් ඔබට විරුද්ධව දිගින් දිගටම නඟන හඬ මතකයේ තබාගන්න.+

පාදසටහන්

මූ.අ., “හිස්.”