ගීතාවලිය 73:1-28

ආසාෆ් රචනා කළ ගීතයකි.+ 73  දෙවි ඊශ්‍රායෙල් ජාතිය වෙනුවෙන් මොන තරම් යහපත් දේ කර තිබේද! එසේය, නිර්මල සිත් ඇත්තන්ට ඔහු කර තිබෙන යහපත් දේවල් මොන තරම්ද!+   මාගේ පය ලිස්සීමට ආසන්නව තිබිණ.+තව කෙටි කලක් ගත වූවා නම් මා නොමඟ යෑමට ඉඩ තිබිණ.+   මන්ද පුරසාරම් දොඩන අය ගැන මා තුළ ඊර්ෂ්‍යාවක් ඇති විය.+දුෂ්ටයන් කිසි කරදරයක් නැතුව සිටිනවා දකින විට මම ඔවුන්ට ඊර්ෂ්‍යා කළෙමි.+   මැරෙන මොහොතේදී පවා ඔවුහු වේදනාවක් අත් නොදකිති.+ඔවුන්ගේ බඩ තර වී ඇත.+   ඔවුහු සාමාන්‍ය මිනිසුන් මෙන් දුක් ගැහැට නොවිඳිති.+අන් අය මෙන් දුක් පීඩා අත් නොදකිති.+   එබැවින් ඔවුහු අහංකාරකම ආභරණයක් මෙන් ගෙලෙහි පැළඳ සිටිති.+සැහැසියාව නමැති වස්ත්‍රයෙන් ඔවුහු සැරසී සිටිති.+   තරකමින් ඔවුන්ගේ දෙනෙත් නෙරා ඇත.+ඔවුන් ආශා කළ දේවල් ඔවුන්ට ඕනෑවටත් වඩා ලැබී ඇත.+   ඔවුහු අන් අයට අපහාස කරමින් නපුරු දේ ගැනම පවසති.+වංචනික ක්‍රියා ගැන උජාරුවෙන් කතා කරති.+   තමන් ස්වර්ගයේ සිටිනවායයි සිතාගෙන ඔවුහු කතා කරති.+ඔවුහු පොළොව පුරා ඇවිදිමින් තමන්ට රිසි පරිදි දේවල් පවසති.+ 10  දෙවිගේ සෙනඟද ඔවුන්ගේ තත්වයටම ඇද වැටෙති.ජලය පිරුණු බඳුන්වලින් ඔවුන්ට බීමට සිදු වී ඇත. 11  “දෙවි මේ දේවල් කොහොම දැනගන්නද?+මහෝත්තමයාණන්ට මේ දේවල් ගැන කිසි අවබෝධයක් තිබේද” කියා ඔවුහු අසති.+ 12  දුෂ්ටයන්ගේ ජීවිත එලෙසය. ඔවුහු කිසි කරදරයක් අත් නොදකිති.+ධන සම්පත් වැඩි වැඩියෙන් රැස් කරගනිති.+ 13  නිර්මල සිතක් ඇතුව ජීවත් වීමට මා දැරූ උත්සාහය නිෂ්ඵලය.+මගේ දෑත් සෝදාගෙන මා නිදොස් බව හෙළි කළත් එයින්ද කිසිදු පලක් නොවීය.+ 14  මම දවස පුරාම බොහෝ වේදනාවෙන් සිටියෙමි.+නමුත් සෑම උදෑසනකම ඔබ මාව නිවැරදි කළෙහිය.+ 15  එලෙස දිගින් දිගටම කතා කිරීමට මා තීරණය කළා නම්,එය ඔබේ සියලු පුත්‍රයන්ටමා කරන ද්‍රෝහිකමකි.+ 16  එබැවින් මම ඒ කාරණය තේරුම්ගැනීමට උත්සාහ කළෙමි.+නමුත් එය මට බොහෝ දුෂ්කර විය. 17  ඉදිරියේදී ඔවුන්ට සිදු වන්නේ කුමක්ද කියා දැනගැනීමට මට අවශ්‍ය විය.+එබැවින් මම දෙවිගේ ශුද්ධස්ථානය වෙතට ගියෙමි.+ 18  ඔබ දුෂ්ටයන්ට සිටගැනීමට සැලැස්වූවේ ලිස්සනසුලු තැන්වලය.+ඔබ ඔවුන්ව විනාශ වී යෑමට සැලැස්වුවෙහිය.+ 19  සුළු මොහොතක් ඇතුළතදී ඔවුන් අද්දුටු විනාශය දෙස බලන්න.+එක් නිමේෂයකින් ඔවුන් මොන තරම් භීතියකට පත් වුණාද කියා බලන්න. මෙසේ ඔවුන්ගේ දිවි කෙළවර විය. 20  යෙහෝවා දෙවියනි, ඔවුන්ගේ ජීවිත විගසින් අමතක වී යන සිහිනයක් මෙනි.+මන්ද ඔබ නැඟී සිටින විට ඔබ ඔවුන්ව අවමානයට පත් කර අහක දමන්නෙහිය.+ 21  මාගේ සිතෙහි තරහක් ඇති විය.+මාගේ ඇතුළාන්තය වේදනාවෙන් පිරී තිබිණ.+ 22  මාගේ කල්පනා ශක්තිය බොඳ වී ගියේය. මට කිසිවක් තේරුම්ගැනීමට නොහැකි විය.+මම ඔබ ඉදිරියේ වනමෘගයෙකු මෙන් හැසිරුණෙමි.+ 23  එහෙත් මම නිතරම ඔබ සමඟ සිටිමි.+ඔබ මාගේ දකුණතින් අල්ලාගෙන සිටින්නෙහිය.+ 24  ඔබ උපදෙස් දෙමින් මට මඟ පෙන්වන්නෙහිය.+පසුව ඔබ ඔබේ අනුමැතිය මට ලබා දෙන්නෙහිය.+ 25  මට පිහිට වීමට ස්වර්ගයේ සිටින ඔබ හැර වෙන කිසිවෙක් නැත.+මට සතුටු වීමටද පොළොවේ කිසි දෙයක් නැත. මාගේ සතුට ඔබය.+ 26  මාගේ සිතද මාගේ අවයවයන්ද අඩපණ වී ඇත.+නමුත් දෙවි මාගේ සිත ශක්තිමත් කරන්නේය. ඔහු මාගේ පර්වතයය. සදහටම මට හිමි උරුමයය.+ 27  දෙවිගෙන් ඈත් වී සිටින සියලුදෙනා විනාශ වී යන්නෝය.+ඔහුට ද්‍රෝහි වී ඔහුගෙන් ඈත් වන සියලුදෙනාව ඔහු පහ කර දමන්නේය.+ 28  දෙවිට ළං වී සිටීම මට යහපතකි.+ඔහු මාගේ රක්ෂස්ථානයය.+විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිගේ සියලු ක්‍රියා මම ප්‍රකාශ කරමි.+

පාදසටහන්