ගීතාවලිය 7:1-17

බෙන්ජමින් ගෝත්‍රයට අයත් කූෂ් කී දේ නිසා දාවිත් යෙහෝවා දෙවිට ගැයූ විලාප ගීතයකි. 7  යෙහෝවා, මාගේ දෙවියනි,+ මම ආරක්ෂාව පතන්නේ ඔබගෙනුයි.+මට පීඩා කරන සියල්ලන්ගෙන් මාව ආරක්ෂා කර මාව ගලවාගන්න.+   මාව ගලවාගැනීමට කිසිවෙකු නොසිටියොත් ඔවුහු මාව පැහැරගෙන ගොස්,+සිංහයෙකු මෙන් කැබලිවලට ඉරා දමනු ඇත.+   යෙහෝවා, මාගේ දෙවියනි, මා වරදක් කර තිබෙනවා නම්,+මා අතින් අයුක්තියක් සිදු වී තිබෙනවා නම්,+   මට හොඳක් කළ තැනැත්තාට මා නපුරක් කළේ නම්,+මට නපුරක් කිරීමට උත්සාහ කළ කෙනෙකුගේ දේපළ මා විනාශ කළේ නම්,+   මාගේ සතුරාට මාව ලුහුබැඳීමට ඉඩහරින්න.+මාව අල්ලා පාගා දැමීමට ඔහුට ඉඩහරින්න.මාගේ ගෞරවය පයට පෑගෙන දූවිල්ලක් මෙන් වීමට ඉඩහරින්න. සීලාහ්.   යෙහෝවා දෙවියනි, මා වෙනුවෙන් නැඟී සිටින්න.+කෝපයෙන් මට හිරිහැර කරන්නන්ට විරුද්ධව ඔබේ උදහස ප්‍රකාශ කරන්න.+යුක්තිය ඉටු කිරීමට නියෝග කළ ඔබ,+ මා වෙනුවෙන් ක්‍රියා කරන්න.+   සියලු ජාතීන්ට ඔබ වටා එක් රොක් වීමට ඉඩහරින්න.ඔබේ සිංහාසනයේ සිට ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරන්න.   යෙහෝවා දෙවි ජනයාට හිමි තීන්දුව දෙන්නේය.+යෙහෝවා දෙවියනි, මාව විනිශ්චය කරන විට මා ධර්මිෂ්ඨව+ හාඔබට විශ්වාසවන්තව ජීවත් වූ බව+ සිහි කරන්න.   දුෂ්ටයන්ගේ නපුරු ක්‍රියා අවසන් කරන්න.+නමුත් ධර්මිෂ්ඨයාව තව තවත් ශක්තිමත් කරන්න.+ධර්මිෂ්ඨ වූ දෙවි,+ මිනිසාගේ සිත් සෝදිසි කර+ ඇතුළාන්ත හැඟීම්* විමසා බලන්නේය.+ 10  දෙවි මාගේ පලිහය.+ ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන අයගේ ගැලවුම්කරුය.+ 11  දෙවි ධර්මිෂ්ඨ විනිශ්චයකරුවෙක්ය.+ඔහු සැමදා දුෂ්ටයන්ට තරවටු කරන්නේය. 12  යමෙක් නපුරු මාර්ගයෙන් හැරී නාවොත්+ දෙවි තම කඩුව මුවහත් කරන්නේය.+ඔහු තම දුන්නෙන් විදීමට සූදානමින් සිටින්නේය.+ 13  ඔහු මාරක ආයුධ සූදානම් කරන්නේය.+ඊතල, ගිනිමය ඊතල කරන්නේය.+ 14  බලන්න! නපුරු දේවල් තම සිතේ පෝෂණය කරන තැනැත්තෙක් සිටින්නේය.+ඔහුගේ සිත තුළ නපුර පිළිසිඳගෙන බොරුව උපදවන්නේය.+ 15  ඔහු වළක් හාරා එය තව තවත් ගැඹුරට හාරන්නේය.+නමුත් ඔහු කැපූ වළේ ඔහුම වැටෙන්නේය.+ 16  ඔහු කළ නපුර ආපසු ඔහු පිටටම පැමිණෙන්නේය.+ඔහුගේ සැහැසික ක්‍රියාවල ප්‍රතිඵල ඔහුටම විඳින්න සිදු වන්නේය.+ 17  යෙහෝවා දෙවි ධර්මිෂ්ඨ නිසා මම ඔහුට ප්‍රශංසා කරන්නෙමි.+මහෝත්තම තැනැත්තාණන් වන යෙහෝවා දෙවිගේ+ නාමයට මම ප්‍රශංසා ගී ගයන්නෙමි.+

පාදසටහන්

මූ.අ., “වකුගඩු.”