ගීතාවලිය 67:1-7
සංගීත අධ්යක්ෂක වෙතය. තත් භාණ්ඩ වාදනය කරමින් ගායනා කිරීම සඳහාය.
67 දෙවි අපට කරුණාව පෙන්වා ආශීර්වාද කරන්නේය.+ඔහු තම අනුමැතිය අපට ලබා දෙන්නේය.+—සීලාහ්—
2 දෙවියනි, ඔබ ක්රියා කරන ආකාරය ගැන පොළොවේ වෙසෙන සියල්ලෝ දැනගනු ඇත.+සියලු ජාතීහු ඔබ සලසා දෙන ගැලවීම ගැන අසනු ඇත.+
3 ජනයා ඔබට ප්රශංසා කරනු ලබත්වා!+එසේය, සියලු ජනයා ඔබට ප්රශංසා කරත්වා!+
4 ඔබ ධර්මිෂ්ඨකමින් සියල්ලන්ව විනිශ්චය කරන්නෙහිය.+පොළොවේ සියලු ජාතීන්ට ඔබ මඟ පෙන්වන්නෙහිය.එබැවින් සියලු ජාතීන්ට අයත් සෙනඟ ප්රීති ඝෝෂා නඟන්නෝය.+ සීලාහ්.
5 දෙවියනි, ජනයා ඔබට ප්රශංසා කරනු ලබත්වා!+එසේය, සියලු ජනයා ඔබට ප්රශංසා කරත්වා!+
6 අපේ දෙවි අපට ආශීර්වාද කරන්නේය.+එබැවින් භූමිය බොහෝ පල දරනු ඇත.+
7 දෙවි අපට ආශීර්වාද කරන්නේය.+පොළොවේ සතරදිග සිටින සියලුදෙනා ඔහු කෙරෙහි ගරුබිය ඇතුව සිටින්නෝය.+