ගීතාවලිය 66:1-20
සංගීත අධ්‍යක්ෂක වෙතය. ගීතයකි.
66 පොළොවේ සියලු වැසියෙනි, ප්‍රීතියෙන් දෙවිට ජය නාද නඟන්න.+
2 ඔහුගේ නාමයට හිමි ගෞරවය ගැන ගී ගයන්න.+ඔහුට ගෞරවයත් ප්‍රශංසාවත් ලබා දෙන්න.+
3 දෙවිට මෙසේ කියන්න. “ඔබේ ක්‍රියා කොතරම් ගරුබිය දනවනසුලුද!+ඔබ සතු මහත් ශක්තිය දැක ඔබේ සතුරෝ වෙවුලමින් ඔබ වෙතට පැමිණ ඔබට යටත් වෙති.+
4 පොළොවේ සියලු ජනයා ඔබ ඉදිරියේ වැඳ වැටෙති.+ඔවුහු ඔබට ප්‍රශංසා ගී ගයති. ඔබේ නාමයට ප්‍රශංසා ගී ගයති.”+ සීලාහ්.
5 ජනයෙනි, පැමිණ දෙවිගේ ක්‍රියා දෙස බලන්න.+ඔහු මනුෂ්‍යයන් සමඟ කටයුතු කළ ආකාරය ඇත්තෙන්ම ගරුබිය දනවනසුලුය.+
6 ඔහු මුහුද වියළි බිමක් බවට පත් කළේය.+පයින් ගමන් කරමින් ගඟෙන් එගොඩ වීමට සෙනඟට හැකි වූයේය.+ඔහු කළ මේ දේවල් නිසා අපි ප්‍රීති ඝෝෂා නැඟුවෙමු.+
7 ඔහු තම බලය විදහාපෙන්වමින් සදහටම පාලනය කරන්නේය.+ජාතීන්ගේ ක්‍රියා දෙස ඔහු බලා සිටින්නේය.+මුරණ්ඩු සිත් ඇති අයට උඩඟු ලෙස කතා කිරීමට ඉඩ නොදේවා!+ සීලාහ්.
8 ජනයෙනි, අපේ දෙවිට ප්‍රශංසා කරන්න.+මහත් හඬින් ඔහුට ප්‍රශංසා කරන්න.+
9 ඔහු අපේ ජීවිතය රැක දෙන්නේය.+අපේ පය ලිස්සීමට ඔහු ඉඩ නොදුන්නේය.+
10 දෙවියනි, ඔබ අපව සෝදිසි කර බැලුවෙහිය.+රිදී පවිත්‍ර කරන්නාක් මෙන් ඔබ අපව පවිත්‍ර කළෙහිය.+
11 ඔබ අපව උගුලකට හසු කළෙහිය.+බොහෝ කරදර අප පිට පැටෙව්වෙහිය.
12 අපව පාගා දැමීමට අසරුවන්ට ඉඩහැරියෙහිය.+අපි ගිනි ජාලා මැදින්ද ජල ධාරා මැදින්ද ආවෙමු.+එවිට ඔබ අපට සහනය ලබා දුන්නෙහිය.+
13 මම දවන පූජා රැගෙන ඔබේ ගෘහයට පැමිණෙන්නෙමි.+ඔබට දුන් පොරොන්දු ඉටු කරන්නෙමි.+
14 දුක් කරදරවලට මුහුණ දුන් කාලයේදී+මා දුන් පොරොන්දු මම ඉටු කරන්නෙමි.+
15 මම තර සතුන්ව දවන පූජා ලෙස ඔබට ඔප්පු කරන්නෙමි.+ප්‍රසන්න සුවඳක් ගෙනෙන පිණිස බැටළුවන්ව මම ඔබට ඔප්පු කරන්නෙමි.ගොනුන්වද එළුවන්වද මම ඔබට ඔප්පු කරන්නෙමි.+ සීලාහ්.
16 දෙවි කෙරෙහි ගරුබියක් ඇති සියල්ලෙනි, ඇවිත් මට ඇහුම්කන් දෙන්න.දෙවි මා වෙනුවෙන් කර ඇති සියල්ල+ මම ඔබට කියන්නෙමි.+
17 උපකාර පතා මා හඬගැසුවේ ඔහුටය.+මා ප්‍රශංසා කළේද ඔහුටය.+
18 දුෂ්ට දේ කිරීමට මා තුළ ආශාවක් තිබුණා නම්යෙහෝවා දෙවි මට ඇහුම්කන් නොදෙනු ඇත.+
19 නමුත් දෙවි මට සවන් දුන්නේය.+මාගේ යාච්ඤාවට ඔහු කන් දුන්නේය.+
20 දෙවිට ප්‍රශංසා වේවා! මන්ද ඔහු මාගේ යාච්ඤාව නොවටිනා දෙයක් ලෙස සලකා ඉවත නොදැමුවේය.ඔහු තම ප්‍රේමය* මාගෙන් ඉවත් නොකළේය.+
පාදසටහන්
^ හෝ, “ළැදි ප්‍රේමය.”