ගීතාවලිය 65:1-13

සංගීත අධ්‍යක්ෂක වෙතය. දාවිත් රචනා කළ ගීතයකි. 65  දෙවියනි, සියොන්හිදී ඔබට ප්‍රශංසාව ලැබෙන්නේය.+ ඔබ ඉදිරියේ නිහඬතාවක්ද පවතින්නේය.අපි ඔබට දුන් පොරොන්දු ඉටු කරන්නෙමු.+   යාච්ඤා අසන තැනැත්තාණෙනි, සෑම ජාතියකටම අයත් මිනිස්සු ඔබ ඉදිරියට පැමිණෙනු ඇත.+   මා කළ වැරදි මට දරාගත නොහැකි තරම්ය.+නමුත් ඔබ අපේ වැරදිවලට සමාව දෙන්නෙහිය.+   ඔබේ මාලිගාවේ මළුවෙහි වාසය කිරීමටඔබ තෝරාගත්,+ ඔබ ළඟට පැමිණීමට ආරාධනා ලබන තැනැත්තා සන්තෝෂවත්ය.+ඔබේ ශුද්ධ මාලිගාවෙන්+ලැබෙන යහපත් දෙයින් අපි තෘප්තිමත් වන්නෙමු.+   ඔබ ගරුබිය උපදවන ක්‍රියා කර අපට පිළිතුරු දෙන්නෙහිය. ඔබ සිදු කරන ඒ සියලු ක්‍රියා ධර්මිෂ්ඨය.+අපට ගැලවීම ලබා දෙන දෙවියනි,+මිහිතලයේද මහ සයුරේද වෙසෙන සියල්ලන්ගේ විශ්වාසය ඔබය.+   ඔහු බලය නමැති වස්ත්‍රයෙන් සැරසී සිටින්නේය.+තමන් සතු බලයෙන් කඳු ස්ථිර ලෙස පිහිටුවන්නේය.+   ඔහු මුහුද නිශ්චල කරන්නේය.+රළ පහරේ හඬද සෙනඟගේ ඝෝෂාවද නිහඬ කරන්නේය.+   ඔබ පෙන්වන ලකුණු දැක පොළොවේ ඈත සීමාවන්වල වෙසෙන ජනයා පවා බිය වන්නෝය.+හිරු නැඟ එන විටද හිරු බැස යන විටද ඔබ ප්‍රීති ඝෝෂා හඬ ඇසීමට සලස්වන්නෙහිය.+   පොළොවේ පලදාව බොහෝ සෙයින් වැඩි වීම සඳහා ඔබ එයට ආශීර්වාද කර ඇත.+ඔබ එය සාරවත් කර ඇත.ගංගාවන් දිය දහරාවලින් පිරී යෑමට ඔබ සලස්වා ඇත.+කෙත්වතු කරලින් බර වීමටද ඔබ සලස්වා ඇත.+ඔබ භූමිය සූදානම් කළේ එලෙසය.+ 10  කෙත්වල පස ජලයෙන් තෙමා සකස් කර ඇත.+ඔබ බොහෝ වැසි වස්සවා පස බුරුල් කර භෝග සරුසාරව වැඩීමට සලස්වා ඇත.+ 11  වසර පුරාවටම ඔබ දී ඇති ආශීර්වාද මොන තරම්ද! ඒ සියල්ලම ඔබ කළේ ඔබේ යහපත්කම නිසාය.+ඔබේ මාර්ගවලින් යහපත් දේ බහුලව ගලා එන්නේය.+ 12  පාළුකරයේ තණබිම් තෙත්බරිත වී ඇත.+කඳු ප්‍රීතියෙන් ලෙළ දෙන්නේය.+ 13  තණබිම් සත්ව රැළවලින් ගහන වී ඇත.+තැනිතලා ධාන්‍යයෙන් පිරී ඇත.+ඒවා ජය නාද දෙති. ඒවා සතුටින් ගී ගයති.+

පාදසටහන්