ගීතාවලිය 64:1-10
සංගීත අධ්යක්ෂක වෙතය. දාවිත් රචනා කළ ගීතයකි.
64 දෙවියනි, මාගේ දුක කියා මා ඔබට කන්නලව් කරන විට මට සවන් දෙන්න.+සතුරන්ගෙන් එල්ල වන ප්රහාරවලින් මාගේ ජීවිතය ආරක්ෂා කර දෙන්න.+
2 මට විරුද්ධව සිටින කලහකාරී සෙනඟගෙන්ද+අපරාධකරුවන්ගේ කුමන්ත්රණවලින්ද මාව ආරක්ෂා කරන්න.+
3 ඔවුන්ගේ දිව් මුවහත් කඩු මෙනි.+ඔවුන්ගේ මුවින් නික්මෙන වදන් ඊතල මෙනි. ඒවා සිත් පසාරු කරගෙන යන්නේය.+
4 ඔවුහු නිර්දෝෂ තැනැත්තාට ඊතලවලින් පහර දීමට සැඟවී බලා සිටිති.+ඔවුහු එකවරම කිසිම බියක් සැකක් නැතුව ඔහුට පහර දෙති.+
5 ඔවුන් සැමවිටම කතා කරන්නේ දුෂ්ට දේවල් ගැනය.+ඔවුන් සැමවිටම සැලසුම් කරන්නේ යමෙකුව හසු කරගැනීමට හැකි මඟක් ගැනය.+“අපි කරන දේ කවුරු දකින්නද” කියා ඔවුහු කියති.+
6 ඔවුහු අධර්මිෂ්ඨ දේවල් සඳහා සැලසුම් යොදති.+සූක්ෂ්ම ලෙස සැලසුම් කළ උගුල් යමෙකුට විරුද්ධව අටවති.+ඔවුන්ගේ සිතේ ඇති දේ කිසිවෙකුට තේරුම්ගත නොහැක.+
7 නමුත් නොසිතන මොහොතකදී දෙවි ඊතලවලින් ඔවුන්ට පහර දෙන්නේය.+එයට ගොදුරු වන ඔවුහු දැඩි ලෙස තුවාල ලබති.+
8 ඔවුහු අනුන්ගේ පය පටලවා ඔවුන්ව වැටීමට සලස්වති.+නමුත් ඔවුන්ගේ කතා නිසා ඔවුහුම විනාශය අද්දකිති.+ඔවුන්ට සිදු වන දේ දකින සියල්ලෝ පුදුමයෙන් හිස වනති.+
9 සියලු මිනිස්සු බියට පත් වී+දෙවි කළ දේ ගැන කතා කරති.+ඔවුහු ඔහුගේ ක්රියා හොඳින් තේරුම්ගනිති.+
10 ධර්මිෂ්ඨ තැනැත්තා යෙහෝවා දෙවිගේ ක්රියා ගැන ප්රීති වී ඔහුගේ රැකවරණය පතන්නේය.+නිර්දෝෂ සිතක් ඇති සියල්ලෝ ඔහු ගැන ආඩම්බරෙන් කතා කරන්නෝය.+