ගීතාවලිය 63:1-11
දාවිත් යූදාහි පාළුකරයේ සිටියදී රචනා කළ ගීතයකි.+
63 දෙවියනි, ඔබ මාගේ දෙවිය. මම නිතරම ඔබේ මඟ පෙන්වීම් පතන්නෙමි.+ඉරි තැළී ගිය වියළි භූමියක සිටින කෙනෙකු වතුර පොදක් තම දෙතොල් මතට වැටෙන තෙක් මහත් ආශාවකින් බලා සිටින්නාක් මෙන්,+ඔබට ළං වීමට මමත් මහත් ආශාවෙන් සිටිමි.+
2 මම ඔබේ ශක්තිය හා ඔබේ තේජස දෙස මහත් ආශාවකින් බලා සිටියෙමි.+එවිට ශුද්ධස්ථානයේ සිටින ඔබව දුටුවාක් මෙන් මට හැඟිණ.+
3 ඔබ පෙන්වන මහත් ප්‍රේමය* ලැබීමම මට අගනේය. එය මාගේ ජීවිතයටත් වඩා මට වටින්නේය.+එබැවින් මම ඔබට ප්‍රශංසා කරන්නෙමි.+
4 දිවි ඇති තුරා මම ඔබට ප්‍රශංසා කරන්නෙමි.+මම දෑත් ඔසවා ඔබේ නාමයෙන් අයැදින්නෙමි.+
5 කෙනෙකුට ජීවිතේ ලැබිය හැකි හොඳම දේවලින්* මම තෘප්තිමත්ව සිටිමි.+එබැවින් ප්‍රීති ඝෝෂා නඟමින් මම ඔබට ප්‍රශංසා කරමි.+
6 මම යහනේ සිටින විට ඔබව සිහි කළෙමි.+මැදියම් රැයේ* මම ඔබ ගැන ගැඹුරින් කල්පනා කළෙමි.+
7 ඔබ මා වෙනුවෙන් මොන තරම් දේවල් කර තිබේද!+ඔබේ පියාපත් සෙවණේ සිටිමින් මම සතුටින් ඔබට ප්‍රශංසා ගී ගයන්නෙමි.+
8 මම ඔබට ඉතා සමීපව සිටිමි.+දකුණතින් ඔබ මාව අල්ලාගෙන සිටින්නෙහිය.+
9 මාගේ ජීවිතය විනාශ කර දැමීමට උත්සාහ කරන අය+පොළොවේ ගැඹුරුම ස්ථානවලට කිඳා බසින්නෝය.+
10 ඔවුහු කඩු මුවහතින් පහර කන්නෝය.+හිවලුන්ගේ ගොදුරක් බවට පත් වන්නෝය.+
11 නමුත් රජ දෙවි කෙරෙහි ප්‍රීතිමත් වන්නේය.+දෙවිගේ නාමයෙන් දිවුරන සියල්ලෝද ප්‍රීතිමත් වන්නෝය.+මන්ද බොරුකාරයන්ව නිහඬ කරනු ලැබේ.+