ගීතාවලිය 61:1-8

සංගීත අධ්‍යක්ෂක වෙතය. තත් භාණ්ඩ ඇතුව ගායනා කිරීම සඳහාය. දාවිත් රචනා කළ ගීතයකි. 61  අනේ දෙවියනි, මාගේ කන්නලව්වට සවන් දෙන්න.+මාගේ යාච්ඤාවට ඇහුම්කන් දෙන්න.+   මාගේ හදවත වේදනාවෙන් පිරී තිබෙන විට මම දුර ඈතක සිටියත් ඔබට හඬගසන්නෙමි.+දෙවියනි, උස් පර්වතයකට මාව ගෙන යන්න.+   මන්ද ඔබ මාගේ රැකවරණයය.+සතුරු ප්‍රහාර හමුවේ ශක්තිමත් බලකොටුවය.+   සදහටම මම ඔබේ කූඩාරමේ ආගන්තුකයෙකු ලෙස සිටින්නෙමි.+ඔබේ පියාපත් සෙවණේ සැඟවී මම රැකවරණය ලබන්නෙමි.+ සීලාහ්.   දෙවියනි, මා දුන් පොරොන්දුවලට ඔබ ඇහුම්කන් දුන්නෙහිය.+ඔබේ නාමයට ගරුබිය දක්වන අයට ඔබ දෙන උරුමය ඔබ මටද දුන්නෙහිය.+   ඔබ රජුගේ ආයු කාලය වැඩි කරන්නෙහිය.+පරම්පරා ගණනාවක් පහව ගියත් ඔහු ජීවත් වන්නේය.+   ඔහු සදහටම දෙවි ඉදිරියේ වාසය කරන්නේය.+ප්‍රේමය* හා විශ්වාසවන්තකම ඔබ ඔහුට පෙන්වා ඔහුව ආරක්ෂා කරන්නෙහිය.+   මා දුන් පොරොන්දු කිසි දිනක කඩ නොවන පිණිස+මම සදහටම ඔබේ නාමයට ප්‍රශංසා ගී ගයන්නෙමි.+

පාදසටහන්

හෝ, “ළැදි ප්‍රේමය.”