ගීතාවලිය 58:1-11
සංගීත අධ්‍යක්ෂක වෙතය. “මාව විනාශ නොකරන්න” යන තේමාවෙන් ලියවුණු ගීතයකි. මික්ටැම්. දාවිත් රචනා කළ ගීතයකි.
58 නිහඬව සිටින ඔබ ධර්මිෂ්ඨ දේවල් ගැන කතා කරන්නේ කෙසේද?+මනුෂ්‍යයෙනි, ඔබට යුක්තිසහගත ලෙස විනිශ්චය කළ හැකිද?+
2 ඔබේ සිත ඔබව පොලඹවන්නේ දේශය පුරාම අධර්මිෂ්ඨකම් කිරීමට මිස වෙන කිසිවකට නොවේ.+ඔබ සැහැසික ක්‍රියාවලට මාර්ගය විවෘත කරන්නහුය.+
3 මව්කුසෙන් බිහි වූ දා සිට දුෂ්ටයෝ නොමඟ ගොස් ඇත.+ඉපදුණු මොහොතේ සිට ඔවුහු යහමඟින් ඉවත්ව සිටිති.ඔවුන් පවසන්නේ බොරුමය.+
4 ඔවුන්ගේ වදන් විසකුරු සර්ප විෂ මෙනි.+කන් වසාගෙන සිටින නාගයා මෙන් ඔවුන් බිහිරිය.+
5 මතුරන්නන් කොතරම් දක්ෂ ලෙස මැතුරුවත් නාගයා ඊට ඇදී නොයයි.+නයි නටවන්නන්ගේ හඬට ඌ කන් නොදෙයි.+
6 යෙහෝවා දෙවියනි, දුෂ්ටයන්ගේ දත් බිඳ දමන්න.+තරුණ, කේශර සිංහයන්ගේ හකු කඩා දමන්න.
7 ගලා යන ජලය මෙන් ඔවුහු පහව යත්වා!+ඔවුන් දුර්වල වී වැටී යන විට දෙවි ඔවුන්ට විරුද්ධව දුන්න අතට ගනීවා!+
8 ගොළුබෙල්ලෙකු දිය වී යන්නාක් මෙන් ඔවුහුද දිය වී පහව යන්නෝය.ගබ්සා වූ දරුවෙකු මෙන් ඔවුහුද කෙදිනකවත් එළිය නොදකින්නෝය.+
9 වළඳට හීන් දර කෝටුවල රස්නය දැනෙන්නත් කලින්+දෙවි කුණාටුවක් මෙන් පැමිණ අමු දරත් ඇවිළෙන දරත් විසුරුවාහරින්නේය.+
10 දුෂ්ටයන් දඬුවම් විඳින ආකාරය දකින ධර්මිෂ්ඨයා ප්‍රීති වන්නේය.+දුෂ්ටයාගේ ලෙයින් ඔහු තම පාද සෝදාගන්නේය.+
11 “සැබවින්ම ධර්මිෂ්ඨයාට ආශීර්වාද ලැබෙන්නේය.+පොළොවේ වැසියන්ව විනිශ්චය කරන දෙවි කෙනෙක් සැබවින්ම සිටියි”+ කියා මිනිස්සු කියනු ඇත.+