ගීතාවලිය 57:1-11

සංගීත අධ්‍යක්ෂක වෙතය. මික්ටැම්. “මාව විනාශ නොකරන්න” යන තේමාවෙන් ලියවුණු ගීතයකි. සාවුල්ගෙන් බේරෙන්න ගල් ගුහාවකට පලා ගිය අවස්ථාව ගැන දාවිත් විසින් රචනා කළ ගීතයකි.+ 57  අනේ දෙවියනි, මට කරුණාව පෙන්වන්න. මට කරුණාව පෙන්වන්න.+මන්ද මා රැකවරණය පතන්නේ ඔබගෙන්ය.+මේ විපත්ති පහ වන තුරු මම ඔබේ පියාපත් සෙවණෙහි රැකවරණය පතමි.+   මාගේ විපත්තිවලට අවසානයක් ගෙනෙන සැබෑ දෙවිට මම හඬගසන්නෙමි. එසේය, මා වෙනුවෙන් ඉදිරිපත් වී ක්‍රියා කරන මහෝත්තම දෙවිට මම හඬගසන්නෙමි.+   ඔහු ස්වර්ගයේ සිට උපකාර සපයමින් මාව ගලවාගන්නේය.+මාව ගිල දැමීමට උත්සාහ කරන තැනැත්තාව ඔහු වියවුලට පත් කරන්නේය.+ සීලාහ්.ඔහුගේ මහත් ප්‍රේමය* හා විශ්වාසවන්තභාවය මම අද්දකින්නෙමි.+   සිංහයෝ මා වට කර සිටිති.+මා සැතපෙන්නේ කවරෙකු හෝ ගිල දැමීමට මාන බලන මිනිසුන් අතරේය.ඔවුන්ගේ දත්, හෙල්ල හා ඊතල මෙනි.+ඔවුන්ගේ දිව්, මුවහත් කඩු මෙනි.+   දෙවියනි, ඔබට ලැබෙන ගෞරවය ස්වර්ගයටත් ඉහළින් පැතිරේවා!+ඔබේ තේජස පොළොව පුරා පැතිරේවා!+   මා පය තබන තැන්වල ඔවුහු දැල් එළුවෝය.+එබැවින් මම කලකිරුණෙමි.+නමුත් මට කැපූ වළේමඔවුහු වැටුණෝය.+ සීලාහ්.   දෙවියනි, මාගේ සිත වෙනස් වී නැත.+එසේය, මාගේ සිත ස්ථිරව තිබේ.මම ගී ගයමින් ඔබට ප්‍රශංසා කරන්නෙමි.+   මා තුළ තිබෙන පවිත්‍ර සිතුවිලි, අවදි වන්න.+තත් භාණ්ඩත් වීණාත්, අවදි වන්න.+මමද හිමිදිරියේ පිබිදෙන්නෙමි.   යෙහෝවා දෙවියනි, මම සෙනඟ අතරේ ඔබට ප්‍රශංසා කරන්නෙමි.+ජාතීන් අතරේ ඔබට ප්‍රශංසා ගී ගයන්නෙමි.+ 10  මන්ද ඔබ පෙන්වන මහත් ප්‍රේමය* ස්වර්ගය දක්වාම නැඟ තිබේ.+ඔබේ විශ්වාසවන්තකම අහසේ වලාකුළු දක්වාම විහිදී තිබේ.+ 11  දෙවියනි, ඔබට ලැබෙන ගෞරවය ස්වර්ගයටත් ඉහළින් පැතිරේවා!+ඔබේ තේජස පොළොව පුරාම පැතිරේවා!

පාදසටහන්

හෝ, “ළැදි ප්‍රේමය.”
හෝ, “ළැදි ප්‍රේමය.”