ගීතාවලිය 54:1-7

සංගීත අධ්‍යක්ෂක වෙතය. තත් භාණ්ඩ ඇතුව ගායනා කිරීම සඳහාය. මස්කිල්. ෂිප්හි වැසියෝ පැමිණ, “අප සිටින ස්ථානයට නුදුරින් දාවිත් සැඟවී සිටින බව ඔබ දන්නේ නැද්ද” කියා සාවුල්ගෙන් ඇසීය. ඒ ගැන දාවිත් රචනා කළ ගීතයකි.+ 54  අනේ දෙවියනි, ඔබේ නාමය නිසා මාව ගලවාගන්න.+ඔබේ බලය විදහා මට යුක්තිය ඉටු කර දෙන්න.+   දෙවියනි, මාගේ යාච්ඤාවට ඇහුම්කන් දෙන්න.+මාගේ වදන්වලට සවන් දෙන්න.+   මන්ද මාගේ සතුරෝ* මට විරුද්ධව නැඟී සිටිති.කුරිරු පාලකයෝද මාව මරන්න සොයති.+ඔවුහු කිසිවිටෙක දෙවිව ගණන් නොගනිති.+ සීලාහ්.   දෙවි මාගේ උපකාරකයාය.+මට සහය දෙන්නන්ටද යෙහෝවා දෙවිගේ උපකාරය ලැබෙන්නේය.   මාගේ සතුරන්ගේ නපුරු ක්‍රියාවලට ඔහු දඬුවම් දෙන්නේය.+දෙවියනි, ඔබ විශ්වාසවන්ත කෙනෙක් නිසා මාගේ සතුරන්ව නිහඬ කරන්න.+    මම කැමැත්තෙන්ම ඔබට පූජා ඔප්පු කරන්නෙමි.+යෙහෝවා දෙවියනි, මම ඔබේ නාමය පසසන්නෙමි. මන්ද එය යහපත්ය.+   මාගේ සතුරන්ගේ වැටීම මාගේ ඇස් දෙකෙන්ම මම දුටුවෙමි.+සෑම විපතකින්ම ඔබ මාව ගලවාගත්තෙහිය.+

පාදසටහන්

මූ.අ., “නාඳුනන අය.”