ගීතාවලිය 53:1-6

මහලත්* සංගීත අධ්‍යක්ෂක වෙතය.+ මස්කිල්. දාවිත් රචනා කළ ගීතයකි. 53  ප්‍රතිපත්තිගරුක නොවන පුද්ගලයෙක් තම සිතින්යෙහෝවා දෙවිව ප්‍රතික්ෂේප කරන්නේය.+එවැනි අයගේ ක්‍රියා දුෂ්ටය. පිළිකුල්සහගතය. ඔවුන්ගේ සෑම ක්‍රියාවක්ම අධර්මිෂ්ඨය.+යහපත කරන කිසිවෙක් නැත.+   දෙවි ස්වර්ගයේ සිට මනුෂ්‍යයන් දෙස බලන්නේය.+දෙවිගේ මඟ පෙන්වීම් තම ජීවිතයට අවශ්‍යයි කියා තේරුම්ගන්නා කෙනෙකු සිටීද කියා යෙහෝවා දෙවි සොයා බලන්නේය.+   බොහෝදෙනෙක් යහපත කිරීම අත්හැර වංක ක්‍රියාවල නියැලෙති.+යහපත කරන කිසිවෙක් නැත.+එක් කෙනෙක්වත් නැත.   ඔවුහු රොටි කන්නාක් මෙන් මාගේ සෙනඟව කා දමති.+හානි පමුණුවන ඔවුන්ගෙන් එක් කෙනෙකුටවත් කිසි දැනුමක් නැද්ද?+ඔවුහු යෙහෝවා දෙවිගෙන් අයැදුවේ නැත.+   කිසිදු බියක් සැකක් නොමැතිව ජීවත් වූ ස්ථානවලම+ඔවුහු දැන් මහත් බියකින් ජීවත් වන්නෝය.+මන්ද දෙවි තම සෙනඟට පීඩා කරන අයගේ ඇටකටු වීසි කර දමන්නේය.+යෙහෝවා දෙවි ඔවුන්ව ප්‍රතික්ෂේප කර තිබෙන නිසා ඊශ්‍රායෙල් සෙනඟ අතින් ඔවුහු ලැජ්ජාවට පත් වන්නෝය.+   ඊශ්‍රායෙල්හි මහත් ගැලවීම සියොන් වෙතින් පැමිණියා නම් එය කොතරම් අගනේද!+වහල්ව සිටි තම සෙනඟව යෙහෝවා දෙවි නැවත එක් රැස් කරන විට+යාකොබ් ප්‍රීති වන්න. ඊශ්‍රායෙල් ප්‍රීතිමත් වන්න.+

පාදසටහන්

මෙය සංගීත වාදනයේදී භාවිත කළ යෙදුමක් විය හැක. ඇතැම් අය පවසන්නේ එය දුක්බර තනුවක් විස්තර කිරීමට භාවිත කළ බවය.