ගීතාවලිය 52:1-9

සංගීත අධ්‍යක්ෂක වෙතය. මස්කිල්. දාවිත් අහිමෙලෙක්ගේ නිවසට ආ බව ඒදොම්වරයෙකු වූ දොවෙග් සාවුල්ට දැන්වීය. ඒ සිද්ධිය ගැන දාවිත් රචනා කළ ගීතයකි.+ 52  බලවත් මනුෂ්‍යය, දෙවිගේ ප්‍රේමය* සැමදා පවතින බව ඔබ දැන සිටියේ නැද්ද?+එසේනම් ඔබ කරන නපුරු දේවල් ගැන පුරසාරම් දොඩන්නේ මන්ද?+   ඔබේ දිව දැලි පිහියක් මෙන් මුවහත්ය.+ එය නිතරම යමෙකුව වේදනාවට පත් කිරීම සඳහා සැලසුම් යොදයි.රැවටිලිකාරකමින් එය පිරී ඇත.+   යහපතට වඩා අයහපතටද+ඇත්ත කීමට වඩා බොරු කීමටද ඔබ කැමති විය.+ සීලාහ්.   වංචාකාරි දිවක් සතු ඔබ,+සියලු හානිකර වදන්වලට ප්‍රිය විය.+   එබැවින් නැවත කිසිදා නැඟී සිටීමට නොහැකි වන සේ දෙවි ඔබව බිමට හෙළන්නේය.+ඔබේ කූඩාරමෙන් ඔබව ඇද දමන්නේය.+ඔහු ඔබව ජීවතුන් අතරින් උදුරා දමන්නේය.+ සීලාහ්.   එය දකින ධර්මිෂ්ඨයන් තුළ දෙවි කෙරෙහි ගරුබියක් ඇති වන්නේය.+ඔබට සිදු වූ දේ දැක ඔවුහු සිනාසෙන්නෝය.+   “මෙවැනි මනුෂ්‍යයෝ දෙවිව තම රක්ෂස්ථානය කර නොගෙන+තමාගේ වස්තුව කෙරෙහි පමණක් විශ්වාසය තබති.+ඔවුහු අනුන්ව අමාරුවේ දැමීමෙන් ශක්තියක් ලබති.”+   නමුත් මම දෙවිගේ ගෘහයේ සරුසාරව වැඩුණු ඔලීව ගසක් මෙන් සිටින්නෙමි.+සදාකාලයෙන් සදාකාලයටම දෙවිගේ මහත් ප්‍රේමය* කෙරෙහි මම විශ්වාසය තබන්නෙමි.+   දෙවි කර තිබෙන දේවල් නිසා මම සදහටම දෙවිව පසසන්නෙමි.+ මන්ද ඔහුගේ ක්‍රියා යහපත්ය.මම දෙවිගේ නාමය කෙරෙහි බලාපොරොත්තු තබන්නෙමි. ඔහුගේ විශ්වාසවන්ත තැනැත්තන් ඉදිරියේ එසේ කරන්නෙමි.+

පාදසටහන්

හෝ, “ළැදි ප්‍රේමය.”
හෝ, “ළැදි ප්‍රේමය.”