ගීතාවලිය 50:1-23

ආසාෆ් රචනා කළ ගීතයකි.+ 50  බලවත්+ දෙවි වූ යෙහෝවා+ කතා කළේය.+නැඟෙනහිර සිට බස්නාහිර දක්වා+පොළොවේ සිටින සියල්ලන්ව ඔහු කැඳෙව්වේය.+   සුන්දරත්වයෙන් පිරිපුන් සියොන් කන්දේ සිට+ දෙවිගේ ආලෝකය දසත පැතිරී ගියේය.+   අපේ දෙවි පැමිණෙන්නේය. ඔහු නිහඬව නොසිටින්නේය.+ඔහු ඉදිරියේ විශාල ගින්නක් ඇවිළෙමින් තිබුණේය.+දරුණු කුණාටුවක් ඔහු වටා හැමුවේය.+   තම සෙනඟව විනිශ්චය කිරීමට සූදානම් වූ+ඔහු අහසද පොළොවද සාක්ෂිකරුවන් ලෙස කැඳවන්නේය.+   “පූජාවක් මාර්ගයෙන් මා සමඟ ගිවිසුමක් ඇති කරගත්,+මාගේ විශ්වාසවන්ත සේවකයන්ව මා වෙතට ගෙනෙන්න.”+   දෙවි විනිශ්චයකරුය.+අහස ඔහුගේ ධර්මිෂ්ඨකම ගැන ප්‍රකාශ කරයි.+ සීලාහ්.   “මාගේ සෙනඟෙනි, මම දැන් ඔබට කතා කරන්නෙමි. මට සවන් දෙන්න.+මම දෙවිය. මම ඔබේ දෙවිය.+ඊශ්‍රායෙල්, මම ඔබට විරුද්ධව සාක්ෂි දෙන්නෙමි.+   නමුත් මා ඔබට තරවටු කරන්නේ,+ඔබ නිරතුරුවම ඔප්පු කරන පූජා ගැනවත් දවන පූජා ගැනවත් නොවෙයි.+   ඔබේ ගවපට්ටිවලින් ගවයන්වත්+ඔබේ ගාල්වලින් එළුවන්වත් මට අවශ්‍ය නැත. 10  මන්ද වනයේ සිටින සියලු සත්වයන්ද+දහස් ගණන් කඳුවල වෙසෙන සත්වයන්ද මට අයිතිය.+ 11  තණබිම්වල සැරිසරන සත්ව රංචුද සිටින්නේ මා යටතේය.+කඳුවල ලගින සියලු පක්ෂීන් ගැනද මම හොඳින් දනිමි.+ 12  මට කුසගින්නක් දැනුණත් ඒ ගැන ඔබට කියන්න අවශ්‍ය නැත.මන්ද මුළු සරුසාර දේශයද+ එහි ඇති සියල්ලද මාගේය.+ 13  තර ගොනුන්ගේ මස් කෑම+ හෝඑළුවන්ගේ ලේ පානය කිරීම මට අවශ්‍යද?+ 14  ඔබේ පූජාව ලෙස දෙවිට ස්තුති ප්‍රශංසා ඔප්පු කරන්න.+මහෝත්තමයාණන්ට ඔබ දුන් පොරොන්දු එලෙසම ඉටු කරන්න.+ 15  දුක් කරදරවලට ඔබ මුහුණ දෙන විට මට හඬගසන්න.+මම ඔබව ගලවාගන්නෙමි. එවිට ඔබ මට ප්‍රශංසා කරනු ඇත.”+ 16  එහෙත් දුෂ්ටයාට දෙවි මෙසේ කියන්නේය.+“මාගේ නියෝග ගැන කතා කිරීමට ඔබට අයිතිය දුන්නේ කවුද?+මාගේ ගිවිසුම ගැන කතා කරන්න ඔබට ඇති අයිතිය කුමක්ද?+ 17  ඔබ හික්මවීම් ප්‍රතික්ෂේප කළෙහිය.+මාගේ වදන් ගණනකටවත් නොගන්නෙහිය.+ 18  ඔබට සොරෙකුව හමු වූ විට ඔබ ඔහුව හිතවතෙක් කරගත්තෙහිය.+ඔබ දුරාචාරයේ යෙදෙන්නන් සමඟ ඇසුරු කළෙහිය.+ 19  ඔබේ මුඛය දිගින් දිගටම නපුරු දේ ගැන කතා කරයි.+ඔබේ දිවේ නිරතුරුවම ඇත්තේ වංචාවය.+ 20  ඔබ ඔබේම සහෝදරයාට විරුද්ධව අන් අය සමඟ කතා කරන්නෙහිය.+ඔබේම මවගේ පුත්‍රයාගේ වැරදි ප්‍රසිද්ධ කරන්නෙහිය.+ 21  ඔබ මේ දේවල් කළත් මම නිහඬව සිටියෙමි.+එබැවින් මාත් ඔබට සමාන වෙයි කියා ඔබ සිතුවෙහිය.+නමුත් දැන් මම ඔබගේ වැරදි පෙන්වා දී+ ඔබට තරවටු කරන්නෙමි.+ 22  දෙවිව අමතක කරන්නෙනි, මා කියන දේ තේරුම්ගන්න.+නැත්නම් මම ඔබව විනාශ කර දමන්නෙමි. එවිට කිසිවෙකුට ඔබව බේරාගැනීමට නොහැකි වන්නේය.+ 23  තම පූජාව ලෙස ස්තුති ප්‍රශංසා ඔප්පු කරන තැනැත්තා සැබවින්ම මාව ගෞරවයට පත් කරන්නේය.+අරමුණක් ඇතුව ගමන් කරන්නාදෙවි දෙන ගැලවීම අද්දකින්නේය.”+

පාදසටහන්