ගීතාවලිය 45:1-17

සංගීත අධ්‍යක්ෂක වෙතය. ලිලී මල් නම් වූ රිද්මයට අනුව ගායනා කිරීම සඳහාය. කෝරාගේ පුත්‍රයන් රචනා කළ ගීතයකි. මස්කිල්. ප්‍රේමවන්ත ස්ත්‍රීන් පිළිබඳව ලියැවුණු ගීතයකි. 45  හොඳ ආරංචියකින් මාගේ සිත පිරී ඇත.+මා පවසන වදන් රජ කෙනෙකු ගැනය.+මාගේ දිව දක්ෂ පිටපත්කරුවෙකුගේ+ පන්හිඳ මෙන් වේවා!+   රජ්ජුරුවනි, ඔබ අන් සියලු මනුෂ්‍යයන්ට වඩා ප්‍රසන්න, කඩවසම් කෙනෙකි.+ඔබේ වදන් කොතරම් මිහිරිද!+ඔබට දෙවිගේ ආශීර්වාදය සදහටම ලැබෙන්නේය.+   බලවත් තැනැත්තාණෙනි,+ ඔබේ කඩුව+ ඉණේ බැඳගෙන,ගෞරවය සහ තේජස පැළඳගන්න.+   තේජශ්‍රීයෙන් ජයග්‍රහණය කරා යන්න.+නිහතමානී අය වෙනුවෙන්ද ධර්මිෂ්ඨකම සහ සත්‍යය වෙනුවෙන්ද අසු පිට නැඟී ගොස් සටන් කරන්න.+ඔබේ දකුණත බිය උපදවන දේවල් කරන්නේය.*+   ඔබේ ඊතල තියුණුය. ඒවා ඔබේ සතුරන්ගේ හදවත් පසාරු කරගෙන යන්නේය.+ජනයා ඔබේ පාමුල ඇද වැටෙන්නෝය.+   ඔබට සිංහාසනය සදහටම හිමි කර දෙන්නේ ඔබේ දෙවිය.+යුක්තිය නමැති රාජ යෂ්ටිය අතැතිව ඔබ රජකම් කරන්නෙහිය.+   ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රිය කර+ දුෂ්ටකමට වෛර කළෙහිය.+එබැවින් ඔබේ දෙවි,+ ප්‍රීතිය නමැති තෛලයෙන්+ ඔබව අභිෂේක කළේය.+ ඔබේ හවුල්කරුවන්ට වඩා වැඩි ප්‍රීතියක් ඔබට අත් කර දුන්නේය.+   සුවඳ ලාටු, අගිල් සහ පැඟිරි කුරුඳුවලින් සුගන්ධවත් වූ වස්ත්‍ර ඔබ පැළඳ සිටියි.+ඇත්දළවලින් අලංකාර වූ+ මාලිගාවෙන් ඇසෙන සංගීතයෙන් ඔබ සතුටු වන්නෙහිය.   ඔබ බොහෝ සෙයින් ආදරය කරන ස්ත්‍රීන් අතරේ රජවරුන්ගේ දියණියන්ද සිටියි.+ඕෆීර් දේශයෙන් ගෙනා රන්+ ආභරණින් සැරසුණු රැජිණ+ ඔබේ දකුණු පැත්තේ සිටින්නීය. 10  දියණිය, ඇහුම්කන් දෙන්න. මේ දෙස බලන්න. ඔබේ සවන් යොමු කරන්න.ඔබේ පියාගේ නිවසද ඔබේ සෙනඟවද අමතක කර දමන්න.+ 11  රජ ඔබේ රූපශ්‍රීයට ආශා වන්නේය.+ඔහු ඔබේ ස්වාමියාය.+එබැවින් ඔහු ඉදිරියේ හිස නමන්න.+ 12  තීර් දියණියද තෑග්ගක් රැගෙන පැමිණ සිටින්නීය.+සෙනඟ අතරේ සිටින ධනවන්තයෝ ඔබේ අනුමැතිය දිනාගැනීමට උත්සාහ කරති.+ 13  මාලිගාවේ සිටින රජුගේ දියණිය තේජශ්‍රීයෙන් වැජඹෙයි.+ඇගේ වස්ත්‍ර රන් නූල්වලින් වැඩ දමා ඇත. 14  අනර්ඝ වස්ත්‍රවලින් සැරසී සිටින ඇයව රජු ඉදිරියට ගෙන එනු ලබන්නේය.+ඇය සමඟ පැමිණි ඇගේ යෙහෙළියන්වද* රජු ඉදිරියට ගෙන එනු ලබන්නේය.+ 15  සැවොම ප්‍රීති ඝෝෂා නඟමින් මහත් සේ ප්‍රීති වන්නෝය.ඔවුහු රජුගේ මාලිගාවට පිවිසෙන්නෝය. 16  රජ්ජුරුවනි, ඔබ ඔබේ මුතුන්මිත්තන්+ වෙනුවට ඔබේ පුත්‍රයන්ව+අධිපතීන් ලෙස පොළොව පුරාම පත් කරනු ලබන්නෙහිය.+ 17  මතු පැමිණෙන පරම්පරාවන්ට මම ඔබේ නාමය ප්‍රකාශ කරන්නෙමි.+එවිට සදාකාලයෙන් සදාකාලයට ජනයා ඔබට ප්‍රශංසා කරන්නෝය.

පාදසටහන්

හෝ, “බිය උපදවන දේ කිරීමට ඔබට උගන්වන්නේය.”
මූ.අ., “කන්‍යා තරුණියන්ව.”