ගීතාවලිය 44:1-26
සංගීත අධ්‍යක්ෂක වෙතය. කෝරාගේ පුත්‍රයන්+ රචනා කළ ගීතයකි. මස්කිල්.
44 දෙවියනි, ඔබේ ක්‍රියා ගැන අපි අසා ඇත්තෙමු.ඈත අතීතයේදී+එනම්, අපේ මුතුන්මිත්තන්ගේ කාලයේදී ඔබ කළ දේවල්+අපේ පියවරු අපට පැවසුවෝය.+
2 සතුරු ජාතීන්ව ඔබේ බලයෙන් ඔබ එළවා දැමුවෙහිය.+ඔවුන් වෙනුවට ඔබේ සෙනඟව ඔබ එහි පදිංචි කෙරෙව්වෙහිය.+ඔබ විවිධ ජාතීන්ව පරාජය කර ඔවුන්ව විසුරුවාහැරියෙහිය.+
3 ඔබේ සෙනඟ ඒ දේශය හිමි කරගත්තේ ඔවුන්ගේම කඩුවෙන් නොවේ.+ඔවුන්ට ගැලවීම ලැබුණේ ඔවුන්ගේම බලයෙන් නොවේ.+ඔබේ දකුණතින්ය. එසේය, ඔබේ බලයෙන්ය.+ ඔබේ ආශීර්වාදයෙන්ය.මන්ද ඔබ ඔවුන්ට ප්‍රේම කළෙහිය.+
4 දෙවියනි, ඔබ මාගේ රජුය.+එබැවින් යාකොබ්ට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙන්න.+
5 ඔබේ උපකාරයෙන් අපි අපේ සතුරන්ව පලවාහරින්නෙමු.+ඔබේ නාමය කෙරෙහි විශ්වාසය තබා අපට විරුද්ධව නැඟී සිටින්නන්ව අපි පාගා දමන්නෙමු.+
6 මාගේ දුන්න කෙරෙහි මම විශ්වාසය නොතැබුවෙමි.+මාගේ කඩුව මාගේ ගැලවීම නොවිණ.+
7 නමුත් අපේ සතුරන්ගෙන් අපව බේරාගත්තේ ඔබය.+අපට බොහෝ සෙයින් වෛර කළ අයව ලැජ්ජාවට පත් කළේ ඔබය.+
8 දවස පුරා අපේ දෙවි වන ඔබට අපි ප්‍රශංසා කරන්නෙමු.+සදහටම අපි ඔබේ නාමය පසසන්නෙමු.+ සීලාහ්.
9 නමුත් දැන් ඔබ අපව අත්හැර ඇත. අපව නින්දාවට පත් වීමට ඔබ ඉඩහැර ඇත.+ඔබ අපේ හමුදාවන්ට උපකාර කරන්නේද නැත.+
10 අපේ සතුරන් වෙතින් අපට පලා දුවන්න ඔබ සලස්වා ඇත.+අපට බොහෝ සෙයින් වෛර කළ අයට, අපිට අයිති දේවල් කොල්ල කෑමට ඔබ ඉඩහැර ඇත.+
11 බැටළුවන් මෙන් සිටින අපව ආහාරයක් ලෙස ඔබ ඔවුන්ට දී ඇත.+ජාතීන් අතරේ ඔබ අපව විසුරුවාහැර ඇත.+
12 ඔබ ඔබේ සෙනඟව ඉතා සුළු මුදලකට විකුණුවෙහිය.+එයින් කිසි ලාභයක් ඔබට නොලැබුණේය.
13 ඔබ අපව අපේ අසල්වාසීන් ඉදිරියේ නින්දාවට පත් කළෙහිය.+ඔවුන් ඉදිරියේ අප විහිළුවක්ද සමච්චලයක්ද වීමට ඔබ සැලැස්වුවෙහිය.+
14 අපව ජාතීන් අතරේ නින්දාවට පත් වීමට ඔබ ඉඩ දුන්නෙහිය.+අපට සමච්චල් කරමින් හිස වැනීමට ඔබ ඔවුන්ට ඉඩහැරියෙහිය.+
15 මා අද්දුටු නින්දාව දවස මුළුල්ලේම මට සිහි වන්නේය.ලැජ්ජාව නිසා මම මාගේ මුහුණ වසාගත්තෙමි.+
16 නින්දා කරන්නාගේ හා අපහාස කරන්නාගේ කතා ඇසීමෙන් මම ලැජ්ජාවට පත් වුණෙමි.සතුරන් හා පළිගන්නන් නිසාත් මම ලැජ්ජාවෙන් පසු වුණෙමි.+
17 මේ සියල්ලට අපි මුහුණ දුන්නත් අපි ඔබව අමතක නොකළෙමු.+ඔබ අප සමඟ ඇති කරගත් ගිවිසුමට අපි ද්‍රෝහි නොවුණෙමු.+
18 අපි අවිශ්වාසවන්තව ක්‍රියා නොකළෙමු.+ඔබේ මාවතෙන් අපේ පාද ඉවතට නොගත්තෙමු.+
19 හිවලුන් වසන ස්ථානයේදී ඔබ අපට පහර දුන්නත්+ඝන අන්ධකාරයෙන් අපව වසා දැම්මත් අපි ඔබ ඉදිරියේ විශ්වාසවන්තව ක්‍රියා කළෙමු.+
20 අපට ඔබේ නාමය අමතක වුණා නම්,නාඳුනන දෙවි කෙනෙකුට අපේ දෑත් දිගු කළේ නම්,+
21 දෙවි වූ ඔබ එය දැනගන්නේ නැද්ද?+මන්ද සිතේ ඇති රහස් ඔබ දන්නෙහිය.+
22 ඔබට විශ්වාසවන්තව සිටින නිසා අපේ ජීවිතය සෑම දවසකම අවදානමක පවතී.අපව මරණයට නියම කළ බැටළුවන් මෙන් ගණන් ගනු ලැබේ.+
23 යෙහෝවා දෙවියනි, නැඟී සිටින්න. ඔබ නිදා සිටින්නේ මන්ද?+අවදි වන්න. අපව සදහටම අත් නොහරින්න.+
24 ඔබේ මුහුණ අප වෙතින් ඉවතට හරවාගෙන සිටින්නේ මන්ද?අප විඳින දුක් කරදර හා පීඩා ඔබ අමතක කර දමන්නේ මන්ද?+
25 අපි සම්පූර්ණයෙන්ම පහත වැටී සිටින්නෙමු.+අපට පොළොවේ බඩ ගා යෑමට සිදු වී ඇත.
26 නැඟී සිට අපට උපකාර කරන්න.+ඔබ ප්‍රේමණීය* දෙවි කෙනෙකු නිසා අපව ගලවාගන්න.+
පාදසටහන්
^ හෝ, “ළැදි ප්‍රේමයකින් යුත්.”