ගීතාවලිය 40:1-17

සංගීත අධ්‍යක්ෂක වෙතය. දාවිත් රචනා කළ ගීතයකි. 40  මම යෙහෝවා දෙවි කෙරෙහි පමණක් බලාපොරොත්තු තැබුවෙමි.+ඔහු මා වෙතට කන් යොමා, උපකාරය පතා මා කළ මොරගැසීමට සවන් දුන්නේය.+   ඔහු මාව ගැඹුරු වතුර වළකින්ද+මඩ වගුරකින්ද ගොඩට ගෙන+පර්වතයක් මත තැබුවේය.+ඔහු මාව ස්ථිර ලෙස පිහිටෙව්වේය.+   අපේ දෙවිට ප්‍රශංසා කිරීම සඳහාඅලුත් ගීතිකාවක් ඔහු මාගේ දෙතොලේ තැබුවේය.+බොහෝ අය එය දැක, යෙහෝවා දෙවිට ගරුබිය දක්වමින්+ඔහු කෙරෙහි විශ්වාසය තබන්නෝය.+   යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන තැනැත්තා සන්තෝෂවත්ය.+මුරණ්ඩු ලෙස ක්‍රියා කරන්නන්ව ඇසුරු නොකරන්නාවූබොරුකාරයන්ගේ මාර්ගයේ නොයන්නාවූ තැනැත්තා සන්තෝෂවත්ය.+   යෙහෝවා මාගේ දෙවියනි, ඔබ පුදුමාකාර දේවල් බොහොමයක් අප වෙනුවෙන් කළෙහිය.+ඔබ බොහෝ දේවල් අප වෙනුවෙන් සැලසුම් කළෙහිය.+කිසිවෙකුව ඔබට සමාන කළ නොහැක.+ඔබ කළ දේවල් ගැන මම කතා කිරීමට උත්සාහ කළෙමි.නමුත් ඒවා ගණන් කිරීමට බැරි තරම් බොහෝය.+   පූජාවලටත් යාගවලටත් ඔබ ප්‍රසන්න වූයේ නැත.+ඔබ මාගේ දෙසවන් පෑදූ නිසා ඔබේ වදන් දැන් මට පැහැදිලිව ඇසේ.+දවන පූජා හා පාප පූජා ඔබ ඉල්ලුවේ නැත.+   එබැවින් මම මෙසේ කීවෙමි. “මෙන්න, මම ඇවිත් සිටිමි.+අකුළන ලද ලියවිල්ලේ මා ගැන ලියා තිබේ.+   මාගේ දෙවියනි, ඔබේ කැමැත්ත කිරීමට මම බොහෝ සේ ආශා වෙමි.+ඔබේ නීතිය මාගේ සිතෙහි ලියා ඇත.+   ඔබේ ධර්මිෂ්ඨකම පිළිබඳ ශුභාරංචිය මම විශාල සමූහයක් මැදදී ප්‍රකාශ කළෙමි.+මාගේ තොල් එය පැවසීමෙන් වළක්වා නොගත්තෙමි.+යෙහෝවා දෙවියනි, ඔබ ඒ බව හොඳින් දන්නෙහිය.+ 10  ඔබ ධර්මිෂ්ඨ බව මම නොසඟවා ප්‍රකාශ කළෙමි.+ඔබේ විශ්වාසවන්තකම ගැනත් ඔබ ලබා දෙන ගැලවීම ගැනත් මම දැන්වූවෙමි.+ඔබ සැබෑ කෙනෙක් බවත් ඔබ පෙන්වන මහත් ප්‍රේමය* ගැනත් මම විශාල සමූහයක් අතරේ නොසඟවා පැවසුවෙමි.”+ 11  යෙහෝවා දෙවියනි, ඔබේ අනුකම්පාව මට පෙන්වන්න.+ප්‍රේමයෙන්* පිරුණු සැබෑ දෙවි ඔබයි. එබැවින් නිරතුරුවම මාව ආරක්ෂා කරන්න.+ 12  ගණන් කිරීමට නොහැකි තරම් දුක් කරදර මා වට කරගත්තේය.+හිස එසවීමට බැරි තරම් මා කළ වැරදි මා පිට පැමිණියේය.+ඒවා මාගේ හිසේ කෙස්වලටත් වඩා වැඩිය.+මම බොහෝ සෙයින් අධෛර්යයට පත් වුණෙමි.+ 13  අනේ යෙහෝවා දෙවියනි, මාව ගලවාගන්න.+ ඔබේ සිතේ කැමැත්තෙන්ම එසේ කරන්න.යෙහෝවා දෙවියනි, ඉක්මනින්ම මාගේ උපකාරයට පැමිණෙන්න.+ 14  මාගේ ජීවිතය නැති කර දැමීමට මාන බලන සියල්ලන්ව+ වියවුල් කරලැජ්ජාවට පත් කරන්න.+මාගේ දුකේදී සතුටු වන්නන්ව අවමානයට ලක් කරන්න. ඔවුන්ව පලවාහරින්න.+ 15  මට සිනාසෙමින් සරදම් කරන අයව ලැජ්ජාවට පත් කරන්න.+තමන් අද්දකින ලැජ්ජාව නිසා ඔවුහු පුදුමයට පත් වෙත්වා!+ 16  ඔබේ මඟ පෙන්වීම් පතන සියල්ලෝ+ප්‍රීති වෙත්වා!+ඔබ දෙන ගැලවීම අගය කරන්නෝ,+“යෙහෝවා දෙවිට ගෞරවය ලැබේවා”+ කියා නිරතුරුවම කියත්වා! 17  මම අසරණ දිලින්දෙක්ව සිටිමි.+නමුත් යෙහෝවා දෙවි වන ඔබ මා ගැන සලකන්නෙහිය.+මාගේ උපකාරයට සිටින්නේ ඔබය. ඔබ මට ගැලවීම සලසා දෙන්නෙහිය.+අනේ මාගේ දෙවියනි, පමා නොවී මට උපකාර කරන්න.+

පාදසටහන්

හෝ, “ළැදි ප්‍රේමය.”
හෝ, “ළැදි ප්‍රේමයෙන්.”