ගීතාවලිය 4:1-8

සංගීත අධ්‍යක්ෂක වෙතය. තත් භාණ්ඩ+ වාදනය කරමින් ගායනා කිරීම සඳහාය. දාවිත් රචනා කළ ගීතයකි. 4  මාගේ ධර්මිෂ්ඨ දෙවියනි,+ මා ඔබට හඬගසන විට මට පිළිතුරු දෙන්න.විපතින් ගැලවෙන මාර්ගය මට පෙන්වා දෙන්න.මට කරුණාව පෙන්වා+ මාගේ යාච්ඤාවට සවන් දෙන්න.   මනුෂ්‍යයෙනි, ඔබ කොපමණ කාලයක් මට අගෞරව කරන්නහුද?+කොපමණ කාලයක් නිෂ්ඵල දේවලට ප්‍රිය වන්නහුද?ඔබ කොපමණ කාලයක් බොරුව පසුපස හඹා යන්නහුද? සීලාහ්.   මෙය දැනගන්න. යෙහෝවා දෙවි තමාට පක්ෂපාත තැනැත්තාට විශේෂ සැලකිල්ලක් දක්වන්නේය.+මා යෙහෝවා දෙවිට හඬගසන විට ඔහු සවන් දෙන්නේය.+   ඔබේ සිත කැලඹුණත් පව් නොකරන්න.+කීමට ඇති දේ ඔබේ සිතේම තබාගන්න. ඔබ තනිව යහන මත සිටින විට ඒවා ඔබටම කියාගන්න.+ සීලාහ්.   ධර්මිෂ්ඨකමින් පූජා ඔප්පු කරන්න.+යෙහෝවා දෙවි ගැන විශ්වාසයෙන් සිටින්න.+   “අපට යහපතක් කරන්නේ කවුද” කියා බොහෝදෙනෙක් අසති.යෙහෝවා දෙවියනි, ඔබේ අනුමැතිය අපට ලබා දෙන්න.+   පලදාව වැඩි වන විටත් අලුත් වයින් පිරී ඉතිරී යන විටත් ඔවුහු ප්‍රීතියෙන් ඉපිල යති.+ඊටත් වඩා ප්‍රීතියක් ඔබ මාගේ සිතට ලබා දෙන්නෙහිය.+   මම සුවෙන් නිදාගන්නෙමි.+යෙහෝවා දෙවියනි, ඔබ මට කිසිදු බියක් නොමැතිව සැනසීමෙන් ජීවත් වීමට සලස්වන්නෙහිය.+

පාදසටහන්