ගීතාවලිය 35:1-28

දාවිත් රචනා කළ ගීතයකි. 35  යෙහෝවා දෙවියනි, මාගේ සතුරන් මට විරුද්ධව එල්ල කරන චෝදනා දෙස බලා මට සාධාරණය ඉටු කරන්න.+මට විරුද්ධව සටන් කරන අයට එරෙහිව සටන් කරන්න.+   කුඩා පලිහත් මහා පලිහත් රැගෙන+මාගේ උපකාරයට එන්න.+   මා පසුපස ලුහුබඳින්නන්ට විරුද්ධව හෙල්ලයද පොරවද අතැතිව පැමිණෙන්න.+ඔබ මට ගැලවීම සලසා දෙන බව මට පවසන්න.+   මාගේ ජීවිතය නැති කිරීමට සොයන අය ලැජ්ජාවටත් අවමානයටත් පත් වෙත්වා!+මට විරුද්ධව කුමන්ත්‍රණය කරන අයව වියවුල් කර පලවාහරිනු ලබත්වා!+   ඔවුහු සුළඟට ගසාගෙන යන දහයියා මෙන් වෙත්වා!+යෙහෝවා දෙවිගේ දූතයා ඔවුන්ව පලවාහරිනු ලැබේවා!+   ඔවුන්ගේ මාර්ගය ලිස්සනසුලු අඳුරු තැනක් වේවා!+යෙහෝවා දෙවිගේ දූතයා ඔවුන් පසුපස ලුහුබඳීවා!   මන්ද කිසිම හේතුවක් නොමැතිව ඔවුහු මාව හසු කරගැනීමට දැල් එළුවෝය.+නිස්කාරණයේ මාගේ ජීවිතය නැති කර දැමීමට ඔවුහු උගුල් ඇටෙව්වෝය.+   හදිස්සියේම ඔවුන් පිටට විනාශය පැමිණේවා!+ඔවුන් එළූ දැලට ඔවුහුම හසු වෙත්වා!+ඔවුන් ඇටවූ උගුලට ඔවුහුම හසු වී විනාශ වෙත්වා!+   නමුත් මම යෙහෝවා දෙවි කෙරෙහි ප්‍රීති වෙමි.+ඔහු සලසා දෙන ගැලවීම ගැන ප්‍රීතියෙන් පිනා යන්නෙමි.+ 10  “යෙහෝවා දෙවියනි, ඔබ පීඩිතයාව බලවතා අතින්ද+පීඩා විඳින දුප්පතාව සොරුන් අතින්ද ගලවාගන්නෙහිය.+එසේ ක්‍රියා කරන කෙනෙක් තවත් සිටීද”+කියා මාගේ මුළු හදවතින්ම පැවසීමට මා තුළ පෙලඹීමක් ඇති වේවා!+ 11  බොරු සාක්ෂිකරුවෝ ඉදිරිපත් වී+මා නොදන්නා දේ මාගෙන් අසති.+ 12  යහපත කළ මට ඔවුහු අයහපත කරති.+මාගේ ජීවිතයට දුක් දෙති.+ 13  නමුත් ඔවුන් රෝගාතුරව සිටියදී මම ගෝණි රෙදි ඇඳගෙන,+නිරාහාරව සිට ඔවුන් වෙනුවෙන් වැලපුණෙමි.+මා කළ යාච්ඤාව නැවත මා වෙතට හිස්ව හැරී ආවේය.+ 14  මාගේ මිතුරන් ලෙසද මාගේම සහෝදරයන් ලෙසද මම ඔවුන්ව සැලකුවෙමි.+මට ඔවුන් ගැන මහත් වේදනාවක් දැනිණ.මවක් අහිමි වූ කෙනෙකු මෙන් මම ඔවුන් නිසා ශෝකයෙන් සිටියෙමි.+ 15  නමුත් මාගේ පය ලිස්සූ විට ඔවුහු එක්ව ප්‍රීති වූහ.+මට විරුද්ධව ක්‍රියා කිරීමට ඔවුහු රැස් වූහ.+සැඟවී සිට ඔවුහු මට පහර දුන්හ.+දිගින් දිගටම මාගේ චරිතය ඝාතනය කළහ.+ 16  දෙවිට ද්‍රෝහිව කටයුතු කරන ඔවුහු, කෑම ටිකක් ලබාගන්නා අටියෙන් මාව සමච්චලයට ලක් කරති.+මට විරුද්ධව කෝපයෙන් දත්මිටි කති.+ 17  යෙහෝවා දෙවියනි, ඔබ කොපමණ කාලයක් මේ දෙස බලා සිටින්නෙහිද?+ඔවුන් ගෙනෙන දරුණු පීඩාවලින් මාගේ ජීවිතය බේරාගන්න.+තරුණ, කේශර සිංහයන්ගෙන් මාගේ වටිනා ජීවිතය ගලවාගන්න.+ 18  රැස්ව සිටින සමූහය මැදදී මම ඔබව පසසන්නෙමි.+බොහෝ සෙනඟ අතරේ මම ඔබට ප්‍රශංසා කරන්නෙමි.+ 19  කිසිදු හේතුවක් නොමැතිව මට සතුරුකම් කරන අයට මාගේ දුකේදී සතුටු වීමට ඉඩ නොදෙන්න.+නිස්කාරණයේ මට වෛර කරන අයට මාව සමච්චලයට ලක් කිරීමට ඉඩ නොදෙන්න.+ 20  ඔවුහු සමාදානය ඇති කරන අන්දමින් කතා කරනවා වෙනුවට+කිසිවෙකුට හිංසාවක් නොකර අහිංසකව ජීවත් වන අයටවිරුද්ධව බොරු චෝදනා එල්ල කරති.+ 21  ඔවුහු කෑගසා මට අපහාස කරති.+“අපි සිතූ විදිහටම දේවල් සිදු වුණා” කියා ඔවුහු මහත් සතුටින් කියති.+ 22  යෙහෝවා දෙවියනි, මේ හැම දෙයක්ම ඔබට පෙනෙන නිසා+ නිහඬව නොසිටින්න.+අනේ යෙහෝවා දෙවියනි, මාගෙන් ඈත්වී නොසිටින්න.+ 23  යෙහෝවා මාගේ දෙවියනි, මා වෙනුවෙන් නැඟී සිටින්න.+මා වෙනුවෙන් ඉදිරිපත් වී මට යුක්තිය ඉටු කර දෙන්න.+ 24  යෙහෝවා මාගේ දෙවියනි, ඔබේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව මාව විනිශ්චය කරන්න.+මාගේ දුකේදී ඔවුන්ට සතුටු වීමට ඉඩ නොදෙන්න.+ 25  “අපේ කුමන්ත්‍රණය සාර්ථකයි” කියා සිතන්න ඔවුන්ට ඉඩ නොදෙන්න.+“අපි ඔහුව නැති කර දැම්මා” කියා පැවසීමට ඔවුන්ට ඉඩ නොදෙන්න.+ 26  මාගේ දුක් කරදර ගැන සතුටු වන සියල්ලෝ+ලැජ්ජාවටත් අවමානයටත් පත් වෙත්වා!+මාව සුළු කොට මහත් ආඩම්බරයකින් කතා කළ අයට+ ලැජ්ජාව හා නින්දාව උරුම වේවා!+ 27  මාගේ ධර්මිෂ්ඨකම ගැන සතුටු වන්නෝ ප්‍රීති ඝෝෂා නඟමින්+ සැමදා මෙසේ කියනු ලබත්වා!+“තම සේවකයා හොඳින් ජීවත් වනවා දැකීමෙන් සතුටට පත් වන යෙහෝවා දෙවිට ගෞරවය ලැබේවා!”+ 28  මම ඔබේ ධර්මිෂ්ඨකම ගැන ප්‍රකාශ කරන්නෙමි.+දවස පුරා ඔබට ප්‍රශංසා කරන්නෙමි.+

පාදසටහන්