ගීතාවලිය 33:1-22

33  ධර්මිෂ්ඨ තැනැත්තෙනි, යෙහෝවා දෙවි නිසා ප්‍රීති ඝෝෂා නඟන්න.+අවංක තැනැත්තෙනි, ඔබ ඔහුට ප්‍රශංසා කිරීම සුදුසුය.+   වීණාව වයමින් යෙහෝවා දෙවිට ස්තුති කරන්න.+තත් දසයේ සංගීත භාණ්ඩ වයමින් ඔහුට ප්‍රශංසා ගී ගයන්න.+   අලුත් ගීයක් ඔහුට ගායනා කරන්න.+මුළු හදවතින්ම ප්‍රීති ඝෝෂා නඟමින් සංගීත භාණ්ඩ වාදනය කරන්න.+   මන්ද යෙහෝවා දෙවිගේ වදන් සාධාරණය.+ඔහුගේ සියලු ක්‍රියා විශ්වාසවන්තය.+   ඔහු ධර්මිෂ්ඨකමටත් යුක්තියටත් ප්‍රිය කෙනෙකි.+යෙහෝවා දෙවිගේ මහත් ප්‍රේමයෙන්* පොළොව පිරී ඇත.+   යෙහෝවා දෙවිගේ අණ පරිදි අහස නිර්මාණය කර ඇත.+ඔහුගේ හුස්මෙන් එහි ඇති සියල්ල* සෑදුවේය.+   වේල්ලක් බඳින්නාක් මෙන් ඔහු මුහුදු ජලය එක් තැනකට සීමා කර තැබුවේය.+ඔහු විශාල ජල ස්කන්ධය රැස් කර තැබුවේය.   පොළොවේ සිටින සියල්ලෙනි, යෙහෝවා දෙවිට ගරුබිය දක්වන්න.+සියලු වැසියෙනි, ඔහු ඉදිරියේ ගරුබිය ඇතුව සිටින්න.+   මන්ද ඔහු යමක් පැවසුවේද එසැණින් එය ඉටු විය.+ඔහු යමක් අණ කළේද විගස එය සිදු විය.+ 10  යෙහෝවා දෙවි ජාතීන්ගේ සැලසුම් බිඳ දැමුවේය.+ඔහු ජනයාගේ සිතුවිලි අසාර්ථක කළේය.+ 11  යෙහෝවා දෙවිගේ අරමුණ සදහටම පවතින්නේය.+පරම්පරා ගණනාවක් ගත වුවත් ඔහුගේ කැමැත්ත එලෙසම පවතින්නේය.+ 12  යෙහෝවා දෙවිව තමන්ගේ දෙවි ලෙස පිළිගෙන සිටින ජාතියද+දෙවි තම උරුමය ලෙස තෝරාගත් සෙනඟද සන්තෝෂවත්ය.+ 13  යෙහෝවා දෙවි ස්වර්ගයේ සිට බැලූ විට+සියලු මනුෂ්‍යයන් ඔහුගේ නෙත ගැටිණ.+ 14  ඔහුගේ ස්ථිර වාසස්ථානයේ සිට+ඔහු පොළොවේ ජීවත් වන සියල්ලන් දෙස බැලුවේය. 15  ඔහු ඔවුන්ගේ හදවත් නිසි ලෙස සකසන්නේය.+ඔවුන්ගේ සියලු ක්‍රියාවන් සෝදිසි කර බලන්නේය.+ 16  යුධ සේනාවක් විශාල වූ පමණින් රජෙකුට ආරක්ෂාවක් නොලැබෙන්නේය.+බොහෝ බලය තමන් සතුව තිබූ පමණින් මිනිසෙක් නොගැලවෙන්නේය.+ 17  තමන්ට අශ්වයන් සිටි පමණින් ගැලවීම ලැබේයයි සිතීම මෝඩකමකි.+උන්ට බොහෝ ශක්තිය තිබුණත් ඉන් කිසිවෙකු ගලවාගත නොහැක.+ 18  යෙහෝවා දෙවිගේ ඇස් ඔහුට ගරුබිය ඇත්තාවූ+ඔහුගේ මහත් ප්‍රේමය* ලැබීමට ආශාවෙන් සිටින්නාවූ අය දෙසට යොමු වී තිබේ.+ 19  ඔවුන්ව මරණයෙන් ගලවාගන්නා පිණිසත්+සාගතයෙන් මිය යෑමට නොදී ආරක්ෂා කරගන්නා පිණිසත් ඔහු එසේ කර තිබේ.+ 20  අපි යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටින්නෙමු.+ඔහු අපේ උපකාරකයාය. අපේ පලිහය.+ 21  ඔහුගේ ශුද්ධ නාමය කෙරෙහි අපි විශ්වාසය තැබූ නිසා+අපේ සිත් සතුටෙන් පිරී ඉතිරී යන්නේය.+ 22  යෙහෝවා දෙවියනි, ඔබේ ප්‍රේමය* අපට පෙන්වන්න.+මන්ද අපි බලාපොරොත්තු තබා තිබෙන්නේ ඔබ කෙරෙහිය.+

පාදසටහන්

හෝ, “ළැදි ප්‍රේමයෙන්.”
මූ.අ., “සේනාවන්.”
හෝ, “ළැදි ප්‍රේමය.”
හෝ, “ළැදි ප්‍රේමය.”