ගීතාවලිය 31:1-24
සංගීත අධ්‍යක්ෂක වෙතය. දාවිත් රචනා කළ ගීතයකි.
31 යෙහෝවා දෙවියනි, මා රැකවරණය පැතුවේ ඔබගෙන්ය.+එබැවින් මාව කිසිදාක ලැජ්ජාවට පත් වීමට ඉඩ නොදෙන්න.+ඔබ ධර්මිෂ්ඨ දෙවි කෙනෙක් නිසා මට ගැලවීම සලසා දෙන්න.+
2 ඔබේ සවන් මා දෙසට යොමු කරන්න.+ඉක්මනින්ම මා ගලවාගන්න.+ඔබ මට පර්වතයක් බඳු බලකොටුවක් වන්න.+මාව බේරාගැනීමට ආරක්ෂක ගෘහයක් වන්න.+
3 මන්ද මාගේ පර්වතයත් මාගේ බලකොටුවත් ඔබය.+ඔබේ නාමය වෙනුවෙන්+ මට මඟ පෙන්වීම් ලබා දී ඔබ මා හරි මාර්ගයේ ගෙන යන්නෙහිය.+
4 ඔවුන් රහසින් මට දැමූ දැලින් ඔබ මා බේරාගන්නෙහිය.+මන්ද ඔබ මාගේ රක්ෂස්ථානයය.+
5 මම මාගේ ජීවිතය ඔබේ අතට භාර දෙමි.+සත්‍යතාවේ දෙවි වන යෙහෝවා,+ ඔබ මා මුදාගත්තෙහිය.+
6 කිසි වටිනාකමක් නැති දේවතා රූපවලට නමස්කාර කරන අයට මම ද්වේෂ කරමි.+නමුත් මා විශ්වාසය තබා තිබෙන්නේ යෙහෝවා දෙවි වන ඔබ කෙරෙහිය.+
7 මම ප්‍රීති වෙමි. ඔබ මට පෙන්වන මහත් ප්‍රේමය* ගැන මම ප්‍රීතියෙන් ඉපිල යන්නෙමි.+මන්ද මා විඳින දුක ඔබ දුටුවෙහිය.+මා මේ ජීවිතය තුළ මුහුණ දෙන සියලු කරදර ඔබ දන්නෙහිය.+
8 ඔබ මා සතුරාගේ අතට හසු කර නොදුන්නෙහිය.+ආරක්ෂිත ස්ථානයකට මා ගෙන ගියෙහිය.+
9 අනේ යෙහෝවා දෙවියනි, මට කරුණාව පෙන්වන්න. මන්ද මාගේ දුක මට දරාගත නොහැකිය.+ශෝකය නිසා මාගේ ගතත් සිතත්+ දෙනෙතත් දුර්වල වී ඇත.+
10 සෝදුකින් මාගේ ජීවිතය අවසානයට පැමිණ ඇත.+සුසුම්ලෑමෙන්ම මාගේ ජීවිතය ගෙවී ගොස් ඇත.+මා කළ වරද නිසා මාගේ ශක්තිය හීන වී+මාගේ ඇටකටු දුර්වල වී ඇත.+
11 මට විරුද්ධ වන සියල්ලන් ඉදිරියේ+ මම නින්දාවට ලක්ව සිටිමි.+මාගේ අසල්වැසියන් ඉදිරියේ මම අපහාසයට ලක්ව සිටිමි.+මාගේ මිත්‍රයෝ මා නිසා භයෙන් සිටිති.+මා එළිමහනේ සිටිනවා දැක ඔවුහු මා අත්හැර පලා දිව්වෝය.+
12 අන් අයගේ මතකයෙන් ගිලිහුණු මිය ගිය තැනැත්තෙකු මෙන් මාවද අමතක වී ගියේය.+මම බිඳුණු භාජනයක් මෙන් වුණෙමි.+
13 බොහෝදෙනෙකු මා ගැන නරක දේවල් පවසනවා මට අසන්න ලැබිණ.+භීතිය හාත්පස පැතිර ඇත.+ඔවුන් සියලුදෙනා එකතු වී+මට විරුද්ධව කුමන්ත්‍රණය කරන්නේ මාගේ ජීවිතය නැති කර දැමීමටය.+
14 නමුත් යෙහෝවා දෙවියනි, මාගේ විශ්වාසය ඔබ කෙරෙහිය.+එබැවින්, “ඔබ මාගේ දෙවි” යයි මම පැවසුවෙමි.+
15 මාගේ ජීවිතය ඔබ අතේය.+මාගේ සතුරන් අතින්ද මා පසුපස ලුහුබඳින්නන් අතින්ද මාව ගලවාගන්න.+
16 ඔබේ සේවකයාට කරුණාව පෙන්වන්න.+ඔබ මහත් ප්‍රේමයකින්* පිරි දෙවි කෙනෙක් නිසා මාව බේරාගන්න.+
17 යෙහෝවා දෙවියනි, මා ඔබට කන්නලව් කළ නිසා මාව ලැජ්ජාවට පත් වීමට ඉඩ නොදෙන්න.+දුෂ්ටයෝ ලැජ්ජාවට පත් වෙත්වා!+ඔවුහු මිනී වළෙහි නිහඬව සිටිත්වා!+
18 ධර්මිෂ්ඨ තැනැත්තාට විරුද්ධව දිගින් දිගටම බොරු කියමින්+උඩඟු හා අපහාසාත්මක ලෙස කතා කරන්නන්ව+ නිහඬ කරනු ලැබේවා!+
19 ඔබ කෙරෙහි ගරුබියක් ඇති අයට ආශීර්වාද කිරීම සඳහා වස්තුවක් මෙන් සුරැකිව තබා තිබෙන+ ඔබේ යහපත්කම මොන තරම්ද!+ඔබේ රැකවරණය පතන අයට ඔබ සියල්ලන් ඉදිරියේ ඔබේ යහපත්කම පෙන්වන්නෙහිය.+
20 මිනිසුන් එකතු වී ඔවුන්ට විරුද්ධව කුමන්ත්‍රණ කරන විට+ඔබ ඔබේ රහසිගත ස්ථානයේ ඔවුන්ව සුරක්ෂිතව තබාගන්නෙහිය.+මිනිසුන් ඔවුන්ට බැණවදින විට+ ඔබ ඔවුන්ව ඔබේ කූඩාරමේ සඟවා තබාගන්නෙහිය.
21 වටලා තිබූ නගරයක සිටි මට+ පුදුමාකාර ලෙස ඔබ ඔබේ මහත් ප්‍රේමය* පෙන්වූ බැවින්+යෙහෝවා දෙවි වන ඔබට ප්‍රශංසා වේවා!+
22 සතුරන් නිසා මා කලබලයට පත් වූ විට,+“අනිවාර්යයෙන්ම ඔවුන් මාව මරා දමයි” කියා මම සිතුවෙමි.+නමුත් ඔබේ උපකාරය පතා මා ඔබට කන්නලව් කළ විට ඔබ මාගේ හඬට ඇහුම්කන් දුන්නෙහිය.+
23 යෙහෝවා දෙවිට පක්ෂපාත සියල්ලෙනි, ඔහුට ප්‍රේම කරන්න.+විශ්වාසවන්තව සිටින අයව යෙහෝවා දෙවි ආරක්ෂා කරන්නේය.+නමුත් උඩඟු අයට සුදුසු දඬුවම ඔහු ලබා දෙන්නේය.+
24 යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබා සිටින සියල්ලෙනි,+ධෛර්යවත්ව සිටින්න. කිසි දෙයකට භය නොවන්න.+