ගීතාවලිය 3:1-8

දාවිත් තම පුත් අබ්සලොම් වෙතින් පලා යන විට රචනා කළ ගීතයකි.+ 3  යෙහෝවා දෙවියනි, බොහෝදෙනෙක් මට විරුද්ධව ක්‍රියා කරන්නේ මන්ද?+මෙපමණදෙනෙක් මට විරුද්ධව නැඟී සිටින්නේ මන්ද?+   “දෙවි ඔහුව ගලවාගන්නේ නැහැ”+කියා බොහෝදෙනෙක් මා ගැන පවසති. සීලාහ්.*   එහෙත් යෙහෝවා දෙවියනි, ඔබ මට පලිහක් මෙනි.+මාගේ ගෞරවය ඔබය.+ මා උසස් කරන තැනැත්තාණන් ඔබය.+   මම හඬ නඟා යෙහෝවා දෙවිට කතා කරන්නෙමි.ඔහු තම ශුද්ධ කන්දේ සිට මට පිළිතුරු දෙන්නේය.+ සීලාහ්.   මම සුවෙන් නිදාගන්නෙමි.නිසැකවම මම නැවත අවදි වන්නෙමි. මන්ද යෙහෝවා දෙවි මාව රැකබලා ගන්නේය.+   මාගේ විරුද්ධකාරයන් දසදහසක් මා වැටලුවත්මම බිය නොවන්නෙමි.+   යෙහෝවා දෙවියනි, මා වෙනුවෙන් නැඟී සිටින්න!+ මාගේ දෙවියනි,+ මාව බේරාගන්න!+මාගේ සියලු සතුරන්ගේ කම්මුලට පහර දෙන්න.+දුෂ්ටයන්ගේ දත් බිඳ දමන්න.+   ගැලවීම ලැබෙන්නේ යෙහෝවා දෙවිගෙන්ය.+ඔබේ සෙනඟට ඔබ ආශීර්වාද කරන්නෙහිය.+ සීලාහ්.

පාදසටහන්

සීලාහ්’ යනු සංගීත වාදනයේදී හෝ ගීතිකා ගැයීමේදී යොදාගත් හෙබ්‍රෙව් යෙදුමකි. එහි නියම අර්ථය පැහැදිලිව කිව නොහැක.