ගීතාවලිය 28:1-9

දාවිත් රචනා කළ ගීතයකි. 28  යෙහෝවා දෙවියනි, මම ඔබට දිගටම හඬගසමි.+මාගේ පර්වතය, මා කිවූ දේ නොඇසුණාක් මෙන් නොසිටින්න.+නිහඬව සිට+මාව මිනී වළට නියම නොකරන්න.+   ඔබේ උපකාරය පතා මා කරන කන්නලව්වලට සවන් දෙන්න.ඔබේ ශුද්ධස්ථානයේ ඇතුල් කාමරය දෙසට හැරී+ යාච්ඤාවෙන් මා දෑත් ඔසවන කල+ මට ඇහුම්කන් දෙන්න.   දුෂ්ටයන් හා නපුරු ක්‍රියා කරන්නන් සමඟ මාව විනාශ නොකරන්න.+ඔවුහු සිතේ නපුරු චේතනා තබාගෙන+ අසල්වාසීන් සමඟ හොඳින් කතා කරති.+   ඔවුන්ගේ ක්‍රියාවලට අනුවද+ඔවුන්ගේ නපුරුකම්වලට අනුවද ඔවුන්ට ප්‍රතිඵල දෙන්න.+ඔවුන් කරන දේට ඔවුන්ට දඬුවම් කරන්න.+ඔවුන්ගේ ක්‍රියාවලට අනුව ඔවුන්ට ප්‍රතිඵල දෙන්න.+   මන්ද ඔවුහු යෙහෝවා දෙවිගේ ක්‍රියාද+දෙවිගේ දෑතින් කළ නිර්මාණද කිසි ගණනකට නොගත්තෝය.+දෙවි ඔවුන්ව සදහටම බිඳ දමන්නේය.   යෙහෝවා දෙවිට ප්‍රශංසා වේවා! මන්ද ඔහු මාගේ කන්නලව්වට ඇහුම්කන් දුන්නේය.+   යෙහෝවා දෙවි මාගේ ශක්තියය.+ මාගේ පලිහය.+මම මුළු සිතින්ම ඔහු කෙරෙහි විශ්වාසය තබමි.+ඔහු මට උපකාර කළේය. එබැවින් මාගේ සිත ප්‍රීතියෙන් පිනා යයි.+ගී ගයමින් මම ඔහුට ප්‍රශංසා කරමි.+   යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟට ශක්තියකි.+ඔහුගේ අභිෂේක ලත් තැනැත්තාට අතිවිශිෂ්ට ගැලවීමක් සලසා දෙන බලකොටුවකි.+   ඔබේ සෙනඟව ගලවාගන්න. ඔබේ උරුමය වන ඔවුන්ට ආශීර්වාද කරන්න.+එඬේරෙකු මෙන් ඔවුන්ව රැකබලා ගනිමින් සදහටම ඔවුන්ව උසුලාගෙන යන්න.+

පාදසටහන්