ගීතාවලිය 26:1-12

දාවිත් රචනා කළ ගීතයකි. 26  යෙහෝවා දෙවියනි, මා ඔබට විශ්වාසවන්තව සිටින බැවින්+ මට යුක්තිය ඉටු කර දෙන්න.+නොසෙල්වී ස්ථිරව සිටින පිණිස මම යෙහෝවා දෙවි වන ඔබ කෙරෙහි විශ්වාසය තැබුවෙමි.+   යෙහෝවා දෙවියනි, මාව සෝදිසි කරන්න. මා කෙබඳු කෙනෙක්දැයි සෝදිසි කර බලන්න.+මාගේ ඇතුළාන්ත හැඟීම් සහ සිතුවිලි* තව තවත් පවිත්‍ර කරන්න.+   ඔබේ ප්‍රේමය* නිතරම මා ඉදිරියේ තිබේ.සත්‍යය නමැති ඔබේ මාර්ගයේ මම ගමන් කරන්නෙමි.+   වංක මිනිස්සුන් සමඟ හිඳ නොගත්තෙමි.+තමන් කවුදැයි සඟවන අය සමඟ ඇසුරු නොකළෙමි.+   නපුරු මනුෂ්‍යයන්ගේ ආශ්‍රයට මම ද්වේෂ කළෙමි.+දුෂ්ටයන් සමඟ හිඳ නොගන්නෙමි.+   මාගේ නිදොස් බව පෙන්වීමට මම මාගේ දෑත් සෝදාගන්නෙමි.+යෙහෝවා දෙවියනි, මම ඔබේ පූජාසනය වටා ඇවිදින්නෙමි.+   මාගේ ස්තුති ප්‍රශංසා සියල්ලන්ට ඇසෙන පිණිසත්+ඔබේ සියලු පුදුම ක්‍රියා ප්‍රකාශ කරන පිණිසත් එසේ කරන්නෙමි.+   යෙහෝවා දෙවියනි, ඔබ වාසය කරන ඔබේ ගෘහයටද+ඔබේ තේජස තිබෙන ස්ථානයටද මම බොහෝ සෙයින් ඇලුම් කරමි.+   පව්කාරයන් සමඟ මාගේ ජීවිතය විනාශ නොකරන්න.+ලේ වැගිරවූ අය සමඟ මාගේ ජීවිතය නැති නොකරන්න.+ 10  ඔවුන්ගේ දෑත්වල දුෂ්ටකම* ඇත.+ඔවුන්ගේ දකුණත අල්ලස්වලින් පිරී ඇත.+ 11  නමුත් මම ඔබට විශ්වාසවන්තව ජීවත් වුණෙමි.+අනේ, මට කරුණාව පෙන්වා+ මාව මුදවාගන්න.+ 12  එවිට සමතලා බිමක ගමන් කිරීමට මට හැකි වනු ඇත.+රැස්ව සිටින සෙනඟ සමඟ මමද යෙහෝවා දෙවි වන ඔබට ප්‍රශංසා කරන්නෙමි.+

පාදසටහන්

මූ.අ., “සිත සහ වකුගඩු.”
හෝ, “ළැදි ප්‍රේමය.”
මූ.අ., “නින්දිත ක්‍රියා.”