ගීතාවලිය 21:1-13

සංගීත අධ්‍යක්ෂක වෙතය. දාවිත් රචනා කළ ගීතයකි. 21  යෙහෝවා දෙවියනි, ඔබ ලබා දෙන ශක්තිය නිසා රජු ප්‍රීති වන්නේය.+ඔබ දෙන ගැලවීම නිසා ඔහු නිරන්තරයෙන් ප්‍රීති වන්නේය.+   ඔහුගේ සිතේ ආශාව ඔබ ඉටු කළෙහිය.+ඔහුගේ මුවින් ඉල්ලූ දේ ඔබ නොදී නොසිටියෙහිය.+ සීලාහ්.   ඔබ ඔහුට ආශීර්වාද කර යහපත් දේවල් බහුලව සැපයුවෙහිය.+පිරිසිදු රනින් නිමැවූ ඔටුන්නක් ඔහුගේ හිසේ තැබුවෙහිය.+   ඔහු ඔබෙන් දීර්ඝායුෂ ඉල්ලුවේය. ඔබ ඔහුට එය දුන්නෙහිය.+නිමක් නැති ජීවිතයක් ලබා දීමෙන් ඔබ ඔහුගේ ආයුෂ වැඩි කළෙහිය.+   ඔබ දෙන ගැලවීම නිසා ඔහුට මහත් තේජසක් ලැබෙන්නේය.+ඔබ ඔහුව ගෞරවයෙන්ද තේජසින්ද පළඳවන්නෙහිය.+   ඔබ ඔහුට සදහටම බොහෝ සෙයින් ආශීර්වාද කරන්නෙහිය.+ඔබ සමඟ සිටීමෙන් ලැබෙන ප්‍රීතිය අද්දැකීමට ඔබ ඔහුට සලස්වන්නෙහිය.+   මන්ද රජුගේ විශ්වාසය යෙහෝවා දෙවි කෙරෙහිය.+ඔහු මහෝත්තමයාණන්ගේ මහත් ප්‍රේමය* කෙරෙහි විශ්වාසය තබන්නේය. ඒ නිසා ඔහු කිසිදාක නොසෙල්වෙන්නේය.+   ඔබේ සියලු සතුරෝ ඔබේ අතට හසු වෙති.+ඔබට වෛර කරන අය ඔබේ දකුණතට හසු වෙති.   නියමිත කාලයේදී ඔබ ඔවුන්ට විරුද්ධව පැමිණෙන විට ගිනි උදුනකට දැමූ අය මෙන් ඔවුහු දැවී යන්නෝය.+යෙහෝවා දෙවි කෝපයෙන් ඔවුන්ව ගිල දමන්නේය. ගින්නෙන් ඔවුහු දැවී යන්නෝය.+ 10  ඔබ ඔවුන්ගෙන් පැවතෙන්නන් පොළොවෙන් තුරන් කරන්නෙහිය.+ඔවුන්ගේ පෙළපත මනුෂ්‍යයන් අතරෙන් නැති කර දමන්නෙහිය.+ 11  මන්ද ඔවුහු ඔබට විරුද්ධව නපුරු දේ කිරීමට උත්සාහ කළෝය.+ඔවුහු තමන්ට ක්‍රියාත්මක කළ නොහැකි දේවල් සැලසුම් කළෝය.+ 12  ඔබ ඔවුන්ට පලා දුවන්න සලස්වන්නෙහිය.+ඔවුන්ගේ මුහුණට දුන්නෙන් විදීමට ඔබ සූදානමින් සිටින්නෙහිය.+ 13  යෙහෝවා දෙවියනි, ඔබේ බලය විදහා ඔබ බලවත් දෙවි කෙනෙක් බව පෙන්වන්න.+අපි ඔබේ මහත් බලය ගැන ගී ගයමින් ඔබට ප්‍රශංසා කරන්නෙමු.+

පාදසටහන්

හෝ, “ළැදි ප්‍රේමය.”