ගීතාවලිය 2:1-12
2 සියලු ජාතීන් කැලඹී සිටින්නේ මන්ද?+පලක් නැති දේවල් ජනයා යෝජනා කරන්නේ මන්ද?+
2 යෙහෝවා දෙවිටත්+ ඔහුගේ අභිෂේක ලත් තැනැත්තාටත් විරුද්ධව+පොළොවේ රජවරු නැඟී සිටිති.+පාලකයෝද එකට රැස්ව සිටිති.+
3 “ඔවුන් දමා ඇති මේ පටි අපි කඩා දමමු.+අපිට දමා ඇති මේ දම්වැල් ගලවා වීසි කරමු”+ කියා ඔවුහු කියති.
4 ස්වර්ගයේ+ තම සිංහාසනයේ සිටින තැනැත්තාණෝ එය අසා සිනාසෙන්නේය.යෙහෝවා දෙවි ඉදිරියේ ඔවුහු විහිළුවකට ලක් වන්නෝය.+
5 එකල ඔහු කෝපයෙන් ඔවුන්ට කතා කරන්නේය.+ඔහුගේ දැඩි උදහසට ඔවුහු කලබල වන්නෝය.+
6 “මාගේ ශුද්ධ කන්ද+ වන සියොන්හිදී+මා තෝරාගත් තැනැත්තාව මම රජකමට පත් කළෙමි”+ කියා දෙවි කියන්නේය.
7 යෙහෝවා දෙවි කළ ගිවිසුම මම සඳහන් කරන්නෙමි.ඔහු මට මෙසේ කීවේය. “ඔබ මාගේ පුත්රයාය.+අද සිට මම ඔබේ පියා වන්නෙමි.+
8 මාගෙන් ඉල්ලන්න.+ එවිට මම සියලු ජාතීන්ව ඔබට උරුමයක් ලෙස දෙන්නෙමි.+පොළොවේ කෙළවර දක්වා තිබෙන සෑම දෙයක්ම ඔබට ලබා දෙන්නෙමි.+
9 ඔබ ඔවුන්ව යකඩ යෂ්ටියකින් විනාශ කරන්නෙහිය.+මැටි බඳුනක් කැබලි කරන්නාක් මෙන් ඔවුන්ව කැබලි කරන්නෙහිය.”+
10 එබැවින් රජවරුනි, අවබෝධයෙන් යුතුව කටයුතු කරන්න.පොළොවේ විනිශ්චයකරුවෙනි, මෙයින් පාඩමක් ඉගෙනගන්න.+
11 ගරුබිය ඇතුව යෙහෝවා දෙවිට සේවය කරන්න.+ඔහුට ගැඹුරු ගෞරවය දැක්වීමෙන් ප්රීතිය ලබන්න.+
12 දෙවිව කෝප නොකරන පිණිසදඔබ විනාශ නොවන පිණිසද+ ඔහුගේ පුත්රයාව පිළිගන්න.*+මන්ද ඔහුගේ උදහස වහා ඇවිළෙන්නේය.+ඔහුගේ රැකවරණය සොයා එය ලබාගන්නෝ සන්තෝෂවත්ය.+
පාදසටහන්
^ මූ.අ., “පුත්රයාව සිපගන්න.”