ගීතාවලිය 19:1-14

සංගීත අධ්‍යක්ෂක වෙතය. දාවිත් රචනා කළ ගීතයකි. 19  අහස, දෙවිගේ බලමහිමය ප්‍රකාශ කරයි.+ගුවන්තලය, ඔහු තම දෑතින් නිර්මාණය කළ දේට සාක්ෂි දෙයි.+   සෑම දහවලක්ම දෙවිගේ තේජස කියාපායි.+සෑම රාත්‍රියක්ම නිමක් තෙරක් නැති ඔහුගේ දැනුම විදහාපායි.+   ඒවා කතා නොකරයි. වචනයක්වත් පිට නොකරයි.කිසිදු හඬක් නොඇසෙයි.+   නමුත් ඒවායින් දෙන සාක්ෂිය මුළු පොළෝතලය පුරා පැතිරී යන්නේය.+ඒවායින් කියාපාන දේ පොළොවේ කෙළවර දක්වාම පැතිරී යන්නේය.+දෙවි සූර්යයාට කූඩාරමක් එහි සාදා ඇත.+   හිරු කුමරු, විවාහ යහනෙන් නික්මෙන මනාලයෙකු වැනිය.+තමාගේ ගමන දිවීමට ප්‍රීතියෙන් සූදානමින් සිටින ශක්තිමත් මිනිසෙකු වැනිය.+   එය අහසේ එක් කෙළවරකින් නික්ම ඇවිත්අනික් කෙළවරින් තම ගමන අවසන් කරයි.+එහි රස්නය නොදැනෙන කිසිවක් නැත.+   යෙහෝවා දෙවිගේ නීතිය+ පරිපූර්ණය.+ එය කෙනෙකුව හරි මාර්ගයට ගෙනෙන්නේය.+යෙහෝවා දෙවිගේ සිහිගැන්වීම්+ විශ්වාසවන්තය.+ ඒවා අද්දැකීම් අඩු තැනැත්තාට ප්‍රඥාව ලබා දෙන්නේය.+   යෙහෝවා දෙවිගේ නියෝග+ සාධාරණය.+ ඒවා සිතට සතුටක් ගෙන දෙන්නේය.+යෙහෝවා දෙවිගේ ආඥා+ පවිත්‍රය.+ ඒවා ඇස් දීප්තිමත් කරන්නේය.+   යෙහෝවා දෙවි කෙරෙහි ඇති ගරුබිය+ කෙනෙකුව පවිත්‍ර කරන්නේය. එය සදහටම පවතින්නේය.යෙහෝවා දෙවිගේ තීන්දු+ නිවැරදිය.+ ඒවා මුළුමනින්ම යුක්තිසහගතය.+ 10  රන්වලට වඩා එසේය, පවිත්‍ර රන් රාශියකට වඩා ඒවාට ආශා විය යුතුය.+ඒවා මීපැණිවලට+ එසේය, මීවදයෙන් වෑස්සෙන පවිත්‍ර මීපැණිවලට වඩා මිහිරිය.+ 11  ඒවායින් ඔබේ සේවකයාට අනතුරු ඇඟවීම් ලැබෙන්නේය.+ඒවා පිළිපැදීමෙන් බොහෝ ආශීර්වාද ලැබෙන්නේය.+ 12  තමා කළ වැරදි සියල්ල දැනගත හැක්කේ කාටද?+මා නොදැනුවත්ව කළ පාපවලට* මට සමාව දෙන්න.+ 13  හිතුවක්කාර ලෙස ක්‍රියා කිරීමට ඔබේ සේවකයාට ඉඩ නොදෙන්න.+එවැනි ක්‍රියාවලට වහල් වීමට මට ඉඩ නොදෙන්න.+එවිට නිර්දෝෂ ජීවිතයක් ගත කිරීමට මට හැකියාව ලැබෙන්නේය.+මා අතින් සිදු වන වැරදිද අල්ප වන්නේය. 14  මාගේ පර්වතයද+ මාගේ ගැලවුම්කරුද වන යෙහෝවා දෙවියනි,+මාගේ මුවින් පිට වන වචනද මාගේ සිතේ සිතුවිලිද+ සැමවිටම ඔබ ඉදිරියේ ප්‍රසන්නව තිබේවා!

පාදසටහන්

හෝ, “රහසින් කළ පව්වලට.”