ගීතාවලිය 18:1-50
සංගීත අධ්‍යක්ෂක වෙතය. යෙහෝවා දෙවිගේ සේවකයෙකු වූ දාවිත් රචනා කළ ගීතයකි. යෙහෝවා දෙවි දාවිත්ව ඔහුගේ සියලු සතුරන් අතින්ද සාවුල් අතින්ද ගැලවූ දවසේදී ඔහු යෙහෝවා දෙවිට මේ ගීතය ගැයුවේය.+
18 මාගේ ශක්තිය වන යෙහෝවා දෙවියනි, මම ඔබට ප්‍රේම කරමි.+
2 යෙහෝවා දෙවි වූ ඔබ මාගේ පර්වතයය. මාගේ බලකොටුවය. මට ගැලවීම ලබා දෙන තැනැත්තාණන්ය.+මාගේ දෙවි මාගේ පර්වතයය. මම ඔහුගේ ආරක්ෂාව පතමි.+ඔහු මාගේ පලිහය. මාගේ ගැලවීමේ අඟය. මට සුරක්ෂිතබවක් ලබා දෙන උස් බලකොටුව ඔහුය.+
3 ප්‍රශංසාව ලැබීමට වටින තැනැත්තාණන් වන යෙහෝවා දෙවිට මම හඬගසන්නෙමි.+එවිට ඔහු මාගේ සතුරන්ගේ අතින් මාව බේරාගනු ඇත.+
4 මරණයේ රැහැන් මා වටා එතුණේය.+සැඩ පහරක් මෙන් කිසි කමකට නැති මිනිස්සු නොසිතූ මොහොතක මා වෙතට පැමිණ මා බිය ගැන්වූහ.+
5 මිනී වළෙහි බැමි මා වට කළේය.+මරණයේ උගුල් මට තර්ජනය කළේය.+
6 මාගේ විපතේදී මම දිගටම යෙහෝවා දෙවිට හඬගැසුවෙමි.උපකාරය පතා මාගේ දෙවිට මම හඬමින් දිගටම කන්නලව් කළෙමි.+තම මාලිගාවේ සිටි ඔහුට මාගේ හඬ ඇසිණ.+මා කළ මොරගැසීම ඔහුගේ දෙසවනට වැටිණ.+
7 ඔහුගේ කෝපය නිසා පොළොව සෙලවී කම්පනය විය.+කඳුවල අත්තිවාරම් පවා සෙලවිය.+ඒවා තදින් දෙදරුම් කන්නට විය.+
8 ඔහුගේ නාසයෙන් දුම් නැග්ගේය. ඔහුගේ මුවින් පිට වූ ගින්නෙන් අවට දැවී ගියේය.+ඇවිළෙන ගින්නක් ඔහු වෙතින් නික්මුණේය.
9 ඔහු අහස නමා පහතට බැස ආවේය.+අඳුරු වලාකුළු ඔහුගේ පාද යට තිබුණේය.
10 ඔහු කෙරුබ්වරයෙකු පිට නැඟී පියාසර කරමින් ආවේය.+දේවදූතයෙකුගේ පියාපත්* පිට නැඟී වේගයෙන් ආවේය.+
11 ඔහු අන්ධකාරයේ සැඟවුණේය.+අඳුරු වැහි වලාවන් ඔහුගේ කූඩාරම වූවේය.+
12 ඔහු ඉදිරියෙන් නික්මුණු දීප්තිය ඔහු වටා තිබූ වලාකුළු අතරින් විහිදී ගියේය.+හිම කැට සහ ගිනි අඟුරු වර්ෂාවක්ද ඇද හැළුණේය.+
13 අහස ගිගුරුම් දෙන්නට යෙහෝවා දෙවි සැලැස්වූවේය.+මහෝත්තමයාණන්ගේ හඬ දසත පැතිරුණේය.+එවිට හිම කැට සහ ගිනි අඟුරු වර්ෂාවක් ඇද හැළුණේය.
14 ඔහු ඔවුන්ව විසුරුවාහැරීමට ඊතල විද්දේය.+ඔවුන්ව වියවුල් කිරීමට අකුණුවලින් පහර දුන්නේය.+
15 යෙහෝවා දෙවියනි, ඔබේ තරවටුව නිසාද ඔබේ නාසයෙන් හුස්ම පිට වූ විට ඇති වූ පිපිරීම නිසාද+ගංගාවල පතුල මතු විය.+පොළොවේ අත්තිවාරම් පවා පෙනුණේය.+
16 ඉහළ සිට ඔහු තම හස්තය දිගු කොට මා අල්ලාගත්තේය.+ගැඹුරු ජලයෙන් ඔහු මාව ඉහළට ඇදගත්තේය.+
17 මට වෛර කරන මාගේ බලවත් සතුරන් අතින් ඔහු මාව ගැලෙව්වේය.+එසේ කළේ ඔවුන් මට වඩා ශක්තිමත් වූ බැවිනි.+
18 මා විපත්තිවලට මුහුණ දුන් විට ඔවුහු දිගටම මට තර්ජනය කළෝය.+නමුත් යෙහෝවා දෙවි මාගේ උපකාරයට පැමිණියේය.+
19 ඔහු මාව ආරක්ෂිත ස්ථානයකට ගෙනාවේය.+ඔහු මා ගැන සතුටු වූ නිසා මාව බේරාගත්තේය.+
20 මාගේ ධර්මිෂ්ඨ ක්‍රියාවලට අනුව යෙහෝවා දෙවි මට ආශීර්වාද කරන්නේය.+මා පවිත්‍ර ජීවිතයක් ගත කරන නිසා ඔහු මට ආශීර්වාද කරන්නේය.+
21 මම යෙහෝවා දෙවිගේ මාර්ගයේ ගමන් කළෙමි.+දුෂ්ට ලෙස ක්‍රියා කර, මාගේ දෙවිව අත්හැර නොගියෙමි.+
22 ඔහු දුන් සියලු තීන්දු මාගේ සිතේ තබාගත්තෙමි.+ඔහුගේ පනත්වලින් මම ඉවත්ව නොගියෙමි.+
23 මම නිර්දෝෂ බව ඔහුට ඔප්පු කර පෙන්වන්නෙමි.+වැරදි කිරීමෙන් වැළකී සිටින්නෙමි.+
24 එවිට මාගේ ධර්මිෂ්ඨ ක්‍රියාවලට අනුවද+ඔහු ඉදිරියේ මා ගත කරන පවිත්‍ර ජීවිතයට අනුවද+ යෙහෝවා දෙවි මට ආශීර්වාද කරන්නේය.
25 ඔබව අත් නොහරින කෙනෙකුව ඔබත් කිසිදාක අත් නොහරින්නෙහිය.+නිර්දෝෂ තැනැත්තාව කිසි කලෙක ඔබ අත් නොහරින්නෙහිය.+
26 පවිත්‍ර සිතක් ඇති තැනැත්තාට ඔබ ආශීර්වාද කරන්නෙහිය.+වංක තැනැත්තාට ඔහුගේ ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙන්නෙහිය.+
27 පීඩිත වූ අයව ඔබ ගලවාගන්නෙහිය.+නමුත් උඩඟු අයව ඔබ පහත් කරන්නෙහිය.+
28 යෙහෝවා දෙවියනි, මාගේ පහන දල්වන්නේ ඔබයි.+මාගේ දෙවියනි, මාගේ අන්ධකාරය ආලෝකයට හරවන්නේ ඔබයි.+
29 ඔබේ උපකාරය ඇතුව මට සේනාවකට විරුද්ධව වුවත් නැඟී සිටිය හැක.+මාගේ දෙවිගේ උපකාරය ඇතුව මට මහා පවුරකට වුවත් නැඟිය හැක.+
30 සැබෑ දෙවිගේ මාර්ගය පරිපූර්ණය.+යෙහෝවා දෙවිගේ වචනය පවිත්‍රය.+ඔහුගේ රැකවරණය සොයන සියල්ලන්ට ඔහු පලිහක්ය.+
31 යෙහෝවා දෙවි හැර වෙන දෙවි කෙනෙක් සිටීද?+අපේ දෙවි පර්වතයකි. ඔහුට සමාන තවත් කෙනෙක් සිටීද?+
32 සැබෑ දෙවි මාගේ ඉඟටිය, ශක්තිය නමැති පටියෙන් බඳින්නේය.+ඔහු මාගේ මාවත සමතලා කරන්නේය.+
33 මුවදෙනෙකු මෙන් දිවීමට ඔහු මට උපකාර කරන්නේය.+මට තනිව යා නොහැකි උස් තැන්වලට ඔහු මාව ගෙන යන්නේය.+
34 ඔහු මට සටන් කිරීමට උගන්වන්නේය.+ඔහුගේ උපකාරය ඇතුව මාගේ දෑතින් මම තඹ දුන්නක් වුවත් නමන්නෙමි.+
35 ඔබේ ගැලවීම නමැති පලිහ ඔබ මට දෙන්නෙහිය.+ඔබේ දකුණතින් මාව සුරකින්නෙහිය.+ඔබ යටහත්පහත් කෙනෙක් නිසා මාව උසස් තත්වයකට ගෙනෙන්නෙහිය.+
36 ඔබ මා ගමන් කරන මඟෙහි අවහිර තැන් සකසන්නෙහිය.+එබැවින් මාගේ පාද කිසිසේත් නොලිස්සන්නේය.+
37 මම මාගේ සතුරන් පසුපස ලුහුබැඳ ගොස් ඔවුන්ව අල්ලාගන්නෙමි.ඔවුන්ව මුළුමනින්ම විනාශ කරන තුරු ආපසු හැරී නොඑන්නෙමි.+
38 ඔවුන්ට නැවත හිස එසවිය නොහැකි වන සේ මම ඔවුන්ව කැබලි කරන්නෙමි.+ඔවුන්ව පාගා දමන්නෙමි.+
39 ඔබ මාගේ ඉඟටිය, ශක්තිය නමැති පටියෙන් බැඳ මාව සටනට සූදානම් කරන්නෙහිය.මට විරුද්ධව නැඟී සිටින අයව ඔබ මා ඉදිරියේම වැටෙන්න සලස්වන්නෙහිය.+
40 ඔබ මාගේ සතුරන්ව මට යටත් කර දෙන බැවින්+ ඔවුහු මා වෙතින් පලා දුවන්නෝය.මට දැඩි සේ වෛර කරන අයව මම විනාශ කරන්නෙමි.+
41 ඔවුන් උපකාර පතා මොරගැසුවත් ඔවුන්ව ගලවාගන්න කිසිවෙක් පැමිණියේ නැත.+ඔවුන් යෙහෝවා දෙවිට මොරගැසුවත් ඔහු ඔවුන්ට පිළිතුරු දෙන්නේ නැත.+
42 මම ඔවුන්ව පොඩි කර, සුළඟට ගසාගෙන යන දූවිලි මෙන් වීමට සලස්වන්නෙමි.+පාරේ තිබෙන මඩ මෙන් මම ඔවුන්ව විසුරුවාහරින්නෙමි.+
43 සෙනඟ මට කරන චෝදනාවලින් ඔබ මාව නිදහස් කරන්නෙහිය.+ජාතීන් කෙරෙහි නායකයා ලෙස ඔබ මාව පත් කරන්නෙහිය.+මා කලින් නොදත් සෙනඟක් මට සේවය කරනු ඇත.+
44 මා ගැන අසන්න ලැබුණු වහාම ඔවුහු මට කීකරු වනු ඇත.+විදේශිකයෝ පවා භයෙන් වෙවුලමින් මා වෙතට පැමිණ මට යටත් වනු ඇත.+
45 විදේශිකයෝ පසුබසිති.ඔවුහු භයෙන් ගැහිගැහී තමන්ගේ බලකොටුවලින් එළියට පැමිණෙති.+
46 යෙහෝවා දෙවි ජීවමානය.+ මාගේ පර්වතය වන දෙවිට+ ප්‍රශංසාව ලැබේවා!මට ගැලවීම ලබා දෙන දෙවි සියල්ලන්ගේ පැසසුමට ලක් වේවා!+
47 සැබෑ දෙවි මා වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නේය.+ජාතීන්ව මට යටත් කර දෙන්නේය.+
48 කෝපයෙන් වියරු වැටුණු මාගේ සතුරන්ගෙන් ඔහු මාව බේරාගන්නේය.+මට විරුද්ධව නැඟී සිටින අයට හසු නොවන සේ ඔබ මාව ඉහළින් තබන්නෙහිය.+දාමරිකයාගේ අතින් ඔබ මාව මුදාගන්නෙහිය.+
49 එබැවින් යෙහෝවා දෙවියනි, ජාතීන් ඉදිරියේ මම ඔබට ප්‍රශංසා කරන්නෙමි.+ඔබේ නාමයට ප්‍රශංසා ගී ගයන්නෙමි.+
50 තමා පත් කළ රජුව ගලවාගැනීමට දෙවි මහත් ක්‍රියා කරන්නේය.+ඔහුගේ අභිෂේක ලත් තැනැත්තාට ඔහු ප්‍රේමය* පෙන්වන්නේය.+දෙවි, දාවිත්ටත් ඔහුගෙන් පැවතෙන්නන්ටත් සදහටම එසේ කරන්නේය.+