ගීතාවලිය 17:1-15
දාවිත්ගේ යාච්ඤාවකි.
17 යෙහෝවා දෙවියනි, මාගේ සාධාරණ ඉල්ලීමට සවන් දෙන්න. මාගේ කන්නලව්වට ඇහුම්කන් දෙන්න.+අවංකව මා කරන මේ යාච්ඤාවට කන් දෙන්න.+
2 මාගේ මේ කාරණයට තීන්දුව ඔබගෙන් ලැබේවා!+ඔබ එයට සාධාරණ විනිශ්චයක් ලබා දේවා!+
3 ඔබ මාගේ සිත විමසා බලා රාත්රියේදී මාව සෝදිසි කළෙහිය.+ඔබ මා පවිත්‍ර කළෙහිය. මා කුමන්ත්‍රණ නොකළ කෙනෙකු බව ඔබ දකින්නෙහිය.+මම කිසි වැරදි දෙයක් නොකීමට තීරණය කළෙමි.+
4 මිනිසුන් කෙසේ ක්‍රියා කළත් ඔබ පවසා ඇති දේට එකඟව කටයුතු කිරීමට මම අදිටන් කරගතිමි.සොරා යන මාර්ගයේ නොයෑමට මම වගබලා ගතිමි.+
5 ඔබ පෙන්වන මාර්ගයේ මම දිගටම ගමන් කරමි.+එවිට මාගේ පය කිසිදා පැටලෙන්නේ නැත.+
6 දෙවියනි, ඔබ මට පිළිතුරු දෙන නිසා මම ඔබේ නාමයෙන් අයැදිමි.+අනේ, මට කන් දෙන්න. මා කියන දේට ඇහුම්කන් දෙන්න.+
7 ගැලවුම්කරුවෙනි, ඔබේ රැකවරණය පතන අයට ඔබේ මහත් ප්‍රේමය* විශිෂ්ට අන්දමින් පෙන්වන්න.+ඔබේ බලවත් හස්තයට* විරුද්ධ වන අයගෙන් ඔවුන්ව ආරක්ෂා කරන්න.+
8 ඇසේ කලු ඉංගිරියාව මෙන් මාව රැකගන්න.+ඔබේ පියාපත් සෙවණෙහි මාව සඟවාගන්න.+
9 මන්ද දුෂ්ටයෝ මට විරුද්ධව ක්‍රියා කරති.මාගේ ජීවිතය විනාශ කර දැමීමට දැනටමත් සතුරෝ මා වටා රැස්ව සිටිති.+
10 ඔවුහු තමන්ගේ සිත් දැඩි කරගෙන සිටිති.*+අහංකාර ලෙස කතා කරති.+
11 අප යන යන තැන ඔවුහු අපව වට කරති.+අපව බිම හෙළන්නේ කොයි මොහොතේද කියා බලා සිටිති.+
12 ඔවුන් එක් එක් කෙනා ගොදුර ඉරා දමන තෙක් නොඉවසිල්ලෙන් සිටින සිංහයන් මෙනි.+මඟ රැක සිටින තරුණ සිංහයන්ට ඔවුන් සමානය.
13 යෙහෝවා දෙවියනි, ඔවුන්ට විරුද්ධව නැඟී සිටින්න.+ඔවුන්ව පහතට ඇද දමන්න. ඔබේ කඩුව ගෙන දුෂ්ටයාගෙන් මාව ගලවාගන්න.+
14 යෙහෝවා දෙවියනි, ඔබේ බලවත් හස්තය දිගු කර+ මේ ලෝකයේ මනුෂ්‍යයන්ගෙන්+ මාව ගලවාගන්න.දැන් ගත කරන ජීවිතය ගැන පමණක් සිතන මනුෂ්‍යයන්ගෙන්+ මාව බේරාගන්න.ඔබ රැස් කර තිබෙන යහපත් දෙයින් ඔවුහු තමන්ගේ බඩ පුරවාගනිති.+ඔවුහු දරුපල ලබා තෘප්තිමත් ජීවිතයක් ගත කරති.+ඔවුන්ට පසුව ඔවුන්ගේ දරුවෝද ඔවුන් රැස් කළ සම්පත් භුක්ති විඳිති.+
15 නමුත් මාගේ ධර්මිෂ්ඨකම නිසා මම ඔබේ මුහුණ දකින්නෙමි.+මම අවදි වන විට ඔබව දැකීමෙන් සතුටු වන්නෙමි.+