ගීතාවලිය 15:1-5

දාවිත් රචනා කළ ගීතයකි. 15  යෙහෝවා දෙවියනි, ඔබේ ශුද්ධ කූඩාරමට ඇතුල් විය හැක්කේ කාටද?+ඔබේ ශුද්ධ කන්දේ වාසය කිරීමට අවස්ථාව ලැබෙන්නේ කාටද?+   ධර්මිෂ්ඨකම් කරමින්+ නිර්දෝෂ ජීවිතයක් ගත කරන,+සිතින් සත්‍යය පවසන තැනැත්තාටය.+   ඔහු කේලම් කියන්නේ නැත.+තමාගේ අසල්වැසියාට කිසි අයහපතක් කරන්නේ නැත.+තමාගේ හිතවත් මිතුරා ගැන කටකතා පතුරුවන්නේද නැත.+   ඔහු පිළිකුල් ක්‍රියාවල යෙදෙන්නන්ව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරයි.+නමුත් යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇති අයට ඔහු ගරු කරයි.+ඔහුට පාඩුවක් සිදු වුණත් ඔහු දුන් පොරොන්දු එලෙසම ඉටු කරයි.+   ඔහු ණයකරුවන්ගෙන් පොලී අය නොකරයි.+අහිංසක කෙනෙකුට විරුද්ධව අසාධාරණයක් සිදු කිරීමට ඔහු කිසිවිටෙක අල්ලසක් නොගනියි.+මෙසේ ක්‍රියා කරන තැනැත්තා කිසිදා නොසෙල් වෙයි.+

පාදසටහන්