ගීතාවලිය 146:1-10

146  ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+මාගේ මුළු සිතින්ම මම යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්නෙමි.+   දිවි ඇති තුරා යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්නෙමි.+ජීවත්ව සිටින තාක් කල් මාගේ දෙවිට ප්‍රශංසා ගී ගයන්නෙමි.+   වංශවත් අය කෙරෙහිවත්+ගැලවීම ලබා දිය නොහැකි මිනිසුන් කෙරෙහිවත්+ විශ්වාසය නොතබන්න.   ඔවුහු අවසන් හුස්ම හෙළූ* පසු+ නැවත දූවිල්ලට හැරී යන්නෝය.+ඒ මොහොතේම ඔවුන්ගේ කල්පනාව නැති වී යන්නේය.+   උපකාරය සඳහා යාකොබ්ගේ දෙවි තමා සමඟ සිටින තැනැත්තා සන්තෝෂවත්ය.+තම දෙවි වූ යෙහෝවා කෙරෙහි බලාපොරොත්තු තබන තැනැත්තා සන්තෝෂවත්ය.+   අහසත් පොළොවත්+මුහුදත් ඒවායේ තිබෙන සියල්ලත්+ සෑදුවේ ඔහුය.සදහටම විශ්වාසවන්තව ක්‍රියා කරන්නෙත් ඔහුය.+   අසාධාරණකම්වලට මුහුණ දුන් අයට යුක්තිය ඉටු කර දෙන්නේ ඔහුය.+කුසගින්නෙන් පෙළෙන්නන්ට ආහාර සපයා දෙන්නේ ඔහුය.+සිරකරුවන්ට නිදහස දෙන්නේද යෙහෝවා දෙවි වන ඔහුය.+   යෙහෝවා දෙවි අන්ධ අයට පෙනීම දෙන්නේය.+හෙම්බත්ව නැමී සිටින අයට කෙළින් සිටගැනීමට යෙහෝවා දෙවි උපකාර කරන්නේය.+ධර්මිෂ්ඨ අයට යෙහෝවා දෙවි ප්‍රේම කරන්නේය.+   යෙහෝවා දෙවි විදේශිකයන්ව ආරක්ෂා කරන්නේය.+පියා නැති දරුවාටද වැන්දඹුවටද ඔහු උපකාර කරන්නේය.+නමුත් දුෂ්ටයන්ගේ මාර්ග+ ඔහු අවුල් කරන්නේය.+ 10  යෙහෝවා දෙවි සදහටම රජකම් කරන්නේය.+සියොන්, ඔබේ දෙවි පරම්පරාවක් පරම්පරාවක් පාසා රජකම් කරන්නේය.+ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+

පාදසටහන්

එනම්, ජීව බලය පිට වූ.