ගීතාවලිය 145:1-21

දාවිත් රචනා කළ ප්‍රශංසා ගීතයකි. א [ආලෙෆ්] 145  රජ්ජුරුවනි, මාගේ දෙවියනි, මම ඔබට ප්‍රශංසා කරන්නෙමි.+ඔබේ නාමයට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා කරන්නෙමි.+ ב [බේත්]   දවස මුළුල්ලේම ඔබට ප්‍රශංසා කරන්නෙමි.+සදාකාලයෙන් සදාකාලයට ඔබේ නාමයට ප්‍රශංසා කරන්නෙමි.+ ג [ගීමෙල්]   යෙහෝවා දෙවි වන ඔබ ඉතා ශ්‍රේෂ්ඨය. ඔබ බොහෝ සෙයින් ප්‍රශංසාව ලැබීමට වටින්නෙහිය.+ඔබේ ශ්‍රේෂ්ඨත්වය කොතරම්ද කියා දැනගත හැක්කේ කාටද!+ ד [දාලෙත්]   පරම්පරාවක් පරම්පරාවක් පාසා ඔබේ ක්‍රියා ගැන ඔබට ප්‍රශංසා කරනු ඇත.+ඔබේ බලවත් ක්‍රියා ගැන ප්‍රකාශ කරනු ඇත.+ ה [හේ]   ඔබ තේජශ්‍රීයෙන් කොතරම් උසස්ද කියාත්+ඔබ කර ඇති පුදුමාකාර ක්‍රියා ගැනත් මම ගැඹුරින් කල්පනා කරමි.+ ו [වාව්]   බිය උපදවන දේවල් කර ඔබ විදහාපෙන්වූ ඔබේ මහත් බලය ගැන ඔවුහු කතා කරනු ඇත.+ඔබේ ශ්‍රේෂ්ඨත්වය ගැන මම ප්‍රකාශ කරන්නෙමි.+ ז [ෂායින්]   ඔබේ යහපත්කම මොන තරම්ද කියා ඔවුහු සැමදා කතා කරනු ඇත.+ඔබේ ධර්මිෂ්ඨකම ගැන ඔවුහු ප්‍රීති ඝෝෂා නඟනු ඇත.+ ח [චේත්]   යෙහෝවා දෙවි කරුණාවන්තය. දයාන්විතය.+ඔහු කෝප වීමට ඉක්මන් නොවන්නේය. ඔහු පෙන්වන ප්‍රේමය* අතිමහත්ය.+ ט [ටේත්]   යෙහෝවා දෙවි සියල්ලන්ට යහපත කරන්නේය.+තම හස්තයෙන් නිර්මාණය කළ සියල්ලන්ට ඔහු දයාව පෙන්වන්නේය.+ י [යෝද්] 10  යෙහෝවා දෙවියනි, ඔබ සෑදූ සියල්ල ඔබව පසසන්නේය.+ඔබේ විශ්වාසවන්ත සේවකයෝ ඔබට ප්‍රශංසා කරන්නෝය.+ כ [කෆ්] 11  ඔබේ රාජ්‍යයේ තේජස ගැන ඔවුහු වර්ණනා කරන්නෝය.+ඔබේ මහත් බලය ගැන කතා කරන්නෝය.+ ל [ලාමෙද්] 12  එසේ කරන්නේ ඔබේ බලවත් ක්‍රියා ගැනත්+ඔබේ රාජ්‍යයේ තේජස ගැනත්+ සියලු මනුෂ්‍යයන්ට දන්වන පිණිසය. מ [මෙම්] 13  ඔබේ රජකම සදහටම පවතින්නේය.+ඔබේ පාලනය පරම්පරාවෙන් පරම්පරාවට පවතින්නේය.+ ס [සාමෙක්] 14  වැටී සිටින සියල්ලන්ට නැඟී සිටීමට යෙහෝවා දෙවි උපකාර කරන්නේය.+හෙම්බත්ව නැමී සිටින සියල්ලන්ට කෙළින් සිටගැනීමට ඔහු උදව් කරන්නේය.+ ע [ආයින්] 15  බලාපොරොත්තු ඇතුව සියල්ලෝම ඔබ දෙස බලා සිටිති.+නිසි වේලාවට ඔබ ඔවුන්ට කෑම සපයන්නෙහිය.+ פ [පේ] 16  ඔබේ හස්තය විදහා+ඔබ ජීවමාන සියල්ලන්ගේ ආශාව තෘප්තිමත් කරන්නෙහිය.+ צ [ට්සාධේ] 17  යෙහෝවා දෙවිගේ සියලු මාර්ග ධර්මිෂ්ඨය.+ඔහු කරන සෑම දෙයකින්ම ඔහුගේ විශ්වාසවන්තකම දකින්නට ලැබෙන්නේය.+ ק [කෝෆ්] 18  යෙහෝවා දෙවි තමාට හඬගසන සියල්ලන්ට සමීපව සිටියි.+අවංකකමින් ඔහුට හඬගසන සියල්ලන්ට ඔහු ළංව සිටියි.+ ר [රේෂ්] 19  ඔහුට ගරුබිය දක්වන අයගේ ආශාව ඔහු ඉෂ්ට කරන්නේය.+උපකාරය ඉල්ලා ඔවුන් කන්නලව් කරන විට ඔහු ඔවුන්ට සවන් දී ඔවුන්ව බේරාගන්නේය.+ ש [ෂින්] 20  යෙහෝවා දෙවි තමාට ප්‍රේම කරන සියල්ලන්ව ආරක්ෂා කරන්නේය.+නමුත් සියලු දුෂ්ටයන්ව ඔහු සහමුලින්ම විනාශ කර දමන්නේය.+ ת [ටාව්] 21  මාගේ මුවින් මම යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්නෙමි.+සියලුදෙනාම ඔහුගේ ශුද්ධ නාමයට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා කරනු ලබත්වා!+

පාදසටහන්

හෝ, “ළැදි ප්‍රේමය.”