ගීතාවලිය 141:1-10
දාවිත් රචනා කළ ගීතයකි.
141 යෙහෝවා දෙවියනි, මම ඔබට කන්නලව් කළෙමි.+පමා නොවී මාගේ උපකාරයට පැමිණෙන්න.+මා ඔබට හඬගසන විට මට සවන් දෙන්න.+
2 ඔබ ඉදිරියේ ඔප්පු කිරීම සඳහා පිළියෙල කළ සුවඳ ද්‍රව්‍ය+ ඔබ පිළිගන්නාක් මෙන් මා කරන යාච්ඤාවත් පිළිගන්න.+සන්ධ්‍යාවේ ඔප්පු කරන ධාන්‍ය පූජාව පිළිගන්නාක් මෙන් දෑත් ඔසවා මා කරන කන්නලව්වත් පිළිගන්න.+
3 යෙහෝවා දෙවියනි, මාගේ මුඛයට රැකවලෙකු පත් කරන්න.+මාගේ දෙතොලින් පිට වන වදන් ගැන විමසිලිමත්ව සිටීමට උපකාර කරන්න.+
4 මාගේ හදවත කිසි නපුරු දෙයකට යොමු වීමට ඉඩ නොදෙන්න.+නපුරු දේ කරන්නන් සමඟ එකතු වී+දුෂ්ට ක්‍රියාවල නියැලීමට මට ඉඩ නොහරින්න.+ඔවුන්ගේ රසවත් බොජුන් භුක්ති විඳීමට මා තුළ ආශාවක් ඇති වීමට ඉඩ නොදෙන්න.+
5 ධර්මිෂ්ඨයා මට පහර දුන්නත් එය ප්‍රේමණීය* ක්‍රියාවකි.+ඔහු මට අවවාද කළත් එය මාගේ හිස පිට වත් කරන තෛලයක් මෙනි.+මම එය ප්‍රතික්ෂේප නොකරන්නෙමි.+ඔවුන් විපත්තිවලට මුහුණ දෙන විටදී මම ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරන්නෙමි.+
6 සෙනඟගේ විනිශ්චයකරුවන්ව පර්වතයෙන් පහතට හෙළන ලදි.+නමුත් සෙනඟ මාගේ වදන් අසා ඒවා යහපත් බව වටහාගත්තෝය.+
7 දර පැළූ විට කුඩා ලී පතුරු සීසීකඩ වැටී තිබෙන්නාක් මෙන්අපේ ඇටකටු මිනී වළ අද්දර සීසීකඩ වැටී තිබේ.+
8 නමුත් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි,+ මාගේ දෙනෙත් මම ඔබ වෙතට යොමු කළෙමි.+මා රැකවරණය පැතුවේ ඔබගෙන්ය.+මාගේ ජීවිතය අවසන් වී යෑමට ඉඩ නොදෙන්න.+
9 ඔවුන් මට ඇටෙවූ උගුලෙන්ද+නපුරු ක්‍රියා කරන්නන් හෑරූ බොරු වළවල්වලින්ද+ මාව ආරක්ෂා කරන්න.
10 දුෂ්ටයෝ සියලුදෙනාම තමුන් එළූ දැලටම අසු වන්නෝය.+නමුත් මම ඒ සියල්ලෙන් බේරී යන්නෙමි.
පාදසටහන්
^ හෝ, “ළැදි ප්‍රේමයකින් යුත්.”