ගීතාවලිය 137:1-9

137  බැබිලෝනියේ ගං ඉවුරුවල+ වාඩි වී+අපි සියොන් සිහි කරමින් හඬා වැලපුණෙමු.+   එහි තිබූ විලෝ ගස්වල+අපේ වීණා එල්ලා තැබුවෙමු.+   අපව වහලුන් කරගත් අය,“සියොන්හි ගයන ගීයක් ගයන්න”+ කියා අපට පැවසුවෝය.+අපට සමච්චල් කරන්නෝ, ගීයක් ගයා ඔවුන්ව සතුටු කරන්න යයි කීවෝය.+   යෙහෝවා දෙවිට ගයන ගීතය වෙනත් දේශයක සිට+අපි කෙසේ ගයන්නද!+   යෙරුසලම, මට ඔබව අමතක වුණොත්+මාගේ දකුණතින් කිසිවක් කරගැනීමට මට නොහැකි වේවා!   යෙරුසලම, මට ඔබව සිහි නොවන්නේ නම්,+මා වඩාත්ම සතුටු වන්නේඔබ ගැන නොවේ නම්,+මාගේ දිව උඩු තල්ලට ඇලී තිබේවා!+   යෙහෝවා දෙවියනි, යෙරුසලම විපතට පත් වූ දවසේදී+ ඒදොම්හි පුත්‍රයන්+ මෙසේ කී බව අමතක නොකරන්න.+“එය සමතලා කරන්න! එය පොළොවටම සමතලා කරන්න!”+   විනාශ වීමට නියමිත බැබිලෝනීය දියණියනි,+ඔබ අපට සැලකූ අයුරින් ඔබටත් සලකන+තැනැත්තා සන්තෝෂවත්ය.+   ඔබේ දරුවන්ව පැහැරගෙනඔවුන්ව ගලේ ගසා මරා දමන තැනැත්තා සන්තෝෂවත්ය.+

පාදසටහන්