ගීතාවලිය 135:1-21

135  ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+යෙහෝවා දෙවිගේ නාමයට ප්‍රශංසා කරන්න.+යෙහෝවා දෙවිගේ සේවකයෙනි, ඔහුට ප්‍රශංසා කරන්න.+   යෙහෝවා දෙවිගේ ගෘහයේ සිටින සියල්ලෙනි, ඔහුට ප්‍රශංසා කරන්න.+අපේ දෙවිගේ ගෘහයේ මළුවෙහි සිටින සියල්ලෙනි, ඔහුට ප්‍රශංසා කරන්න.+   යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න. මන්ද යෙහෝවා දෙවි යහපත්ය.+ඔහුගේ නාමයට ප්‍රශංසා ගී ගයන්න. එසේ කිරීම ඉතා අගනේය.+   යෙහෝවා දෙවි යාකොබ්ව තෝරාගත්තේය.+ඊශ්‍රායෙල්, ඔහු සතු අනර්ඝතම වස්තුවය.+   යෙහෝවා දෙවි ඉතා ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් බව මම හොඳින් දනිමි.+අන් සියලු දෙවිවරුන්ට වඩා අපේ ස්වාමීන් අතිඋතුම්ය.+   අහසෙත් පොළොවෙත් සයුරෙත් ගැඹුරු තැන්හිත්+තම කැමැත්ත පරිදි යෙහෝවා දෙවි බොහෝ දේවල් කර ඇත.+   ඔහු පොළොවේ සතර දිගින් ජලය වාෂ්ප වී ඉහළට නැඟීමට සලස්වන්නේය.+වර්ෂාව ලබා දීමට ඔහු අහසේ කවුළු සෑදුවේය.+තම ගබඩාවලින් සුළං හමා ඒමට ඔහු සලස්වන්නේය.+   ඊජිප්තුවරුන්ගේ කුලුඳුල් දරුවන්ට+ හාකුලුඳුල් සතුන්ට+ පහර දුන්නේ ඔහුය.   ඔහු ඊජිප්තු දේශයේදී ආශ්චර්යයන් සිදු කළේය. බොහෝ ලකුණුද පෙන්වූවේය.+එසේය, පාරාවෝටත් ඔහුගේ සියලු සේවකයන්ටත් ඒ සියල්ල අද්දැකීමට සැලැස්වූවේ ඔහුය.+ 10  බොහෝ ජාතීන්ට පහර දුන්නේද+බලවත් රජවරුන්ව විනාශ කර දැමුවේද+ ඔහුය. 11  අමෝරිවරුන්ගේ සීහොන් රජුවද+බාෂාන්හි ඕග් රජුවද+කානාන්හි සියලු රාජ්‍යයන්ද+ විනාශ කර දැමුවේ ඔහුය. 12  ඔවුන් සතුව තිබූ දේශය උරුමයක් ලෙස+ තම සෙනඟ වූඊශ්‍රායෙල්වරුන්ට+ දුන්නේ ඔහුය. 13  යෙහෝවා දෙවියනි, ඔබේ නාමය සදාකල් පවතින්නේය.+යෙහෝවා දෙවියනි, සදා නොමැකෙන ඔබේ නාමය පරම්පරාවෙන් පරම්පරාවට පවතින්නේය.+ 14  යෙහෝවා දෙවි තම සෙනඟ වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නේය.+තම සේවකයන්ට ඔහු අනුකම්පා කරන්නේය.+ 15  ජාතීන් නමස්කාර කරන දේවතා රූප සාදා ඇත්තේ රන් හා රිදීවලින්ය.+ඒවා සාදන්නේ මනුෂ්‍යයන් විසින්ය.+ 16  ඒවාට කටවල් ඇත. නමුත් කතා කිරීමට නොහැකිය.+ඇස් ඇත. නමුත් කිසිවක් පෙනෙන්නේ නැත.+ 17  ඒවාට කන් ඇත. නමුත් කිසිවක් ඇසෙන්නේ නැත.+නාසයෙන් හුස්ම ගන්නේද නැත.+ 18  ඒවා සාදන්නොත්+ඒවා කෙරෙහි විශ්වාසය තබන්නොත්+ එම රූප හා සමාන වන්නෝය. 19  ඊශ්‍රායෙල්ගෙන් පැවතෙන්නෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+ආරොන්ගෙන් පැවතෙන්නෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+ 20  ලෙවීගෙන් පැවතෙන්නෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති සියල්ලෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+ 21  සියොන්හි වැසියෙනි, යෙරුසලමෙහි වාසය කරන+යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+

පාදසටහන්