ගීතාවලිය 129:1-8
කන්ද නඟින විට ගැයූ ගීතයකි.
129 ඊශ්රායෙල් මෙසේ කියන්න.+“මාගේ යොවුන් වියේ සිට ඔවුහු මට බොහෝ විරුද්ධවාදිකම් කළෝය.+
2 බොහෝ කාලයක් පුරා ඔවුහු මට විරුද්ධව ක්රියා කළෝය.+නමුත් ඔවුන්ට මාව පාගා දැමීමට හැකි වූයේ නැත.+
3 කුඹුරක් කොටන්නාක් මෙන් ඔවුහු මට හිරිහැර කළෝය.+නඟුලෙන් එහි පස පෙරළන්නාක් මෙන් ඔවුහු දිගින් දිගටම මාව තළා පෙළා දැමුවෝය.”
4 යෙහෝවා දෙවි ධර්මිෂ්ඨය.+දුෂ්ටයන් අපව බැඳ දමා තිබූ කඹ ඔහු කැබලිවලට කඩා දැමුවේය.+
5 සියොන්ට වෛර කරන සියල්ලෝ+ලැජ්ජාවට පත්ව ආපසු හැරී යන්නෝය.+
6 ඔවුහු, උගුල්ලන්නත් කලින් වියළී යන+පියස්ස මත වැවෙන තණකොළ මෙන් වන්නෝය.+
7 අස්වනු නෙළන්නා එවැනි තණකොළවලින් එක් මිටියක්වත් කපාගන්නේ නැත.+ගොයම් මිටි බඳින්නා ඒවා තමන් ළඟටවත් ගන්නේ නැත.
8 ඔවුන්ව හමු වන කිසිවෙක්,“යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ඔබට ලැබේවා!+යෙහෝවා දෙවිගේ නාමයෙන් අපි ඔබට ආශීර්වාද කරමු”+ කියා කිසිවිටක නොකියනු ඇත.