ගීතාවලිය 125:1-5
කන්ද නඟින විට ගැයූ ගීතයකි.
125 යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන අය+කිසිදා නොසෙල්වෙන සියොන් කන්ද හා සමානය.+ එසේය, සදහටම පවතින සියොන් කන්ද හා සමානය.+
2 යෙරුසලම කඳුවලින් වට වී තිබෙන්නාක් මෙන්+යෙහෝවා දෙවි තම සෙනඟව සෑම පැත්තෙන්ම ආරක්ෂා කරන්නේය.+එසේය, අදත් හෙටත් සැමදාටමත් දෙවි ඔවුන්ව ආරක්ෂා කරන්නේය.+
3 දුෂ්ටයන්ගේ රාජ යෂ්ටිය ධර්මිෂ්ඨයන්ට උරුම වූ දේශය කෙරෙහි සැමදාටම බලපවත්වන්නේ නැත.+එසේ වන්නේ ධර්මිෂ්ඨයන් අතින් වරදක් සිදු නොවන පිණිසය.+
4 ප්රතිපත්තිගරුකව ක්රියා කරන,+යහපත් අයට යෙහෝවා දෙවි ආශීර්වාද කරන්නේය.+
5 දුෂ්ටකම් කරන්නන්ට+ මෙන්යහපත් මාර්ගය අත්හැර වංක මාවත්වල ගමන් කරන්නන්ටද+ යෙහෝවා දෙවි දඬුවම් කරන්නේය.ඊශ්රායෙල්ට සමාදානය ලැබේවා!+