ගීතාවලිය 123:1-4
කන්ද නඟින විට ගැයූ ගීතයකි.
123 ස්වර්ගයේ වාසය කරන තැනැත්තාණෙනි,+මාගේ දෙනෙත් මම ඔබ වෙතට යොමු කළෙමි.+
2 සේවකයන් තම ස්වාමියා දෙසද+සේවිකාවන් තම ස්වාමිදුව දෙසද+ බලා සිටින්නාක් මෙන්අපි අපේ දෙවි වන ඔබ දෙස දෙනෙත් අයා බලා සිටින්නෙමු.+එසේය, යෙහෝවා දෙවි වන ඔබ අපට කරුණාව පෙන්වන තෙක් අපි ඔබ දෙස බලා සිටින්නෙමු.+
3 යෙහෝවා දෙවියනි, ඔබේ කරුණාව අපට පෙන්වන්න. අපට කරුණාවෙන් සලකන්න.+මන්ද අපි බොහෝ නින්දා අපහාසවලට ලක් වී සිටින්නෙමු.+
4 සැප පහසු දිවියක් ගත කරන අයගේ සමච්චලයට අපි මැදි වී සිටින්නෙමු.+අහංකාර අය අපව ඉතා පහත් කොට සලකන්නෝය.+