ගීතාවලිය 118:1-29

118  ජනයෙනි, යෙහෝවා දෙවිට ස්තුති කරන්න. මන්ද ඔහු යහපත්ය.+ඔහුගේ ඉමහත් ප්‍රේමය* සදහටම පවතින්නේය.+   ඊශ්‍රායෙල්, මෙසේ කියන්න.“දෙවිගේ ඉමහත් ප්‍රේමය සදහටම පවතින්නේය.”+   ආරොන්ගෙන් පැවතෙන්නෙනි, මෙසේ කියන්න.+“දෙවිගේ ඉමහත් ප්‍රේමය සදහටම පවතින්නේය.”+   යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති සෙනඟෙනි, මෙසේ කියන්න.+“දෙවිගේ ඉමහත් ප්‍රේමය සදහටම පවතින්නේය.”+   මම දුකෙන් සිටින විටදී යෙහෝවා දෙවිට කන්නලව් කළෙමි.+යෙහෝවා දෙවි මට සවන් දී මාව ආරක්ෂිත ස්ථානයකට ගෙනාවේය.+   යෙහෝවා දෙවි මාගේ පැත්තේ සිටින බැවින් මම බිය නොවන්නෙමි.+දූවිලි වැනි මිනිසාට මට විරුද්ධව කළ හැක්කේ කුමක්ද?+   මට උපකාර කරන්නන් අතරේ යෙහෝවා දෙවිද සිටින්නේය.+එබැවින් මට වෛර කරන්නන්ගේ වැටීම මාගේ ඇස් දෙකෙන්ම මට දැකගැනීමට හැකි වන්නේය.+   මනුෂ්‍යයන් මත රඳා සිටිනවාට වඩා+යෙහෝවා දෙවිගෙන් ආරක්ෂාව පැතීම යහපත.+   වංශවත් අය කෙරෙහි විශ්වාසය තැබීමට වඩා+යෙහෝවා දෙවිගේ ආරක්ෂාව පැතීම යහපත.+ 10  සියලු ජාතීහු මාව වට කළෝය.+නමුත් යෙහෝවා යන දෙවිගේ නාමය කෙරෙහි විශ්වාසය තබා මම ඔවුන්ට විරුද්ධව සටන් කළෙමි.+ 11  ඔවුහු මාව වට කළෝය. එසේය, මම ඔවුන්ගෙන් වට වී සිටියෙමි.+නමුත් යෙහෝවා යන දෙවිගේ නාමය කෙරෙහි විශ්වාසය තබා මම ඔවුන්ට විරුද්ධව සටන් කළෙමි. 12  මීමැසි රංචුවක් මෙන් ඔවුහු මාව වට කරගත්තෝය.+නමුත් කටු පඳුරු යායක් දැවී යන්නාක් මෙන් ඔවුහු දැවී ගියෝය.+යෙහෝවා දෙවිගේ උපකාරයෙන් මම ඔවුන්ට විරුද්ධව සටන් කළෙමි.+ 13  ඔවුහු මාව තල්ලු කර වට්ටා දැමීමට තැත් කළෝය.+නමුත් යෙහෝවා දෙවි මට උපකාර කළේය.+ 14  යෙහෝවා දෙවි මාගේ රැකවරණයය. මාගේ ශක්තියය.+මාගේ ගැලවුම්කරුය.+ 15  ධර්මිෂ්ඨයන්ගේ+ කූඩාරම්වලින්+ප්‍රීති ඝෝෂා හඬ ඇසෙන්නේය.+ මන්ද ඔවුහු ගැලවීම අත් කරගත්තෝය. යෙහෝවා දෙවි තම දකුණතින් බලවත් දේ කරන්නේය.+ 16  යෙහෝවා දෙවිගේ දකුණත උසස් වන්නේය.+යෙහෝවා දෙවිගේ දකුණතේ ශ්‍රේෂ්ඨත්වය දැකගැනීමට හැකි වන්නේය.+ 17  යෙහෝවා දෙවිගේ ක්‍රියා ගැන ප්‍රකාශ කරන පිණිස+මම දිගටම ජීවත් වන්නෙමි.+ 18  යෙහෝවා දෙවි මට තදින් තරවටු කළත්+මට මැරෙන්න ඔහු ඉඩ නොදුන්නේය.+ 19  ජනයෙනි, ධර්මිෂ්ඨකමේ දොරටු මට විවෘත කර දෙන්න.+මම එතැනින් ඇතුල් වී යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්නෙමි.+ 20  මෙය යෙහෝවා දෙවිගේ දොරටුවය.+ධර්මිෂ්ඨයෝ එයින් ඇතුල් වන්නෝය.+ 21  ඔබ මට පිළිතුරු දුන් නිසා මම ඔබට ප්‍රශංසා කරන්නෙමි.+ඔබ මාව ගලවාගත්තෙහිය.+ 22  ඉදි කරන්නන් විසින් ඉවත දැමූ ඒ ගල+ප්‍රධාන ගල වී ඇත.+ 23  එය යෙහෝවා දෙවි විසින් කළ මහත් ක්‍රියාවකි.+අපේ ඇස්වලට එය අදහාගත නොහැකි තරම්ය.+ 24  යෙහෝවා දෙවි උදා කළ දවස මෙයයි.+අද අපි ප්‍රීතියෙන් පිනා යන්නෙමු.+ 25  යෙහෝවා දෙවියනි, දැන් අපව ගලවාගන්න.+අනේ යෙහෝවා දෙවියනි, අපට ඔබේ උපකාරය හා ආශීර්වාදය ලබා දෙන්න.+ 26  යෙහෝවා දෙවිගේ නාමයෙන් පැමිණෙන තැනැත්තාට ආශීර්වාද ලැබේවා!+යෙහෝවා දෙවිගේ ගෘහයේ සිට අපි ඔබට ආශීර්වාද කළෙමු.+ 27  යෙහෝවා අපේ දෙවිය.+අපට ආලෝකය සපයන්නේ ඔහුය.+ජනයෙනි, පෙරහැර යන මාර්ගය+ කොළ අතුවලින් සරසන්න.+අං සවි කර තිබෙන පූජාසනය+ දක්වාම සරසන්න. 28  ඔබ මාගේ දෙවිය. මම ඔබට ප්‍රශංසා කරන්නෙමි.+මාගේ දෙවියනි, මම ඔබව ගෞරවයට පත් කරන්නෙමි.+ 29  ජනයෙනි, යෙහෝවා දෙවිට ස්තුති කරන්න. මන්ද ඔහු යහපත්ය.+ඔහුගේ ඉමහත් ප්‍රේමය සදහටම පවතින්නේය.+

පාදසටහන්

හෝ, “ළැදි ප්‍රේමය.”