ගීතාවලිය 116:1-19

116  යෙහෝවා දෙවි මාගේ හඬට සවන් දෙන්නේය.+ ඔහු මාගේ අයැදීමට+ කන් දෙන්නේය.එබැවින් මාගේ හදවත ප්‍රේමයෙන් උතුරා යන්නේය.   ඔහුගේ දෙසවන් මා වෙතට යොමා ඇත.+මාගේ මුළු ජීවිත කාලය පුරාම මම ඔහුට අයැදින්නෙමි.+   මරණයේ රැහැන් මා වටා එතුණේය.+මම මිනී වළෙහි බැමි අතර හිර වී සිටියෙමි.+දුක් කරදර මා පසුපස හඹා ආවේය.+   නමුත් මම යෙහෝවා දෙවිගේ නාමය කියා යාච්ඤා කළෙමි.+“යෙහෝවා දෙවියනි, මාගේ ජීවිතය ගලවාගන්න.”+   යෙහෝවා දෙවි කරුණාවන්තය. ධර්මිෂ්ඨය.+අපේ දෙවි දයාන්විතය.+   අද්දැකීම් අඩු අයව යෙහෝවා දෙවි ආරක්ෂා කරන්නේය.+මම හෙම්බත්ව සිටියෙමි. ඔහු මාව බේරාගත්තේය.+   යෙහෝවා දෙවි මා වෙනුවෙන් යහපත් දේ කළේය.+දැන් මට නැවතත් සැනසිල්ලෙන් ජීවත් විය හැක.+   ඔබ මාගේ ජීවිතය මරණයෙන් බේරාගත්තෙහිය.+මාගේ දෙනෙත් කඳුළින් පිරී යෑමට ඉඩ නොදුන්නෙහිය. මාගේ පාද පැටලී වැටෙන්නටද ඔබ ඉඩ නොදුන්නෙහිය.+   මා ජීවත්ව සිටින තාක් කල්+ යෙහෝවා දෙවිගේ කැමැත්තට එකඟව දිවි ගෙවන්නෙමි.+ 10  මම බොහෝ පීඩාවලට මුහුණ දුන්නෙමි.නමුත් දෙවි කෙරෙහි මා තුළ තිබෙන විශ්වාසය+ කතා කිරීමට මාව පෙලඹුවේය.+ 11  මම කලබල වූ විට+ මෙසේ කීවෙමි.“කිසි මනුෂ්‍යයෙකු මත විශ්වාසය තැබිය නොහැක.”*+ 12  යෙහෝවා දෙවි මා වෙනුවෙන් කළ සියලු යහපත් දේවලට+මම කෙසේ ඔහුට ස්තුති කරන්නද?+ 13  ගැලවීම+ නමැති ශ්‍රේෂ්ඨ කුසලානයෙන් මම පානය කරන්නෙමි.යෙහෝවා දෙවිගේ නාමය කියා මම යාච්ඤා කරන්නෙමි.+ 14  මම යෙහෝවා දෙවිට දුන් පොරොන්දු ඉටු කරන්නෙමි.+එසේය, ඔහුගේ මුළු සෙනඟ ඉදිරියේ මම ඒවා ඉටු කරන්නෙමි. 15  තමාට විශ්වාසවන්තව සිටින අයගේ මරණයයෙහෝවා දෙවි සුළුවට සලකන්නේ නැත.+ 16  යෙහෝවා දෙවියනි,+මම ඔබේ සේවකයාය.+එසේය, මම ඔබේ සේවකයාය. ඔබේ දාසියගේ පුත්‍රයාය.+ඔබ මාගේ යදම් බිඳ දැමුවෙහිය.+ 17  මම ඔබට ස්තුති පූජාව ඔප්පු කරන්නෙමි.+යෙහෝවා දෙවිගේ නාමය කියා අයැදින්නෙමි.+ 18  මම යෙහෝවා දෙවිට දුන් පොරොන්දු ඉටු කරන්නෙමි.+එසේය, ඔහුගේ මුළු සෙනඟ ඉදිරියේ ඒවා ඉටු කරන්නෙමි.+ 19  යෙහෝවා දෙවිගේ ගෘහයේ මළුවෙහි සිට මම එසේ කරන්නෙමි.+යෙරුසලම+ මැද සිට එසේ කරන්නෙමි.ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+

පාදසටහන්

මූ.අ., “සෑම මනුෂ්‍යයෙකුම පවසන්නේ බොරුය.”