ගීතාවලිය 115:1-18
115 යෙහෝවා දෙවියනි, ගෞරවය ලැබීමට තරම් අපි වටින්නේ නැත.+නමුත් ඔබේ නාමය ගෞරවයට පත් කරන්න.+ඔබේ අතිමහත් ප්‍රේමය* නිසාත් ඔබේ විශ්වාසවන්තකම නිසාත් එසේ කරන්න.+
2 “ඔවුන්ගේ දෙවි කොහේද”+ කියාඇසීමට ජාතීන්ට ඉඩ දෙන්නේ ඇයි?+
3 අපේ දෙවි වාසය කරන්නේ ස්වර්ගයෙහිය.+තමන් කැමති සෑම දෙයක්ම ඔහු කරන්නේය.+
4 ඔවුන් නමස්කාර කරන දේවතා රූප සාදා ඇත්තේ රන් හා රිදීවලින්ය.+ඒවා සාදන්නෙත් මනුෂ්‍යයන් විසින්ය.+
5 ඒවාට කටවල් ඇත. නමුත් කතා කිරීමට නොහැකිය.+ඇස් ඇත. නමුත් කිසිවක් පෙනෙන්නේ නැත.+
6 ඒවාට කන් තිබුණත් කිසිවක් ඇසෙන්නේ නැත.+නාසයක් තිබුණත් ගඳ සුවඳ දැනෙන්නේ නැත.+
7 ඒවාට අත් ඇත. නමුත් කිසිවක් ඇල්ලීමට නොහැකිය.+පාද ඇත. නමුත් ඇවිදීමට නොහැකිය.+උගුරෙන් කිසිම හඬක් නික්මෙන්නේ නැත.+
8 ඒවා සාදන්නොත් ඒවා කෙරෙහි විශ්වාසය තබන්නොත්+එම රූප හා සමාන වන්නෝය.+
9 ඊශ්‍රායෙල්, යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන්න.+ඔහු ඔබේ පලිහය. ඔබේ උපකාරයට පැමිණෙන්නේ ඔහුය.+
10 ආරොන්ගෙන් පැවතෙන්නෙනි, යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන්න.+ඔහු ඔබේ පලිහය. ඔබේ උපකාරයට පැමිණෙන්නේ ඔහුය.+
11 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති තැනැත්තෙනි, යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන්න.+ඔහු ඔබේ පලිහය. ඔබේ උපකාරයට පැමිණෙන්නේ ඔහුය.+
12 යෙහෝවා දෙවි අපව සිහි කළේය. ඔහු අපට ආශීර්වාද කරන්නේය.+ඔහු ඊශ්‍රායෙල්ගේ පෙළපතට ආශීර්වාද කරන්නේය.+ඔහු ආරොන්ගෙන් පැවතෙන්නන්ට ආශීර්වාද කරන්නේය.+
13 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති+ලොකු කුඩා සියලුදෙනාට ඔහු ආශීර්වාද කරන්නේය.+
14 යෙහෝවා දෙවි ඔබේ පෙළපත ගණනින් වැඩි කරන්නේය.+ඔබටත් ඔබේ පුත්‍රයන්ටත් දරු සම්පතින් ආශීර්වාද කරන්නේය.+
15 අහසත් පොළොවත් සෑදූ+යෙහෝවා දෙවිගෙන් ආශීර්වාද ලැබූ අය ඔබය.+
16 ස්වර්ගය අයිති යෙහෝවා දෙවිටය.+පොළොව ඔහු මනුෂ්‍යයන්ට වාසය කිරීමට දුන්නේය.+
17 මිය ගිය අය යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්නේ නැත.+මරණ නින්දේ සැතපී සිටින්නෝ ඔහුට ප්‍රශංසාව ගෙනෙන්නේ නැත.+
18 නමුත් අදත් හෙටත් සදහටත්+අපි යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්නෙමු.+ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+
පාදසටහන්
^ හෝ, “ළැදි ප්‍රේමය.”