ගීතාවලිය 111:1-10

111  ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+א [ආලෙෆ්]මාගේ මුළු හදවතින්ම+ මම යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්නෙමි.ב [බේත්]අවංක අය සමඟ එක්ව මම ඔහුට ප්‍රශංසා ගෙනෙන්නෙමි.+ ג [ගීමෙල්]   යෙහෝවා දෙවිගේ ක්‍රියා ශ්‍රේෂ්ඨය.+ד [දාත්]ඔහුගේ ක්‍රියා ගැන සතුටට පත් වන සියල්ලෝ ඒවා ගැන ගැඹුරින් කල්පනා කරති.+ ה [හේ]   ඔහුගේ ක්‍රියා+ තේජාන්විතය. ශ්‍රේෂ්ඨය.+ו [වාව්]ඔහුගේ ධර්මිෂ්ඨකම සදහටම පවතින්නේය.+ ז [ෂායින්]   සදා මතකයේ රැඳෙන අයුරින් ඔහු පුදුමාකාර දේවල් කළේය.+ח [චේත්]යෙහෝවා දෙවි කරුණාවන්තය. දයාන්විතය.+ ט [ටේත්]   ඔහු කෙරෙහි ගරුබියක් ඇති අයව ඔහු කෙදිනකවත් කුසගින්නේ නොතබන්නේය.+י [යෝද්]ඔහු ඇති කරගත් ගිවිසුම ඔහු කිසි දිනක අමතක නොකරන්නේය.+ כ [කෆ්]   ඔහු තමා සතු මහත් බලය තම සෙනඟට දැකගැනීමට සැලැස්වූවේය.+ל [ලාමෙද්]ජාතීන්ගේ උරුමය ඔවුන්ට ලබා දීමෙන් ඔහු එසේ කළේය.+ מ [මෙම්]   ඔහුගේ ක්‍රියා විශ්වාසවන්තය. යුක්තිසහගතය.+נ [නුන්]ඔහුගේ සියලු අණපනත් විශ්වසනීයය.+ ס [සාමෙක්]   ඒවා සදහටම පවතින ලෙස ස්ථිරව පිහිටුවා තිබේ.+ע [ආයින්]ඒවා පිහිටුවා තිබෙන්නේ සැබෑකමින් හා අවංකකමින්ය.+ פ [පේ]   ඔහු තම සෙනඟව ගලවාගත්තේය.+צ [ට්සාධේ]තමන් ඇති කරගත් ගිවිසුම ඔහු සදහටම ස්ථිර කළේය.+ק [කෝෆ්]ඔහුගේ නාමය ශුද්ධය. ගරුබිය දනවනසුලුය.+ ר [රේෂ්] 10  ප්‍රඥාව ලබාගැනීමේ මුල්ම පියවර නම් යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමය.+ש [සින්]ඔහුගේ අණපනත් පිළිපදින සියල්ලන්ට කාරණා හොඳින් වටහාගැනීමට හැකි වන්නේය.+ת [ටාව්]දෙවි සදහටම ප්‍රශංසාව ලැබීමට වටින්නේය.+

පාදසටහන්