ගීතාවලිය 106:1-48

106  ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+යෙහෝවා දෙවිට ස්තුති කරන්න. මන්ද ඔහු යහපත්ය.+ඔහුගේ ප්‍රේමය* සදාකල් පවතින්නේය.+   යෙහෝවා දෙවි කර තිබෙන බලවත් ක්‍රියා මොන තරම්ද! ඒ සියල්ල එකින් එක පවසා නිම කිරීමට කිසිවෙකුට නොහැකිය.+ඔහුට කොතරම් ප්‍රශංසා කළත් ඒවා ඔහු ලැබිය යුතු ප්‍රශංසාවන්ට සම කළ නොහැක.+   සැමවිටම ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන තැනැත්තා සන්තෝෂවත්ය.+යුක්තිගරුකව කටයුතු කරන්නෝ සන්තෝෂවත්ය.+   යෙහෝවා දෙවියනි, ඔබේ සෙනඟට මෙන් මටත් ඔබේ කරුණාව පෙන්වන්න.+මට ගැලවීම සලසා දී මාව රැකබලා ගන්න.+   එවිට ඔබ තෝරාගත් සෙනඟ+ වෙනුවෙන් ඔබ කරන යහපත් දේ දැක බලා ගැනීමටත්ඒවා දැක ඔබේ සෙනඟ සමඟ සතුටු වීමටත්+ඔබ ගැන ඔබේ සෙනඟ සමඟ ආඩම්බරෙන් කතා කිරීමටත් මට හැකි වන්නේය.+   අපේ මුතුන්මිත්තන් මෙන් අපිද පව් කළෙමු.+අපි බොහෝ වැරදි කරමින් දුෂ්ට ලෙස ක්‍රියා කළෙමු.+   ඊජිප්තුවේ සිටි අපේ මුතුන්මිත්තෝ ඔබ සිදු කළ පුදුම ක්‍රියා ගැනතේරුම් නොගත්තෝය.+ඔවුහු ඔබ පෙන්වූ ඉමහත් ප්‍රේමය* අමතක කළෝය.+රතු මුහුද අසලදී ඔවුහු ඔබට විරුද්ධව කැරලිගැසුවෝය.+   නමුත් ඔබ ඔබේ නාමය වෙනුවෙන් ඔවුන්ව ගලවාගත්තෙහිය.+ඔබ සතු බලය කොතරම්ද කියා පෙන්වීමට ඔවුන්ව මුදවාගත්තෙහිය.+   දෙවි රතු මුහුදට අණ කළ විට එය ක්‍රමක්‍රමයෙන් දෙබෑ වී ගියේය.+කාන්තාරයක් මැදින් ගෙන යන්නාක් මෙන් ඔහු ඔවුන්ව ඒ මහා ජල ස්කන්ධය මැදින් ගෙන ගියේය.+ 10  මෙසේ දෙවි, ඔවුන්ට වෛර කළ තැනැත්තාගේ අතින් ඔවුන්ව බේරාගත්තේය.+සතුරාගෙන් ඔවුන්ව නිදහස් කරගත්තේය.+ 11  ඒ මහා ජල කඳ ඔවුන්ගේ සතුරන්ව යට කර දැමුවේය.+සතුරන්ගෙන් කිසිවෙකුට තම දිවි ගලවාගැනීමට නොහැකි විය.+ 12  එවිට ඔහුගේ වචන කෙරෙහි ඔවුන්ට විශ්වාසයක් ඇති විය.+ඔවුහු එක්ව දෙවිට ප්‍රශංසා ගී ගැයූහ.+ 13  නමුත් වැඩි කල් නොගොස් ඔහු කළ සෑම දෙයක්ම ඔවුන්ගේ මතකයෙන් ගිලිහී ගියේය.+ඔහුගෙන් උපදෙස් ලැබෙන තෙක් ඔවුහු බලා සිටියේ නැත.+ 14  පාළුකරයේදී ඔවුන්ගේ ආත්මාර්ථකාමී ආශාවන් ඉස්මතු විය.+දෙවි ඔවුන් වෙනුවෙන් මැදිහත් වී ක්‍රියා කරයිද නැද්ද කියා ඔවුහු දෙවිව පරීක්ෂා කර බැලුවෝය.+ 15  එවිට ඔහු ඔවුන්ගේ ඉල්ලීම ඉටු කළේය.+නමුත් ඔහු ඔවුන්ට දරුණු රෝගයකින් පහර දුන්නේය.+ 16  තමන් සමඟ වාසය කළ මෝසෙස් කෙරෙහිදයෙහෝවා දෙවිගේ ශුද්ධ තැනැත්තා වූ ආරොන්+ කෙරෙහිද ඔවුන් තුළ ඊර්ෂ්‍යාවක් ඇති විය.+ 17  එවිට පොළොව විවර වී දාතාන්ව ගිලගත්තේය.+අබිරාම්ගේ පැත්ත ගත් සියල්ලෝද එයට හසු වුණෝය.+ 18  සෙනඟ අතරේ ගින්නක් ඇවුළුණේය.+ඒ ගින්න දුෂ්ටයන්ව පුළුස්සා දැමුවේය.+ 19  ඔවුහු හොරෙබ්හිදී වස්සෙකුගේ රූපයක් සාදාගත්තෝය.+ඒ රූපය ඉදිරියේ ඔවුහු වැඳ වැටුණෝය.+ 20  මෙසේ ඔවුහු දෙවිගේ තේජසට වඩා+තණ බුදින වස්සෙකුගේ රූපයකට ප්‍රිය කළෝය.+ 21  තමන්ව ගලවාගත් දෙවිව ඔවුහු අමතක කළෝය.+ඊජිප්තුවේදී ශ්‍රේෂ්ඨ ක්‍රියාවන් කළ,+ 22  හාම් දේශයේදී පුදුමාකාර දේවල් කළ,+රතු මුහුදේදී බිය උපදවන දේවල්+ කළ දෙවිව ඔවුහු අමතක කර දැමුවෝය. 23  එබැවින් ඔහු ඔවුන් කෙරෙහි උදහස් වී ඔවුන්ව විනාශ කර දැමීමට සූදානම් විය.+නමුත් මෝසෙස් ඔවුන් වෙනුවෙන් මැදිහත් වී+ දෙවිගේ උදහස නිවා දැමීය.දෙවි තෝරාගත් තැනැත්තාවූ මෝසෙස් එහි නොසිටියේ නම්ඔවුන්ව සහමුලින්ම විනාශ කර දැමීමට දෙවි අණ දෙනු ඇත.+ 24  ඔවුහු ඒ සරුසාරවත් දේශය අගය කළේ නැත.+දෙවි දුන් පොරොන්දුව කෙරෙහි ඔවුන්ට කිසි විශ්වාසයක් තිබුණේ නැත.+ 25  ඔවුහු තම කූඩාරම්වලට වී මැසිවිලි නැඟුවෝය.+යෙහෝවා දෙවිට ඔවුහු අකීකරු වූවෝය.+ 26  එබැවින් ඔවුන්ව පාළුකරයේදීම විනාශ කරන බවට+ඔහු තම හස්තය ඔසවමින් දිවුරා පොරොන්දු වුණේය.+ 27  ඔවුන්ගෙන් පැවතෙන්නන් වෙනත් ජාතීන් අතින් මැරුම් කන බවටත්+ඔවුන්ව වෙනත් දේශයන්වලට විසුරුවාහරින බවටත්+ ඔහු දිවුරා පොරොන්දු වුණේය. 28  ඔවුහු පෙයෝර්හි බාල් දෙවියාට නමස්කාර කළෝය.+පණ නැති දේවලට ඔප්පු කළ පූජාද අනුභව කළෝය.+ 29  ඔවුන්ගේ දුෂ්ට හැසිරීම නිසා දෙවිගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවුළුණේය.+එබැවින් ඔවුන් අතරේ වසංගතයක් පැතිර ගියේය.+ 30  නමුත් පිනෙහාස් නැඟී සිට ඊට නිසි පියවර ගත් නිසා+ඒ වසංගතය ඔවුන් අතරින් තුරන් වී ගියේය. 31  ඔහු කළ ඒ ක්‍රියාව නිසා ඔහු සදහටම ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ගණන් ගනු ලබන්නේය.එසේය, පරම්පරාවක් පරම්පරාවක් පාසා පිනෙහාස් කළ ඒ ක්‍රියාව සිහි කරනු ලබන්නේය.+ 32  මෙරිබාහි දිය පහර අසලදී ඔවුහු මෝසෙස්ව කුපිත කළෝය.+ඔවුන් නිසා මෝසෙස්ට අසීරු තත්වයන්වලට මුහුණ දීමට සිදු විය.+ 33  මෝසෙස්ට සෙනඟ කෙරෙහි කෝපයක් ඇති වූ නිසාඔහු දුර දිග නොබලා අනුවණ ලෙස කතා කළේය.+ 34  යෙහෝවා දෙවි පැවසූ පරිදි+ඒ දේශයේ සෙනඟව පන්නා දැමීමට ඔවුහු අසමත් වුණෝය.+ 35  ඔවුහු ඒ සෙනඟ සමඟ මිත්‍රකම් ඇති කරගත්තෝය.+ඒ සෙනඟගේ ක්‍රියා ඔවුහුද අනුගමනය කළෝය.+ 36  ඔවුන්ගේ පිළිමවලට නමස්කාර කළෝය.+එය ඔවුන්ට උගුලක් මෙන් විය.+ 37  ඔවුහු භූතයන්ට+තම දූදරුවන්ව පූජාවන් ලෙස ඔප්පු කළෝය.+ 38  කානාන්හි පිළිමවලට ඔවුන්ගේ දරුවන්වපූජා ලෙස ඔප්පු කරමින්+ඔවුහු නිදොස් ලේ වැගිරෙව්වෝය.+එසේ දිගින් දිගටම ඔවුහු ලේ වගුරුවමින් මුළු දේශයම දූෂ්‍ය කළෝය.+ 39  එවැනි ක්‍රියාවන් නිසා ඔවුහු තමන්වම අපවිත්‍ර කරගත්තෝය.+පිළිකුල්සහගත ක්‍රියාවල නියැලෙමින් ඔවුහු දෙවිට ද්‍රෝහි වුණෝය.+ 40  යෙහෝවා දෙවිගේ උදහස ඔහුගේ සෙනඟට විරුද්ධව ඇවුළුණේය.+ඔහු තම උරුමය වූ ඔවුන්ව පිළිකුල් කළේය.+ 41  ඔවුන්ගේ සතුරන් වූ අවට ජාතීන්ගේ අතට+දෙවි ඔවුන්ව කිහිප වතාවක්ම හසු කර දුන්නේය.+ 42  ඔවුන්ව යටත් කරගෙනඔවුන්ට පීඩා කිරීමට දෙවි ඔවුන්ගේ සතුරන්ට ඉඩහැරියේය.+ 43  බොහෝ අවස්ථාවලදී දෙවි ඔවුන්ව බේරාගත්තද+ඔවුහු දිගටම ඔහුට අකීකරු වී ඔහුට විරුද්ධව කැරලිගැසුවෝය.+ඔවුන් එසේ ක්‍රියා කළ නිසා ඔවුන් සිටි තත්වයෙන් දෙවි ඔවුන්ව පහතට ඇද දැමුවේය.+ 44  නමුත් ඔවුන් බොහෝ පීඩා අද්දකිමින් ඔහුට මොරගසන විට+ඔවුන්ගේ කන්නලව්වට ඔහු සවන් දුන්නේය.+ 45  ඔවුන් සමඟ ඇති කරගත් ගිවිසුම ඔහු සිහි කළේය.+ඔහු අතිමහත් ප්‍රේමයකින්* යුත් දෙවි කෙනෙකු නිසා ඔහුට ඔවුන් ගැන අනුකම්පාවක් දැනුණේය.+ 46  ඔවුන්ට අනුකම්පාවෙන් සැලකීමටඔවුන්ව වහල්කමට ගෙන ගිය අයගේ සිත් ඔහු පෙලඹෙව්වේය.+ 47  යෙහෝවා, අපේ දෙවියනි, අපව බේරාගන්න.+ඔබේ ශුද්ධ නාමයට+ ප්‍රශංසා කිරීමටත්ඔබව පැසසීමටත් හැකි වන පිණිස+විවිධ දේශයන්වලට විසුරුවාහැරිය අපව එකට එක් රැස් කරගන්න.+ 48  ඊශ්‍රායෙල්හි දෙවි යෙහෝවාට+ සදාකාලයෙන් සදාකාලයටමප්‍රශංසාව ලැබේවා!මේ ගීය ගායනයෙන් පසු සියලුදෙනාම ආමෙන් කියා පවසනු ලබත්වා!+ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+

පාදසටහන්

හෝ, “ළැදි ප්‍රේමය.”
හෝ, “ළැදි ප්‍රේමය.”
හෝ, “ළැදි ප්‍රේමයකින්.”