ගීතාවලිය 105:1-45

105  යෙහෝවා දෙවිට ස්තුති කරන්න. ඔහුගේ නාමය කියා ඔහුගෙන් අයැදින්න.+ඔහුගේ ක්‍රියා ගැන ජනයාට පවසන්න.+   ඔහුට ගී ගයන්න. ඔහුව පසසන්න.+ඔහු කර ඇති පුදුමාකාර දේවල් ගැන කල්පනා කරන්න.+   ඔහුගේ ශුද්ධ නාමය ගැන ආඩම්බරෙන් කතා කරන්න.+යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතන සියල්ලෙනි, ප්‍රීතියෙන් ඉපිල යන්න.+   යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතන්න. ඔහුගෙන් ශක්තිය ඉල්ලන්න.+උපකාරය පතා නිතරම ඔහු වෙතට හැරෙන්න.+   ඔහු කළ පුදුමාකාර දේවල්ද+ඔහුගේ ආශ්චර්යයන්ද ඔහු දුන් ආඥාද සිහි කරන්න.+   ඔහුගේ සේවකයා වූ ආබ්‍රහම්ගෙන් පැවතෙන්නෙනි,+යාකොබ්ගේ පුත්‍රයෙනි, ඔහු තෝරාගත් සෙනඟෙනි, ඔහුගේ ක්‍රියා සිහි කරන්න.+   ඔහු අපේ දෙවි යෙහෝවාය.+ඔහු දුන් තීන්දු පොළොව පුරා ක්‍රියාත්මක වේ.+   ඔහු කළ ගිවිසුම ඔහු කිසිදා අමතක නොකරන්නේය.+ඔහු තමන් පැවසූ දේ පරම්පරා දහසක් පුරා සිහි කරන්නේය.+   ඔහු ඒ ගිවිසුම ආබ්‍රහම් සමඟ ඇති කරගත්තේය.+ඊසාක්ටද ඒ ගැන පොරොන්දු වූයේය.+ 10  ඒ පොරොන්දුව යාකොබ්ට සහතිකයක් ලෙසදඊශ්‍රායෙල්ට සදාකාල ගිවිසුමක් ලෙසද ඔහු දුන්නේය.+ 11  ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “මම ඔබට කානාන් දේශය දෙන්නෙමි.+එය ඔබට උරුමයක් ලෙස දෙන්නෙමි.”+ 12  ඔහු එසේ පවසන විට ඔවුහු කුඩා පිරිසකි.+ඒ දේශයේ විදේශිකයන් ලෙස සිටි ඔවුහු ඇත්තෙන්ම කුඩා පිරිසකි.+ 13  ඔවුහු රටකින් රටකට ඇවිද්දෝය.+එක් රාජ්‍යයකින් තවත් රාජ්‍යයකට ගියෝය.+ 14  ඔවුන්ට අයිති දේ පැහැරගැනීමට ඔහු කිසිවෙකුට ඉඩ නොදුන්නේය.+ඔහු ඔවුන් නිසා රජවරුන්ට තරවටු කරමින්+ 15  මෙසේ කීවේය. “මා අභිෂේක කළ අයට අත නොගසන්න.+මාගේ අනාගතවක්තෘවරුන්ට කිසි නපුරක් නොකරන්න.”+ 16  ඔහු දේශයට සාගතයක් ගෙනාවේය.+ආහාර ගබඩාවන්* විනාශ කර දැමුවේය.+ 17  වහලෙකු ලෙස විකුණූ යෝසෙප්වඔහු ඔවුන්ට පෙර පිටත් කර යැව්වේය.+ 18  එහිදී යෝසෙප්ට හිරිහැරවලට මුහුණ දීමට සිදු විය. ඔහුගේ පාදවලට විලංගුද දමන ලදි.+ඔහුව යදම්වලින් හිර කරන ලදි.+ 19  නමුත් යෙහෝවා දෙවි තමා දුන් පොරොන්දුව ඉටු වන තෙක්+තම වචනය මාර්ගයෙන් ඔහුව පවිත්‍ර කළේය.+ 20  ඔහුව මුදාහරින ලෙස රජ නියෝග කළේය.+එසේය, දේශයේ පාලකයා ඔහුව නිදහස් කළේය. 21  රජ තම නිවස බලා කියා ගැනීමේ වගකීම ඔහුට පැවරුවේය.+රජුගේ සියලු දේපළ කෙරෙහි පාලකයෙකු ලෙස ඔහුව පත් කළේය.+ 22  තම අධිපතීන්ව පාලනය කිරීම සඳහාත්+තම වැඩිමහල්ලන්ට දැනමුතුකම් දීම සඳහාත් රජ ඔහුව පත් කළේය.+ 23  ඊශ්‍රායෙල්, ඊජිප්තුවට පැමිණියේය.+මෙසේ යාකොබ්, හාම් දේශයේ+ විදේශිකයෙකු ලෙස ජීවත් වුණේය. 24  දෙවි තම සෙනඟව ගණනින් වැඩි වීමට සැලැස්වූවේය.+ඔවුන්ගේ සතුරන්ට වඩා ඔවුන්ව බොහෝ සෙයින් බලවත් කළේය.+ 25  තම සෙනඟට වෛර කරමින්ඔවුන්ට විරුද්ධව කූට උපායන් යෙදීමට+ දෙවි ඊජිප්තුවරුන්ට ඉඩහැරියේය.+ 26  ඔහු තම සේවකයා වූ මෝසෙස්වද+තමන් තෝරාගත් ආරොන්වද+ ඔවුන් වෙතට යැව්වේය. 27  ඔවුහු දෙදෙනා දෙවි දුන් ලකුණු ඊජිප්තුවරුන්ට පෙන්වූවෝය.+හාම් දේශයේදී ඔවුහු ආශ්චර්යයන් සිදු කළෝය.+ 28  දෙවි පැවසූ ආකාරයටම ඔවුහු දෙදෙනා ක්‍රියා කළෝය.+දෙවිගේ අණ පරිදි දේශය ගන අඳුරෙන් වැසී ගියේය.+ 29  ඔහු ඊජිප්තුවරුන්ගේ සියලු ගංගාවන් ලේ දහරාවන් බවට පත් කළේය.+එහි සිටි මත්ස්‍යයෝද විනාශ වී ගියෝය.+ 30  ඔවුන්ගේ දේශය මැඩියන්ගෙන් පිරී ගියේය.+රජවරුන්ගේ කාමරවලට පවා උන් ඇතුල් වුණෝය. 31  ඔහු අණ කළ විට ගඩු මැස්සෝ රංචු පිටින් පැමිණ දේශය වසාගත්තෝය.+ඔවුන්ගේ සෑම පළාතක්ම වැලි මැක්කන්ගෙන් පිරී ගියේය.+ 32  හිම කැට වර්ෂාවක් ඔවුන්ගේ දේශයට ඇද හැළෙන්නට ඔහු සැලැස්වූවේය.+ඔවුන්ගේ දේශයට ගිනිදැල් එව්වේය.+ 33  ඔවුන්ගේ මිදිවැල්වලටද අත්තික්කා ගස්වලටද ඔහු පහර දුන්නේය.ඔවුන්ගේ දේශයේ තිබූ ගස් වැල් සියල්ල විනාශ කර දැමුවේය.+ 34  ඔහු අණ කළ විට පළඟැටි රංචු දේශයට පැමිණියෝය.+ගණන් කිරීමට බැරි තරම් විශාල ප්‍රමාණයකින් යුත් පළඟැටි සේනාවක් දේශය පුරා පැතිර ගියෝය.+ 35  ඔවුන්ගේ වගාබිම් සියල්ල උන් විනාශ කර දැමුවෝය.+ගස් වැල්වල සියලු පලදාවද උන් කා දැමුවෝය. 36  දෙවි ඔවුන්ගේ සියලු කුලුඳුලන්ට පහර දුන්නේය.+ඊජිප්තුවරුන්ගේ කිසිම කුලුඳුලෙක්ව ඔහු ඉතුරු නොකළේය.+ 37  ඔහු තම සෙනඟව දේශයෙන් පිටතට ගෙනාවේය. ඔවුහු රන්ද රිදීද රැගෙන පිටත්ව ආවෝය.+ඔහුගේ ගෝත්‍ර අතරේ දුර්වල කිසිවෙක් නොසිටියේය. 38  ඊජිප්තුවරු ඔවුන් නිසා මහත් බියකින් වෙළී සිටියෝය.+එබැවින් ඔවුන් පිටත්ව ගිය විට ඔවුහු ප්‍රීති වූහ. 39  ඔහු තිරයක් ලෙස වලාකුළක් තැබුවේය.+රාත්‍රියේදී ගින්නක් මගින් ඔහු ඔවුන්ට එළිය ලබා දුන්නේය.+ 40  ඔවුන් මස් ඉල්ලූ විට ඔහු ඔවුන්ට වටුවන් සැපයුවේය.+ස්වර්ගයෙන් ආහාර සපයා ඔහු ඔවුන්ව තෘප්තිමත් කළේය.+ 41  ඔහු පර්වතය විවර කර ජලය ගලා ඒමට සැලැස්වූවේය.+එයින් නික්මුණු ජලය වියළි දේශයන් හරහා ගලා ගියේය.+ 42  ඔහු තම සේවකයා වූ ආබ්‍රහම්ට දුන් ශුද්ධ පොරොන්දුව සිහි කළේය.+ 43  ඔහු තම සෙනඟව ඉතා සතුටින් ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාවේය.+ඔහු තෝරාගත් අය ප්‍රීති ඝෝෂා නඟමින් දේශයෙන් පිටතට ආවෝය.+ 44  වෙනත් ජාතීන්ට අයත් දේශයන් ඔහු ඔවුන්ට හිමි කර දුන්නේය.+ජාතීන් වෙහෙස මහන්සියෙන් උපයාගත් දේ ඔවුන්ට අයිති විය.+ 45  ඔහු එසේ කළේ ඔවුන් ඔහුගේ අණපනත් පිළිපදින පිණිසත්+ඔහු දුන් නීති රක්ෂා කරන පිණිසත්ය.+ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+

පාදසටහන්

ලෙවී 26:26හි පාදසටහන බලන්න.