ගීතාවලිය 102:1-28

දැඩි කනස්සල්ල නිසා ශක්තිය හීන වූ තැනැත්තෙක් ඔහුගේ දුක් කරදර සියල්ල යෙහෝවා දෙවිට පවසමින් කළ යාච්ඤාවකි.+ 102  යෙහෝවා දෙවියනි, මාගේ යාච්ඤාව අසන්න.+උපකාරය ඉල්ලා මා හඬා වැලපෙන විට ඊට සවන් දෙන්න.+   මම පීඩාවලින් හෙම්බත් වී සිටින විට මා වෙතින් ඔබේ මුහුණ ඉවතට හරවා නොගන්න.+මා වෙතට ඔබේ සවන් යොමු කරන්න.+මා ඔබට හඬගසන විට ප්‍රමාද නොවී මට පිළිතුරු දෙන්න.+   ගසාගෙන යන දුමක් සේ මාගේ ජීවිතේ දවස් අවසන් වී යන්නේය.+මාගේ ඇටකටු ගිනි කබලක් මෙන් දැවෙන්නේය.+   දැඩි හිරු රශ්මිය නිසා වියළී යන තණකොළ මෙන් මාගේ සිතද මලානික වී ඇත.+කුස පුරවාගැනීමට අවශ්‍ය බවවත් මට සිහි නොවීය.+   මාගේ සුසුම්ලෑම් නිසා+මාගේ සම ඇටකටුවලටම ඇලී ඇත.+   මාගේ තත්වය පාළුකරයේ සිටින පැස්තුඩුවෙකුට සමානය.+පාළු තැන්වල වෙසෙන බස්සෙකුට සමානය.   මම වැහිරී ගොස් ඇත.මා දැන් පියස්සක් මත තනි වී සිටින කුරුල්ලෙකු මෙනි.+   මාගේ සතුරෝ දවස පුරාම මාව නින්දාවට ලක් කරති.+ඔවුහු අන් අයට ශාප කරන විට මට සිදු වූ දේ යොදාගනිති.+   කෑම මෙන් මම අළු කෑවෙමි.+මා බිවූ පානයට මාගේ කඳුළුද මිශ්‍ර වී තිබිණ.+ 10  මේ සියල්ල ඔබේ උදහස නිසාය. ඔබ මට පහර දුන් නිසාය.+ඔබ මාව ඔසවා බිම හෙළූ නිසාය.+ 11  මාගේ ජීවිතය බැස යන හිරුත් සමඟම නොපෙනී යන සෙවණැල්ලක් මෙනි.+තණකොළ මෙන් මමද මැලවී සිටිමි.+ 12  නමුත් යෙහෝවා දෙවියනි, ඔබ සදහටම ජීවත් වන්නෙහිය.+සදා නොමැකෙන ඔබේ නාමය පරම්පරාවෙන් පරම්පරාවට පවතින්නේය.+ 13  ඔබ නැඟී සිට, සියොන් නුවරට දයාව පෙන්වන්නෙහිය.+මන්ද ඇයට කරුණාව පෙන්වීමට කාලය පැමිණ තිබේ.එසේය, නියමිත කාලය පැමිණ තිබේ.+ 14  ඔබේ සේවකයෝ සියොන්හි නටබුන්වලට පවා ප්‍රිය කරති.+එහි දූවිල්ලටද ඔවුහු ආදරය කරති.+ 15  ජාතීන්ට යෙහෝවා යන දෙවිගේ නාමය කෙරෙහිද+පොළොවේ සියලු රජවරුන්ට ඔහුගේ තේජස කෙරෙහිද ගරුබියක් ඇති වන්නේය.+ 16  යෙහෝවා දෙවි නිසැකවම සියොන් නුවර නැවත ගොඩනඟන්නේය.+ඔහු තම තේජසින් එහි පෙනී සිටිනු ඇත.+ 17  සියල්ල අහිමි වූ අසරණයන්ගේ යාච්ඤාවලට ඔහු නිසැකවම සවන් දෙන්නේය.+ඔහු ඔවුන්ගේ කන්නලව් හෙළා නොදකින්නේය.+ 18  මෙය ලියා තිබෙන්නේ මතු පරම්පරාව සඳහාය.+මතු පැමිණෙන පරම්පරා* යෙහෝවා දෙවිට ප්‍රශංසා කරනු ඇත.+ 19  ඉහළ පිහිටි තම ශුද්ධස්ථානයේ සිට ඔහු පහත බැලුවේය.+එසේය, යෙහෝවා දෙවි ස්වර්ගයේ සිට පොළොව දෙසට තම දෑස් යොමු කළේය.+ 20  ඔහු එසේ කළේ සිරකරුවාගේ සුසුම්ලෑමට ඇහුම්කන් දෙන පිණිසය.+මරණයට නියම වූ අයව නිදහස් කරන පිණිසය.+ 21  එවිට සියොන්හිදී යෙහෝවා යන ඔහුගේ නාමය ප්‍රකාශ වන්නේය.+යෙරුසලමේදී ඔහුට ප්‍රශංසා කරනු ලබන්නේය.+ 22  සියලු වැසියෝදසියලු රාජ්‍යයන්ද යෙහෝවා දෙවිට නමස්කාර කරන පිණිස+ එක් රැස් වන්නෝය.+ එසේ ඔවුහු එක්ව දෙවිට ප්‍රශංසා කරන්නෝය. 23  මාගේ ජීවිත ගමනේ අතරමඟදී ඔහු මාගේ ශක්තිය මාගෙන් ඉවත් කළේය.+මාගේ ජීවිතය කෙටි කළේය.+ 24  එවිට මම මෙසේ කීවෙමි. “අනේ මාගේ දෙවියනි,මහලු වයසට පෙර මාගේ ජීවිතය මාගෙන් තුරන් වී යෑමට ඉඩ නොදෙන්න.+ඔබේ පැවැත්ම සදාකාලිකය.+ 25  ඈත අතීතයේදී ඔබ පොළොවේ අත්තිවාරම් දැමුවෙහිය.+ඔබේ දෑතින් අහස නිර්මාණය කළෙහිය.+ 26  ඒ සියල්ල නැති වී ගියත් ඔබ සදහටම පවතින්නෙහිය.+ඒවා වස්ත්‍රයක් මෙන් දිරාපත් වී යන්නේය.+කාලය ඉකුත් වූ විට වස්ත්‍ර මාරු කරන්නාක් මෙන් ඔබ ඒවා මාරු කරන්නෙහිය.+ 27  නමුත් ඔබ කිසිදාක වෙනස් නොවන්නෙහිය. ඔබේ පැවැත්මද කිසිදා කෙළවර නොවන්නේය.+ 28  ඔබේ සේවකයන්ගේ පුත්‍රයෝ ඔබ ඉදිරියේ ස්ථිර ලෙස පිහිටුවනු ලබන්නෝය.+ඔවුන්ගෙන් පැවතෙන්නෝද සැමදා සුරක්ෂිතව වාසය කරන්නෝය.”+

පාදසටහන්

මූ.අ., “නිර්මාණය කිරීමට නියමිත සෙනඟ.”